තවත් කොවිඩ් මරණ 29ක්

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 29 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.  ඒ අතරින් මරණ දෙකක් පමණක් ඊයේ සිදුවූ ඒවා වන අතර සෙසු මරණ 27, ඊට සතියකට පමණ පෙර කාලසීමාව තුළ සිදුවූ ඒවා බව පැවසේ. මේ සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1298ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

Leave a Comment