”දේශපාලන හිතවතුන්ට එන්නත දෙන හොර වැඩක්” – අශෝක් අබේසිංහ

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අනාවරණය කලේ ග්‍රාම නිලධාරී වසම්වලට අයත් නොවන දේශපාලකයන්ගේ හිතවතුන්ට කොවිඩ් එන්නත් ලබාදීමේ කූට ක්‍රියාවලියක් දියත් වන බවයි. මේ වනවිට එන්නත් කොළඹින් පිට පළාත්වල ද එන්නත් කිරීම අරඹා ඇති අතර විවිධ පළාත්වල අදාළ ග්‍රාම නිලධාරී වසම්වලින් පිට වසම්වල සිටින දේශපාලන හිතවතුන්ට, නෑදෑයන්ට මෙසේ එන්නත් ලබාදෙන බවට තමා වෙත ද තොරතුරු ලැබී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. ඔහු පැවැසුවේ, රටේ ජනගහනයෙන් වැක්සීන 50%-60%ක් පමණ ලබාදිය යුතු නමුත් මේ වනවිටත් ලබාදී ඇත්තේ 7%කට පමණ බවත් නිසි පරිදි එන්නත් ඇණවුම් කිරීම තවදුරටත් සිදු නොවුණහොත් එම 50% ප්‍රතිශතය ආවරණය කිරීම ලබන වසරේ අප්‍රේල් වනතෙක් නොහැකිවනු ඇති බවය.

අබේසිංහ මහතා ප්‍රශ්න කළේ, අවම තරමින් වයස 60 ඉක්ම වූ මෙරට ලක්ෂ 17ක පිරිසට හෝ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාදෙන්නේ කවදා ද යන්නයි.

Related posts

Leave a Comment