ජෝ බයිඩ්න් කොවිඩ්-19 ගැන බුද්ධි අංශ වාර්තාවක් ඉල්ලයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කොවිඩ්-19 වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් දින 90ක් තුළ දෙන ලෙස එරට බුද්ධි අංශ වෙත නියම කර ඇත. චීනයේ මුහුදු ආහාර වෙළෙඳපොළකින් මේ වයිරසය පැතිරුණු බව ජනප්‍රිය මතය වන නමුත් එක්සත් ජනපද මාධ්‍ය වාර්තාවලට අනුව චීනයේ රසායනාගාරයක වූ පිපිරීමකින් මේ වයිරසය පැතිරුණු බවටද මතයක් පවතියි. චීනය මේ මතය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. චීනයේ වූහාන් නගරයේ වයිරස් පර්යේෂණ ආයතනයේ සේවකයන් පිරිසක් 2019 වසරේ රෝගාතුර වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇතැයි අමෙරිකානු බුද්ධි වාර්තාවකට අනුව තහවුරු වී තිබෙන අතර, එම විද්‍යාගාරයේ පාලනාධිකාරිය පවසා ඇත්තේ කොවිඩ් -19 සම්බන්ධ පර්යේෂණ සඳහා තමන් සම්බන්ධ වූයේ 2019 වසරේ දෙසැම්බර් 30 වැනිදා බවයි.

Related posts

Leave a Comment