ජූනි 16දා අමෙරිකා – රුසියා නායකයන්ගේ හමුවක්

ජූනි 16 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ප්‍රධානතම ලෝක බලවතුන් දෙදෙනකු වන අමෙරිකාවේ සහ රුසියාවේ නායකයන්ගේ හමුවක් පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර තිබේ. තමා බලයට පත් වූ පසු රුසියාවේ තම ප්‍රතිමල්ලවයා සමඟ එවැනි හමුවක් පවත්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ප්‍රකාශ කළේය. G-7 නායක සමුළුව සඳහා එක්සත් රාජධානියටත් නේටෝ නායක හමුවක් සඳහා බ්‍රසල්ස් නුවරටත් යන බයිඩන්ගේ සංචාරවලින් අනතුරුව මේ නායක හමුව පැවැත්වීමට නියමිතය. මේ නිසා පුටින් සමඟ සාකච්ඡාවට ප්‍රථම තම සඟයන් සමඟ ඇති තරම් අදහස් හුවමාරු කර ගැනීමට බයිඩන්ට අවස්ථාව තිබෙන බව විචාරකයෝ කියති.

රැස්වීම නිවේදනය කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි කියා සිටියේ එක්සත් ජනපදය සිය රුසියානු සබඳතාවලට ‘පුරෝකථනය කිරීමේ හැකියාව සහ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට්‘ උත්සාහ කරන බැවින් සමුළුව ‘දැවෙන ප්‍රශ්න රාශියක්‘ ආවරණය කරන බවයි. පසුගිය සතියේ අයිස්ලන්තයේ සිය රුසියානු සහචරයා වන සර්ජි ලැව්රොව් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කළ අදහස් දැක්වීමේ ප්‍රකාශ වූයේ බයිඩන්ගේ ඉලක්කය ‘රුසියාව සමඟ පුරෝකථනය කළ හැකි, ස්ථාවර සම්බන්ධතාවක් ගොඩනැඟීම‘ බවයි.

Related posts

Leave a Comment