ඉගුරු තේ දිනපතාම පානය කිරීමෙන් ඔබේ සිරුරට සිදුවන දේවල් 6 ක්.

අප නොදන්නවා උනාට අප් මුළුතැන්ගෙයි බොහෝ වටිනා ද්‍රවයය තිබෙනවා. අපේ ශරීර සෞඛයයට බොහෝ ගුණදායී දෑ ඔබට ඔබේ මුළුතැන්ගෙයින් සොයා ගන්න පුළුවන්. ඒ අතරට වැටෙන දෙයක් තමා මේ ඉගුරු කියල කියන්නේ. ඉගුරු කියන්නේ ඔබට බොහෝ ප්‍රයෝජන ලබා දෙන දෙයක් වගේම හරිම රසවත් ආහාරයක් වගේම හොද බෙහෙතක්. ඔබ සමහර විට ඉගුරු වල තිබෙන ගුණ පිළිබද අසා තිබෙන්න ඇති. අද අපි ඔබට අරගෙන ආවේ ඉගුරු වලින් ලබා ගන්න පුළුවන් විශිෂ්ට ප්‍රයෝජන කිහිපයක් පිළිබදව. මෙය ඔබට බොහෝ වැදගත් වේවි. කියවලම බලන්නකෝ.

01. එය හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

ඉඟුරු ඉතා ප්‍රසිද්ධයි හෘද රෝග වැළැක්වීම සදහා. මේ ඉගුරු ආහාරයට ගැනීමෙන් ඔබේ හොඳ කොලෙස්ටරෝල් වැඩි වන අතරම අහිතකර කොලෙස්ටරෝල් අඩු වේ. ඒ වගේම ඔබේ රුධිර පීඩනය අඩු කිරීමටත් මීට හැකියාව ඇත.

02. එය ඔබේ බර පාලනය කිරීමට උපකාරී වේ.

ඔබේ බර පාලනය කළ නොහැකි වීමට එක් හේතුවක් වෙන්න පුළුවන් සෑම තත්පර 5 කට වරක් ආහාර ගැනීමේ ආශාව ඇතිවීම. මෙය වළක්වා ගැනීමට ඔබට හැකී ඔබ ඉගුරු තේ පානය කල විට. අධ්‍යයනවලින් හෙළි වී ඇති පරිදි මෙම කුළුබඩු මූලයට කුසගින්න මෙන්ම ආහාර පරිභෝජනය අඩු කළ හැකිය. ඒ වගේම මෙය ඔබට ඔබේ කුස පිරුණු බවක් අගවාවි.

03. එය ඔබගේ රුධිරයේ සීනි පාලනය කිරීමට උපකාරී වේ

සමහර පර්යේෂණ වලින් සොයාගෙන ඇති පරිදි දිනපතා ඉඟුරු පරිභෝජනයෙන් සති 12 ක් වැනි කෙටි කාලයක් තුළ දියවැඩියා සංකූලතා අවම කර ගැනීමට හැකිය. නමුත් ඔබේ  වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමටත් අමතක කරන්න එපා.

04. එය ඔබේ දණහිසේ වේදනාව සමනය කරයි.

දණහිස් අමාරු හෝ ආතරයිටිස් ඇති අයට සැලකිය යුතු ලෙස එහි වේදනාව අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා මාස 6 ක් ඉඟුරු අනුභව කළහොත් හෝ පානය කළහොත්.

05. එමඟින් පිළිකා වළක්වා ගත හැකිය.

ඉගුරු ඔබ පානය කලහොත් හෝ ආහාරයට ගත්තොත් එහෙම ඔබට ආමාශයික, අග්න්‍යාශයික, අක්මාවේ සහ මහා බඩවැලේ පිළිකා වැනි පිළිකා වර්ග කිහිපයක්ම ඇති වීම අවම කර ගන්න පුළුවන්.

06. එමඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවිය හැකිය.

ඔබ නිරන්තරයෙන් අසනීප වන කෙනෙක් නම් ඔබට නිතරම ඉගුරු පානය කිරීමට හෝ ආහාරයට ගැනීමට පුළුවන්. මේ තුළින් ඔබේ ප්‍රතිශක්තීකරණය ඉහළ නැන්වීම සිදු වෙනවා. මේ නිසා ඔබට ලෙඩ රෝග ඇති වීම අවම වෙනවා.

Related posts

Leave a Comment