ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය ඇන හිට ඇති බවටයි. විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් දඹුල්ල, කුරුණෑගල‍, කෑගල්ල, කුලියාපිටිය, රත්නපුර, ඉංගිරිය සහ බළන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් 76,000ක් පමණ පීඩාවට පත්ව ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, පවතින වර්ෂාව සහ සුළං තත්ත්වයන් හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. කෙසේ වෙතත් විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

Leave a Comment