සෞඛ්‍ය සේවකයන්ගේ ඥාතීන්ට එන්නත්දීම වරප්‍රසාදයක් නොවේ -GMOA

සෞඛ්‍ය සේවකන්ගේ මපියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයක් නොව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත් උපාය මාර්ගික පියවරකැයි රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය කියයි.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ මාපියන් 13,000කට පමණ කොරෝනා එනනත්  ලබාදී තිබෙන බව ද  එය මෙරට පුද්ගලයන්ට ලබාදුන් මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට 1කට වඩා අඩු ප්‍රමාණයකැයි ද  රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

එහෙත් ඇතැම් වෘත්තීය සමිති නායකයින් එන්නත් ලබාගැනීම සෞඛ්‍ය සේවකයන් ලැබූ වරප්‍රසාදයක් ලෙස ආර්ථ දැක්වීමට පටන් ගෙන ඇතැයිද ලේකම්වරයා පවසයි.

Related posts

Leave a Comment