කොරෝනා සිරුරු ඉරණතිව් ගේන්න එපා – පූජකවරු සහ දූපත්වාසීහු දැවැන්ත උද්ඝෝෂණයක

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු කිළිනොච්චිය, ඉරණමඩු දූපතේ මිහිදන් කිරීමට එරෙහිව කතෝලික පූජකවරු පිරිසක් සමග එකතු වී දූපත් වැසියෝ ඊයේ (3 දා) දහවල් විරෝධතාවක නිරත වූහ.

දැනට දූපතේ පවුල් 167 ක් ජීවත් වන අතර සංක‍්‍රමණික ධීවරයන් වශයෙන් තවත් පවුල් 120 ක් පමණ මෙම දූපතට යෑම් ඊම් කරති.

කිළිනොච්චියේ සිට මුහුදු සැතපුම් 9 ක දුරින් මන්නාරම් බොක්කට අයත්ව පිහිටි ඉරණතිව් දූපතේ මේ වනවිට පවුල් 165 ක් පමණ නැවත පදිංචිව සිටිති.

දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් වයිරසය ජලයට මුසු වී කොවිඞ් වැළඳීමේ අවදානමක් පවතින බව ඉරණතිව් දූපතේ වැසියන් පවසති. විරෝධතාවයේ නිරත පිරිස ඉල්ලා සිටියේ ඔවුන් ජීවත් වන හා ධීවර රැකියාව කරගෙන යන ඉරණතිව් දූපතේ කොරෝනා මළසිරුරු මිහිදන් නොකරන ලෙසයි

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Related posts

Leave a Comment