නිල් කටරොලු මල් භාවිතයෙන් සුව කල හැකි රෝග 10 ක්.

පුරාණයේ සිටම ආයුර්වේද ඖෂධයක් ලෙස භාවිතා කරන මේවා කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යනුවෙන් හඳුන්වන අතර වැල් වශයෙන් වැඩෙනවා. මෙය විවිධ රෝග සුවපත් කිරීමට, ආගමික කටයුතුවලට, ආහාර රසකාරකයක්,වර්ණකයක් ලෙස වැඩි වශයෙන් භාවිතා වෙනවා.

විශේෂයෙන්ම බුදු රජාණන් වහන්සේට පූජා කිරීමට නිල් කටරොළු නිවෙස්වල සිටුවා තිබෙනවා. ඒවා සතුවන වර්ණවත් පැහැය හේතුවෙන් බෝධි පූජාවලට සහ විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්ට සිදු කරන පූජා සඳහා බහුලව භාවිතා වෙනවා.

අපගේ මුතුන්මිත්තන් මෙම වැල් වර්ගය, කෘෂි කර්මාන්තය ආශ්‍රිත කටයුතු වලදී කෘමීන් පලවා හැරීමට විකර්ෂකයක් වශයෙන් යොදා ගත්තේ එහි අන්තර්ගත වන විශේෂ ප්‍රෝටීනයක් හේතුවෙන්. මීට අමතරව මේවට රළු පස සරු කිරීමෙන් විශේෂ හැකියාවක් පවතිනවා. නිල් කටරොළු පුෂ්ප, මුල්, පත්‍ර, පොතු, බීජ යනාදී අංග පහේම ඖෂධීය ගුණාංග පවතින බැවින් රෝග සුව කරගැනීම සඳහා මේවා භාවිතා කරන අයුරු නිවැරදිව දැනසිටිය යුතුයි. 

නිල් කටරොළු රෝග සදහා ගැනීම 

කටරොළු රක්ත, වාත, පිත රෝග සඳහා ඉතා හොඳ ඖෂධයක් බව ආයුර්වේද වෛද්‍ය විද්‍යා ග්‍රන්ථ වල දැක්වෙනවා. 

මෙහි මුල් වියළා ගැනීමෙන් අනතුරුව කුඩු කරගන්න. හැමදාම මෙයින් ග්‍රෑම් 1-3ක් උණු ජලයේ මිශ්‍ර කර පානය කිරීමෙන් කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව ආදී සෙම් රෝග අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා. තවදුරටත් මෙහි අන්තර්ගත වන පංචාංග කොටස් තැම්බීමෙන් අනතුරුව කසාය පානය කිරීමෙන් සිරුර අභ්‍යන්තරයේ ඇති සෙම ඉවත් කරගන්න පුළුවන්. එසේ නැත්නම් මුල් වියළා කුඩු කර දුම් අල්ලන්න.

කෘමි සහ සර්ප දෂ්ඨ සඳහා විෂ නැසීමට කටරොළු මුල් කසාය භාවිතා කළ හැකියි.

අර්ශස් හේතුවෙන් ඇතිවන ලේ ගැලීම් හා අර්ශස් ගෙඩි හටගෙන ඇති තැන්වල කටරොළු පංචාංගයම ගලේ අඹරා ආලේප කරන්න.

කාන්තා සහ පිරිමි දෙපාර්ෂවයේම වඳභාවය, ගර්භාෂය ආශ්‍රිත රෝග, ආර්තව වේදනාව, සිරුරේ ඇතිවන ඉදිමුම් වේදනාවට සුවපත් කිරීමට කටරොළු කසාය හොඳම ඖෂධයකි. 

කටරොළු පත්‍ර කීපයක් අඹරා යුෂ බිඳු දෙකක් නාසයෙන් උඩට ඇදීමෙන් තදබල ඔළුව කැක්කුම සුව කරගන්න පුළුවන්.

වියළා ගත් කටරොළු මුල් සහ පොතු හොඳින් කුඩු කරගෙන මී පැණි හා ගිතෙල් මිශ්‍ර කර අනුභව කිරීමෙන් ආමාශගත තුවාල සුවපත් කිරීමට සහ ආහාර මාර්ග පද්ධතිය සෞඛ්‍ය සම්පන්න කරවනවා. මෙම ඖෂධය ගැස්ට්‍රයිටිස් සුව කරනවා. 

නිල් කටරොළු මල් පානය මඟින් වයසට යාම මන්දගාමී කර තාරුණ්‍යය රැකදෙනවා. සෞඛ්‍ය සම්පන්න දිදුලන සමක්, නිරෝගී ශක්තිමත් දිගු හිසකෙස් ලබාගැනීමට උදව් වෙනවා.

කටරොළු පානය සහ කැඳ නිතිපතා පානය කිරීමෙන් රුධිරයේ සීනී මට්ටම පාලනය කර, ප්‍රතිඔක්සිකාරක හැකියාව වර්ධනය කරවනවා. පිලිකා සෛලවලින් ශරීරය ආරක්ෂා කරනවා. මනස සැහැල්ලු කර මානසික ආතතිය සඳහා සහනයක් ලබා දෙනවා.

නිල් කටරොළු පානය සකස් කරගන්නා අයුරු 

අමුද්‍රව්‍ය: 

නිල් කටරොළු මල් 5ක්

සීනි තේ හැඳි 1ක් 

ලුණු සහ දෙහි ස්වල්පය බැගින් 

උතුරුවා ගත් ජලය වීදුරුවකට නිල් කටරොළු මල් දමා මිනිත්තු 10ක් තියන්න. මල් ටික ඉවත් කරගෙන එයට සීනි, ලුණු ,දෙහි යොදා මිශ්‍ර කිරීමෙන් අනතුරුව පානය කරන්න.

නිල් කටරොළු කැඳ සකස් කරගන්නා අයුරු

අමුද්‍රව්‍ය: 

නිල් කටරොළු යුෂ කෝප්ප 1/2ක්

කැකුලු සහල් කෝප්ප 1ක් 

මිටිකිරි කෝප්ප 1ක් 

දියකිරි කෝප්ප 4ක්

සුදු ළූනු බික් 4ක් 

සිහින්ව කපාගත් රතු ළූනු ගෙඩි 3ක්

ලුණු ස්වල්පයක්කැකුලු සහල් හොඳින් සෝදා දියකිරි වලින් තම්බාගන්න. සුදු ළූනු සහ රතු ළූනු යොදා ටික වේලාවක් තම්බාගෙන පොල් කටු හැන්දක් භාවිතා කර බත්  පොඩි කරගෙන කටරොළු යුෂ මිශ්‍ර කරන්න. රස අනුව ලුණු එකතු කර යෙදූ මිටිකිරි උතුරන අවස්ථාවේදී ලිපෙන් ඉවත් කරගන්න.

Related posts

Leave a Comment