එකපාරට ට්‍රෙන්ඩ් උන හරි අමුතු විලාසිතා 12 ක්.

විලාසිතා කියන්නේත් එක වෙලාවකට පිස්සුවක් වගේනෙ. එක එක කාලෙට එක එක විලාසිතා පැමිණෙනවා. මේ පැමිණෙන හැම විලාසිතාවම කරන අයත් ඔන තරම් ඉන්නවා. මේවා තමන්ට ගැළපෙනවද නැද්දවත් බලන් නැතුව තමා බොහෝ අය මේ විලාසිතා කරන්නේ. මේ නිසා විලාසිතා කිරීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕන. අද අපි ඔබට අරගෙන ආවේ හරිම අපූරු දෙයක්. ඔබත් එක එක විලාසිතා දැකල ඇති. ඒත් බලන්නකෝ අද අපි අරගෙන ආවා වගේ විලාසිතා ඔබ දැකල තියෙනවද කියල. මේ විලාසිතා නම් හරිම අමුතුයි.

12. නෙට් ජීන්ස්

මෙයත් කාලෙන් කාලෙට පැමිණෙන ජීන්ස් අතර බොහෝ ජනප්‍රිය වුනු විලාසිතාවකි. මේ ඉරිණු ඩෙනිම ආවරණය කර ඇත්තේ නෙට් එකකිනි. මෙයනම් විශේෂ විලාසිතාවක්ම තමා.

11. සින්ඩරෙල්ලා සපත්තු

‌බොහෝ කාන්තාවන් ආස කරන දෙයක් නේ මේ සින්ඩරැල්ලා සපත්තු. ඔන්න අපිට දැන් සින්ඩරැල්ල සපත්තු පලදින්නත් පුළුවන්. මේක සැපපහසු බවක් නම් හැබැයි පේන්න නෑ. ඒ වගේම මේක ටිකක් අමුතු නිසා පාරේ දාගෙන යන එකත් ටිකක් අපහසු වෙන්න පුළුවන්.

10. Suspender jeans

මේක ඔබ දැකල තිබෙන අමුතුම ජීන්ස් එක කියල කිව්වොත් මන් වැරදි නම් නැතුව ඇති. මේකෙ හැබැයි පොඩි වාසියකුත් තිබෙනවා. ඒ තමා මේක ඉවත් කිරීම නම් හරිම පහසුයි.

09. විවෘත උරහිස් කබායක්

ඔබට සිතෙන් නැද්ද මේ කබාය අපි උඩ සදහන් කල ජීන්ස් එකත් එක්ක හොදට යනව කියල. මේක ඔබ ඇදන් ගියොත් නම් ඔබට ඇත්තෙන්ම හොද අවධානයක් ගන්න හැකි වේවි.

08. Practical pantyhose

මෙය අමුතුම විලාසිතාවක්. මේකෙන් අපිට නම් තේරුණු එකම දේ නයිලෝන් තරම් ඉක්මනට ඉරෙන දෙයක් නෑ වගේ. මෙහි දක්නට ලැබෙන හිල් ඒ සදහා සාක්ෂි දරනවා.

07. පිජාමා විලාසිතාවේ ඇඳුම් කට්ටල

මෙම විලාසිතාව ටික කලකට පෙර ජනප්‍රිය වූ අපූරු විලාසිතාවක්. මේක කම්මැලි ගැහැණු ළමයින්ට නම් හරිම සතුටු හිතෙන දෙයක් වේවි. උදෑසන අවදි වෙන්න විතරයි දැන් ඔබට තියෙන්නේ.

06. ධනවතුන් සඳහා Crocs.

මෙය බ්‍රිතාන්‍ය නිර්මාණකරුවෙකු වන ක්‍රිස්ටෝපර් කේන් විසින් නිර්මාණය කරන ලද්දකි. යෙමෙකුට හිතන්න පුළුවන් මෙය විහිළුවට කරපු දෙයක් කියල මේක එහෙම එකක් නම් නෙමේ.

05. Skirt pants

‌ජීන්ස් එකක් එක්ක සායක් ඇදීම අලුත් දෙයක් නෙවේ කියල ඔබට හිතෙනවා ඇති. ඒත් මේක නම් වෙනස්ම විලාසිතාවක්.

04. ලොම් සහිත සපත්තු

ලොම් කියල කියන්නේ ඉතින් කොහොමත් සුඛෝපභෝගී ගුණාංගයක් නේ. ඒ නිසා මේ වෙද්දී නිර්මාණකරුවන් ලොම් කබා සාම්ප්‍රදායෙන් බැහැර වෙලා මේ ලොම් විවිධ දෑ සදහා භාවිතා කරල තිබෙනවා.

03. ඔබේ මුහුණට පිහිනුම් ඇඳුම් කට්ටලයක්

“ෆේස්කිනි” ලෙස තමා මෙය හදුන්වන්නේ. මෙය නිර්මාණය කරල තිබෙන්නේ ඔබේ මුහුණ සූරයයාගෙන් ආරක්ෂා කිරීම සදහා. මෙ‍ය සරල උනත් හරිම ඵලදායි ක්‍රමයක්.

02. දත් සහිත සපත්තු සහ සැන්ඩ්විච් ෆ්ලිප්-ෆ්ලොප්

ආහාර පාන සන්කේතවත් කරන මෙයත් හරිම අමුතු නිරමාණයක්.

01. Fishy flip-flops

මේවා සත්‍ය ෆ්ලිප්-ෆ්ලොප් නම් නොවේ. දිලීර නාශක ක්‍රීම් සඳහා වන දැන්වීමක කොටසක් තමා මෙය. ඉතින් නිර්මාණශිල්පීන්ටම පමණක් නොවේ නිර්මාණශි වෙන්න පුළුවන්.

බෝනස් ; යූ ටියුබ් ප්‍රවණතා

සාමාජ මාධයය අපේ ජීවිතයට කෙතරම් බලපානවද කියල ඔබ දන්නවා ඇති නේ. මේ තුළිනුත් විවිධ ප්‍රවණතා පැමිනෙනවා. මේ සෑම දෙයක් ම උත්සහ කරල බලන්න දගලන අයත් ඉතින් නැතුවම නෙවේ. මේ බොහෝ ප්‍රවණතා පැමිනෙන්නේ වේශ නිරූපණයන් සදහාය. මේවායින් පැමිණි එක් ප්‍රවණතාවයක් නම් ඔබේ බොරු ඇස් පිහාටු ගැලවීම සදහා තියුණු ආයුධ භාවිතා කිරීමයි. මෙවැනි දේ නම් ඔබ භාවිතා කිරීම සිදු කරන්න එපා.

Related posts

Leave a Comment