බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීමෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා තබා සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් යන මහත්වරු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද  අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම පෙත්සම් විජිත් මලල්ගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව සඳහන් කළේය.

පෙත්සම්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් යම් යම් නිර්දේශයන් කරන ලද පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා කටයුතු කර ඇති බැවින් මෙම පෙත්සම් විභාගයට සහභාගී වීමට අකමැති බව විනිසුරු ජනක් ද සිල්වා මහතා එහිදී සඳහන් කර ඇත.

පෙත්සම් කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් දෙක සම්බන්ධයෙන්  සීමිත විරෝධතා ඉදිරිපත් කරන බවය.

Related posts

Leave a Comment