‘යාස්’ චණ්ඩ වී ඉන්දියාව දෙසට

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද (26) දිනයේදී ‘යාස්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. දිවයින හරහා පැයට කිලෝමීටර් 50, 60 පමණ වේගවත් සුළං හැමිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා වැඩිවිය හැකි බවද ඔවුන් පවසා සිටී. ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙහි නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දී ඇති බව කියා සිටි එම දෙපාර්තමේන්තුව එල්ටන් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 175. 5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් නාවලපිටිය, කන්දල්ඔය වත්තට මිලිමීටර් 175 ක වර්ෂාපතනයක් ද කළුපහන ප්‍රදේශයට මිලිමීටර් 150 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද පැවැසීය.

Related posts

Leave a Comment