ගිණි ගනිමින් තිබූ නැව පුපුරයි – නාවිකයෝ 27 බේරාගනිති : කන්ටේනර් 8ක් මුහුදට වැටිලා

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප‍්‍රස් පර්ල් ’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බැවින් එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
 කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පාවෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.
 
 මෙවැනි දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ‍්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලිසියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙයි.
 
 මෙම නෞකාවේ ඊයේ (25) පෙරවරුවේ පිපිරීමත් සමග කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති අතර එහි සේවය කළ ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනකු තුවාල ලබා නාවික හමුදාවෙන් බේරා ගැනීමෙන් අනතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. එසේම එහි සේවය කළ සෙසු නාවිකයින් 25 දෙනාද නාවික හමුදාව විසින් ආරක්ෂාකාරීව ගොඩබිමට ගෙනවිත් තිබේ

Related posts

Leave a Comment