පනස් හැවිරිදි ගොල්ෆ් ක්‍රීඩකයා වසර 52ක් පැරැණි වාර්තාව බිඳ දමයි

අන්තර්ජාතික ගොල්ෆ් තරග බිමේ ප්‍රධාන ශූරතාවක් දිනා ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස අමෙරිකාවේ ෆිල් මිකල්සන් වාර්තාපොතට එක් විය. අමෙරිකානු පීජීඒ ගොල්ෆ් තරගමාලාව යටතේ කොවිඩ් සෞඛ්‍ය නිර්දේශ මත මේ තරගාවලිය පැවැත්වූයේ නරඹන්නන්ගෙන් තොරවය. 50 හැවිරිදි මිකල්සන් ප්‍රධාන මට්ටමේ ගොල්ෆ් ශූරතාවක් දිනූ 6 වැනි අවස්ථාව මෙය වූ අතර, ඔහු අවසන් වරට එවැනි ජයග්‍රහණයක් වාර්තා කළේ මීට වසර අටකට පෙරය. මිකල්සන් විසින් බිඳ දමනු ලැබුවේ ගොල්ෆ් ශූරතාවක් දිනූ වයස්ගතම ක්‍රීඩකයා ලෙස 1968 වසරේදී එංගලන්තයේ ජුලියස් බොරොස් තැබූ වාර්තාවය. එම වාර්තාව තබද්දී බොරොස් 48 හැවිරිදි වියෙහි පසුවූ අතර, මිකල්සන් මෙලොව එළිය දුටුවේ ඊට වසර තුනකට පසුවය.

‘මගේ පෞද්ගලික හා ක්‍රීඩා ජීවිතයේ මම පරාද වුණු අවස්ථා එමටයි. ඒ හැම අවස්ථාවකදීම මම බොහෝ දේ ඉගෙන ගත්තා. පරාජයෙන් පසුතැවිලි නොවී ජයග්‍රහණය දක්වා ඉදිරියට යෑමට මම ඒක ශක්තියක් කර ගත්තා.‘ ජයග්‍රහණයෙන් පසු මිකල්සන් කළ ප්‍රකාශය බොහෝ පරාජිතයන්ට උදාන වැකියක් වනු ඇතැයි විචාරකයෝ කියති.

Mickelson National Golf Club | Phil Mickelson
More TV networks should line up to land Phil Mickelson
What Does Phil Mickelson Actually Pay in Taxes?
Blast from past as Mickelson opens with 64 at Quail Hol... | AccessWDUN.com

Related posts

Leave a Comment