”කොවිෂීල්ඩ්” සහ ”සයිනොෆාම්” එන්නත් මිලියන ගනනක් මිල දී ගන්න අනුමැතිය

රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් වශයෙන් එලෙස මිලදී ගැනීමට තීරණය වී තිබේ. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමි වූ බව වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කොවිඩ්-19 වසංගත තත්තවය පාලනය කිරීම සඳහා මේ වසර අවසාන වීමට පෙර සමස්ත ජනගහනයෙන් සියයට 60ත් 70ත් අතර පිරිසකට එන්නත්කරණය කිරීමට රජය තීරණය කර ඇති බව ද වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියේය. ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ එක් එන්නතක් ඇමරිකානු ඩොලර් 15ක මුදලකට මිලදී ගැනීමට කටයුතු සැළසුම් කර ඇති බවයි.

Related posts

Leave a Comment