වැඩි මිලට බඩු විකිණුවොත් 1977ට දැනුම් දෙන්න

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්න අලගියවන්න මහතා පැවසුවේ සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අධික මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි. එක් ග්‍රාම සේවා වසමක් තුළ වෙළෙඳසල් දෙකක් පමණක් විවෘත කිරීමට අවසර දී ඇති බවත් එලෙස විවෘත කිරීමට අවසර දී ඇත්තේ ඒ ඒ ග්‍රාම සේවා වසම් තුළ තෝරා ගත් වෙළෙඳසල් දෙකක් සඳහා පමණක් බවත් හෙතෙම කීවේය. පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් එලෙස එක් ග්‍රාම සේවා වසමක් තුළ කොන්දේසිවලට යටත්ව වෙළෙඳසල් 2ක් පමණක් විවෘත කිරීමට අවසර දුන් බව වෙළෙඳසල්වල භාණ්ඩ මිල ගණන් පිළිබඳ පරීක්ෂාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. විශේෂ බලපත්‍ර සහිතව ජංගම රථ මඟින් වෙළෙඳාම් කිරීම, දුරකතන මාර්ග සහ ඔන්ලයින් ක්‍රමයට ඩිලිවරි සේවාවන් හරහා ආහාර ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීමටද අවසර දී තිබේ.

එම අධිකාරිය පවසන්නේ යම් වෙළෙඳසලක් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නේ නම් පාරිභෝගික අධිකාරියේ 1977 ක්ෂණික දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි.

Related posts

Leave a Comment