ශක්තිමත් දිග නියපොතු ඉක්මනින් වැවීමට ක්‍රම 7 ක්.

නිරෝගී, ශක්තිමත් සහ දිගු නියපොතු ලබාගැනීම සෑම කාන්තාවකගේම සිහිනයක්. ඒත් සමහර වැරදි රූපලාවන්‍ය සත්කාර හේතුවෙන් නියපොතු වියළී වර්ධනය වීම මන්දගාමී වෙනවා. වාසනාවට නියපොතු වර්ධන වේගය වැඩි කරගෙන බැබලෙන ශක්තිමත් නිය පෙළක් ලබාගත හැකි උපක්‍රම කීපයක් ම තියෙනවා. 

නිය වර්ධන වේගයට සාධක කීපයක්ම බලපානවා: වයස, ලබාගන්නා ඖෂධ, හෝමෝන සහ සෞඛ්‍ය ගැටළු යනාදිය. ඔයාගේ නියපොතු ඉක්මනින්ම කැඩී යනවා නම්, නිවසේදී සත්කාර කිරීමට කලින් විශේෂඥයෙකු හමුවී මෙයට හේතුව අනාවරණය කරගන්න.

01. නියපොතු නිවැරදිව පීරිගාන්න.

පියවර 1: නියපොත්ත මුදුනෙන් පීරිගෑම ආරම්භ කරන්න. අවශ්‍ය ප්‍රමාණයට කෙටි කරගත් පසු නියපොත්තට ලම්භකව සිටින සේ පීර අල්ලාගන්න.

පියවර 2: පීර නියපොත්තේ දෙපසට ගෙනයන්න.

පියවර 3: අවසාන වශයෙන්, කැමති හැඩය ලැබෙන තෙක් නියපොතු කෙලවර මෘදු කරන්න.

වැදගත්: නියපොතු කෙලවර අනවශ්‍ය පරිදි පීරිගාන්න එපා.  

එසේ නොවුණහොත්, නියපොතු නැමෙන අතර ඉක්මනින් කැඩී යනවා. 

පීරිගෑමට පෙර නියපොතු වියළි ව පවතිනවා කියා තහවුරු කරගන්න. තෙත නියවල වතුර අවශෝෂණය වී ඇති බැවින් ඒවා වඩා මෘදු නිසා පහසුවෙන්ම කැඩී යනවා. 

නියපොතුවලට හානි නොවන පරිදි මෘදු පීරක් භාවිතා කරන්න. ඒ වගේම ඉදිරියට සහ පිටුපසට පීරි ගාන්නේ නැතිව එකම දිශාවකට පීරිගාන්න.

02. නියමහ පාහින්න එපා.

නියපොතු ආරක්ෂා කරමින් සජලව පවත්වා ගැනීමට නියමහ උදව් වෙනවා. ඒ වගේම නිය තුලට බැක්ටීරියා ඇතුලත් වීම වලක්වා ගන්නේද මෙය මඟිනි. මේ නිසා නියමහ පාහින්නේ හෝ අත්වලින් හාරන්නේ නැතිව මෘදුව පිටුපසට තල්ලු කරන්න.  

නිය වර්ධනය කරගැනීමට සහ නියමහ මොයිස්චරයිස් කරගැනීමට දිනකට දෙවරක් නියමහ තෙල් ආලේප කරන්න. 

03. කර්කශ රසායනික ද්‍රව්‍ය අන්තර්ගත නිය ආශ්‍රිත රූපලාවන්‍ය නිෂ්පාදන ඉවත් කරන්න. 

වඩා මෘදු බැවින් ජලය- පදනම් වූ නිය ආලේපන භාවිතා කරන්න. නියපොතු වර්ධනය කරගැනීමට අවශ්‍ය නම් ඒවා වියලීමට ඉඩ නොදී, නිය ආලේපන භාවිතා මොකර සිටිනවා නම් වඩා හොඳයි. 

කර්කශ නිය ආලේපන ඉවත් කරනයන් භාවිතා කිරීමෙන් නියපොතු අනවශ්‍ය ලෙස වියලිමට් ලක්වන අතර ඒවාට හානි වෙනවා. ඇසිටෝන් අන්තර්ගත නිෂ්පාදන භාවිතා කරන්න එපා. මෙය භාවිතා කිරීම හැර වෙනත් විසඳුමක් ඇත්තේම නැත්නම් නියපොතු එම ද්‍රාවණයේ පොඟවන්නේ නැතිව කපු පෑඩ් එකක් එහි පොඟවා නියපොතු පිසදමන්න. 

04. යම් යම් ආහාර පරිභෝජනය කරන්න.

පෝෂ්‍ය පදාර්ථවලින් පිරුණු හොඳ සමබර ආහාර වේලක් මඟින් නිය වර්ධනය කරගැනීමට මෙන්ම ශක්තිමත් කර ගැනීමට උදව් වෙනවා. පහත පෝෂ්‍ය පදාර්ථ ඔයාගේ එදිනෙදා ආහාර වේලට එකතු කරගන්න.

බයෝටීන් (ඇට වර්ග, සැමන්, බීජ)

ප්‍රෝටීන් (කුකුළු මස්, තෙල් රහිත හරක් මස්, රටකජු)

ෆෝලික් අම්ලය (පලා වර්ග, අලිගැට පෙර, ග්‍රීන් පීස්)

විටමින් A (කැරට්, වට්ටක්කා, ඇපල්)

විටමින් C (පැඟිරි පලතුරු, තක්කාලි, ස්ට්‍රෝබෙරි)

05. නිය ආරක්ෂා කරගන්න.

සබන් සහ පිරිසිදුකාරක ඇතුළු රළු රසායනික සංයෝගවලට නියපොතු නිරාවරණය ඉඩ දෙන්න එපා. කැඩී යාම මෙන්ම හානි වීමට විරුද්ධව අඩු ප්‍රතිරෝධයක් ඇතිවන නිසා රළු වැඩ සඳහා නිය භාවිතා කරන්න එපා. මේ නිසා නිවසේ එවැනි වැඩක් කරන විට අත්වැසුම් පළඳින්න, එසේ නැත්නම් ආරක්ෂක නිය ආලේපන භාවිතා කරන්න. 

06. අනවශ්‍ය පරිදි දෑත් සහ නිය වියළීමෙන් වලකින්න.

නිතරම හෑන්ඩ් සැනිටයිසර් වගේ සම වියළන ද්‍රව්‍ය භාවිතා කරනවා නම් උවමනාවට වඩා වැඩියෙන් භාවිතා කරන්න එපා, ඒ වගේම දෑත්, නියපොතු සහ නියමහ නිසි පරිදි මොයිස්චරයිස් කරන්න. සජලන නිෂ්පාදන තුල තෙතමනය රඳා පවත්වන, නියපොතු ශක්තිමත් කරවන අමුද්‍රව්‍ය අන්තර්ගතයි.

07. නිවසේදීම විවිධ පිළියම් උත්සහ කර බලන්න.

නිවසේදීම සකස් කරගත හැකි අත්‍යවශ්‍ය විටමින් අඩංගු ස්වභාවික පිළියම් මඟින් නියපොතුවල තත්වය වර්ධනය කරගත හැකි අතර වඩා ශක්තිමත්, තෙතමනය සහිත, ස්වාභාවික දිස්නය සහිත නියපොතු ලබාගත හැකි වනවා. තෙල්, මුහුදු ලුණු, ලෙමන් යුෂ, ඇපල් සයිඩර් විනාකිරි භාවිතා කර සකස් කරගන්නා පිළියම් අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තෙක් නිතරම භාවිතා කරන්න.  

අමතර: නිය ශක්තිමත් කරගැනීමට භාවිතා කල හැකි ඵලදායී උපක්‍රම 3ක් 

ලෙමන් යුෂ සහ ඔලිව් ඔයිල්වල පෙඟවිම.

අමුද්‍රව්‍ය:

ලෙමන් යුෂ මේස හැන්දක් 

ඔලිව් ඔයිල් මේස හැඳි 3ක් 

අමුද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා මිශ්‍ර කර, ගොඩක් රත් කරන්නේ නැතිව මදක් උණුසුම් කරගැනීමට තත්පර 20ක් මයික්‍රොවේව් කරන්න. නියපොතු එහි බහාගෙන මිනිත්තු 10ක් ඉන්න. කඩදාසි තුවායකින් දෑත් තෙත මාත්තු කර ඉතිරි වූ තෙල් භාවිතා කර නියපොතු සම්බාහනය කරන්න. හැමදාම මේ ආකාරයට සිදු කරන්න. 

ලෙමන් යුෂ මඟින් නියපොතු වර්ධනය වේගවත් වන අතර පිරිසිදු වෙයි.

පොල් තෙල් 

අමුද්‍රව්‍ය:

අති පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් 

නින්දට යාමට පෙර පොල් තෙල් ස්වල්පයක් මයික්‍රොවේව් කර රත් කරගෙන, එය භාවිතා කර නියපොතු සහ නියමහ මෘදුව සම්බාහනය කරන්න. වඩා හොඳ ප්‍රතිඵල සඳහා, කපු අත්වැසුම් දෙකක් දමාගන්න. හැම රැයකම සිදුකරන්න. 

පොල් තෙල් නියපොතු සහ නියමහ මොයිස්චරයිස් කිරීමට උදව් වෙනවා.

මුහුදු ලුණු වල පෙඟවිම 

අමුද්‍රව්‍ය:

උණු වතුර පිරවූ බඳුනක් 

මුහුදු ලුණු ස්වල්පයක් 

ඔලිව් ඔයිල් මේස හැන්දක් 

මුහුදු ලුණු සහ ඔලිව් ඔයිල්, උණු වතුර සමඟ මිශ්‍ර කර, නියපොතු මිනිත්තු 10ක් පොඟවාගන්න.
මුහුදු ලුණු නියපොතුවල තෙතමනය රඳවාගන්නා අතර ශක්තිමත් කරවනවා.

Related posts

Leave a Comment