ආණ්ඩුවට වුණේ ගලේ පැහැරූ බළලාට වුණදේ – අනුර කියයි

පාස්කු කොමිෂන් ජනාධිපති වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් පසු ආණ්ඩුවට ගලේ පැහැරූ බළලාට වුණදේ සිදුව ඇතැයි ජවිපෙ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

මෙම පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට උඩින් , වටින් හා යටින් සිටියේ කවුද යන්න අදාළ වාර්තාවෙන් හෙළිදරව් නොවීම මේ වන විට සමාජයේ දැඩි මතවාදයට තුඩු දී ඇතැයි පවසන මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණ වේදිකාවල පාස්කු ප්‍රහාරය ගැන මතු කළ කරුණු කිසිවක් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ අඩංගු නොවී ඇති බවයි. බලය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ගෝඨාභය ඇතුළු කණ්ඩායම රටපුරා විශාල ජාතිවාදය රැල්ලක් මතු කළ අතර ඊට වඳ කොත්තු, වඳ ඇඳුම් ,කාන්තාවන් වඳභාවයට පත් කරන දොස්තරවරුන් සිටින බවට විශාල ඝෝෂාවක් නිර්මාණය කළ බවත් අද වන විට එම ජාතිවාදී ඇල්ල ආණ්ඩුවටම පාරාවළල්ලක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

Leave a Comment