අත්වල ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ක්‍රම 6 ක්.

කාන්තාවන් ලස්සන වෙන්න බොහෝ දේ කරනවා. කාන්තාවන් ලස්සන වෙන්න ඉතින් බොහෝම කැමතීනේ. කාන්තාවන් ලස්සන වෙන්න කියල කරන තවත් දෙයක් තමා මේ රෝම ඉවත් කිරීම කියල කියන්නේ. බොහෝ විට දෑත් වල රෝම ඉවත් කිරීම ඔවුන් අතර බොහෝ ප්‍රසිද්ධයි. බොහෝ දෙනා මේ සදහා භාවිතා කරන්නේ රේස‍ර් එක. ඒ උනාට රේසර් එකෙන් ඔබේ දෑත් වල රෝම ඉවත් කිරීම ඔබේ සමට නම් ඇත්තෙන්ම සුදුසු නෑ. ඉතින් මේවා කරන්න ඕන් නෑ, ඔබට ස්වභාවිකවම ඔබේ අනවශයය රෝම ඉවත් කර ගත හැකි ආකාර කිහිපයක් තමා අද අපි ඔබට අරගෙන ආවේ. කියවලම බලන්නකෝ. ඔබටත් මෙය බොහෝ වැදගත් වේවි.

01. Chamomile තේ

විස්මය දනවන ගුණ සහිත මෙම තේ විශේෂය පානය කිරීමෙන් සමට ඉතා උසස් ප්‍රතිඵල ලැබෙනවා. කාන්තා සිරුරේ රෝම ඉවත් කිරීමට සහය වෙනවා. උණු වතුර කෝප්පයකට Chamomile තේ ටිකක් දමා තැම්බෙන්න හරින්න. ඉන්පසු තේ ටික පෙරා වෙන්කරගෙන නිවෙන තෙක් තබන්න. ඉන්පසු අත්වල ආලේප කර, වියළුණු පසු පිරිසිදු සීතල වතුරෙන් සෝදා හරින්න. කල් ගත වනවාත් සමඟ දෑත්වල රෝම සිහින් වේවි. මෙමඟින් දෑත්වල රෝම ඉවත්කර ගත හැකියි.

02. ලෙමන් යුෂ

ලෙමන් සතුව දෑත්වලට විරංජනය කරන ලද පෙනුමක් ලබාදීමේ හැකියාව පවතිනවා. ලෙමන් ගෙඩියක් මිරිකා යුෂ ටිකක් ගෙන දෑත්වල ගල්වන්න. විනාඩි  15-20ක් තියෙන්නට හරින්න. මෙම සත්කාරය සිදු කරන විට ඉර එළියට නිරාවරණය වෙන්න එපා. සංවේදී සමක් තියෙන කෙනෙක් නම් ලෙමන් වලට මී පැණි ස්වල්පයක් එක්කිරීමෙන් අනතුරුව ආලේප කරන්න. 

03. ගස්ලබු- කහ ආලේපය 

මෙම සත්කාරය සකස් කරගැනීම සඳහා අමු ගස්ලබු පේස්ට් සහ කහ කුඩු අවශ්‍ය වෙනවා. ගස්ලබු පේස්ට් හැදි 2කට, කහ කුඩු හැදි 1/2ක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දෑත් සහ දෙපා වල ආලේප කර මිනිත්තු 15ක් තියෙන්න හරින්න. සතියකට වතාවක් මෙම සත්කාරය සිදු කරන්න. මෙමඟින් සිරුරේ රෝම ඉවත් කරගැනීමට මෙන්ම කල් ගත වන විට සම්පූර්ණයෙන්ම සිරුරේ තිබෙන හිසකෙස් ඉවත් කර ගැනීමට උදව් වෙනවා.

04. සීනි

මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් නිවසේදීම සිරුරේ අනවශ්‍ය රෝම ස්වභාවිකව සහ වේදනාව අවම වන පරිදි ඉවත් කරගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ සීනි කෝප්ප 1ක්, නැවුම් ලෙමන් යුෂ කෝප්ප 1/4ක් සහ ජලය කෝප්ප 1/4ක් පමණයි. අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර මද උණුසුමෙන් තම්බාගන්න. මිශ්‍රණය දුඹුරු පාටට හැරෙන තුරු දිගටම බීට් කරන්න. නිවෙන්නට ඉඩ දී භාජනයකට දමාගන්න. අවශ්‍ය ප්‍රදේශයේ මෘදුව ආලේප කර මද වෙලාවක් තබා wax strips අදින ආකාරයටම ඒවා අදින්න.

05. සෝයා නිෂ්පාදන

සෝයා නිෂ්පාදන මඟින් ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තියෙනවා. ඒත් මේවා ආහාරයට ගැනීමෙන් ශරීරයේ අනවශ්‍ය රෝම වර්ධනය වීම පාලනය කරගත හැකි බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අධ්‍යන වලින් තහවුරු වී ඇති අන්දමට සෝයා පරිභෝජනය කිරීමෙන් ශරීරයේ රෝම වල මානය, එනම්  ප්‍රමාණය අවම කරගත හැකියි. 

06. ඇසුරුම් කරන ලද කිරි- පිටිකිරි

මේස හැදි 2කට පිටි තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඝන ආලේපයක් සකස් කරගන්න. රෝම ඉවත් කල යුතු තැන්වල, එනම් මුහුණේ, දෑත්වල සහ දෙපාවල ආලේප කරන්න. මිනිත්තු 10-15ක් තියෙන්නට හැර වතුරෙන් සෝදා හරින්න. කිරි ඇතුළු අනෙකුත් කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීම මඟින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම අවම වන නිසා කාන්තා සිරුරේ රෝම වර්ධනය වීම අවම වෙනවා. මෙම මිශ්‍රණය සකස් කරන විට අවශ්‍ය නම් කහ කුඩු මිශ්‍ර කරන්න පුළුවන්. ඇත්තටම මෙම සත්කාරයෙන් සම්පූර්ණයෙන්ම රෝම ඉවත් වී යන්නේ නැහැ, රෝම සිහින් වෙනවා.

Related posts

Leave a Comment