අද ප්‍රදේශ රැසකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිවේදනය කලේ නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව සඳහන් කරනවා. සබරගමුව පළාතේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි. උතුරු මැද පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 70 දක්වා වැඩිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

Leave a Comment