ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනයට ඔස්ට්‍රේලියාවෙන් කෝටි 83ක්

ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහන වෙනුවෙන් රුපියල් ලක්ෂ 8,360ක (ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 55ක) මුදලක් ලබාදීමටයි. ඒ අනුව අදාළ මුදල ශ්‍රී ලංකාවට පිරිනමන බවට ඔස්ට්‍රේලියානු විදේශ ඇමැති මරිස් පෙයින් ප්‍රකාශ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. මෙම වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය පුළුල් කිරීම වෙනුවෙන් මෙම මුදල් පරිත්‍යාග කරන බවද පවසන එම මහකොමසාරිස් කාර්යාලය ඔස්ට්‍රේලියාව විසින් ඉන්දීය සාගර කලාපයේ පිහිටි අසල්වැසි රටවල්වල කොවිඩ් ව්‍යවසන බලපෑම අවම කිරීමට ලබාදෙන සහන පැකේජයෙ කොටසක් ලෙස මෙම ආධාර මුදල ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා පියවර ගෙන තිබෙන බවද කියාසිටී.

ඉදිරිපෙළ සේවා සපයන්නන් රැක ගැනීමටත්, වර්තමාන සහ අනාගත වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ හැකියාව පුළුල් කිරීමට මේ නව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට උපකාර වන අතර සහයෝඟය අත්‍යවශ්‍ය වන පරිස් වෙත එම සහාය ලැබීම තහවුරු කරමින් ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ සමීපව කටයුතු කරන බවද ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය කියයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන කොවිඩ් -19 තත්ත්වය වටහාගෙන සිටින ඔස්ට්‍රේලියාව ඊට සහායදීමට සූදානමින් සිටින බවයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 117 ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 178ක් වේ.

Related posts

Leave a Comment