පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, මෙම විශේෂ රැස්වීමට නීති විශාරදයින් සහ ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන් සහභාගි වූ බව ය. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ, මෙම සිද්ධිය හේතුවෙන් පකිස්ථානයේ අනන්‍යතාවට හානි සිදුවූ බව ය. “මේ සිද්ධිය නිසා පකිස්ථාන ජාතිය ම නින්දාවට පත් වුණා. සිද්ධියට සම්බන්ධ කිසි ම කෙනෙකුට සමාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ඉහළ ම දඬුවම් පැනවිය යුතු යි,” අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්…
Read MoreAuthor: admin
අන්තවාදයේ බියකරු බව ලොවටම පෙන්වමින් “ලංකාවේ කළමනාකරුවෙක් පකිස්ථානයේදී මරා ප්‍රසිද්ධියේ පුළුස්සයි”
පාකිස්ථානයේ සියල්කොට් නුවර වසීරාබාද් හි පෞද්ගලික කම්හල් රැසක අපනයන කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු එම කම්හල් සේවකයන් විසින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඔහුගේ සිරුර පුළුස්සා ඇති බවයි සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් මලික් පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ. එහි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් රොක්වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට එක්කර තිබුණා. සියල්කොට් ඇතුළත් පාකිස්ථාන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය හුස්මා න් බුස්ඩාර් ප්‍රකාශ කළේ මෙය ඉතා ඛේදනීය සිද්ධියක් බවයි. එහිදී නීතිය අතට ගත් පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය…
Read Moreනැවත දැනුම් දෙන තුරු වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම අත්හිටුවයි!
නැවත දැනුම්දෙන තුරු ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. ගෑස් පිපිරීම්වලට අදාළව පොලිස් විමර්ශන ඔස්සේ ඉදිරි පරීක්ෂණ සිදු කරන බව ද එම අමාත්‍යංශය සඳහන් කළේ ය. අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, ගෑස් පිපිරීම්වලට අදාළව විමර්ශන අවසන් කළ වාර්තා අමාත්‍යංශයට කැඳවා ඇති බවයි. මේ වනවිට ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති ගෑස් ආශ්රිත ගිනිගැනීම් හා පිපිරීම් රටේ සෑම ප්‍රදේශයකින් දිගින් දිගටම වාර්තා වෙමින් පවති. ඊයේ දිනය තුළ පමණක් ගෑස් අනතුරු 13 ක් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබූ අතර ගතවූ දින දෙක තුළ පමණක් ගෘහස්ත එල්පී…
Read Moreගෝඨාභයට දේශපාලනය තේරෙන්නෙ නැහැ!
1. බලයට පත් වුන ගමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 2400 සිට 300 ට අඩු කළා.දේශපාලනය තේරෙන හිටපු ජනාධිපති සිරිසේන 2400 ක් තමන් ලග තියා ගත්තේ ඒ හරහා දේශපාලනය කරන්න . හැම ආසනයකම තමන්ගෙ හිතවතුන් දෙතුන් දෙනෙක් තමන්ගෙ වැඩපිළිවෙළ , නම ඉහළට එසවීමයි එහි අරමුණ .ඒ නියෝජිතයන්ට මාසික වැටුපක් , වාහනයක් දුන්නෙ ඒකට. ගෝඨාභයට ඒ දේශපාලනය නොතේරෙන බව පැහැදිලියි.ඒකනෙ 2400 ක පිරිස 300 ට අඩු කළේ. 2. වෙනද ජනාධිපති පාරෙ යන විට වාහන 10ක් වත් යනව. පාරවල් වහනව.හැබැයි ගෝඨාභය ඒක වාහන තුනකට සීමා කළා, පාරවල් වැසීම නතර කළා. . ජනතාව…
Read Moreකාබනිකව අස්වැද්දූ නාඩු වී 100 ට ගන්නවා!
කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය . මේ දිනවල රටපුරා රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති බව කී අලුත්ගමගේ මහතා හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවද සඳහන් කළේය.…
Read Moreසතොසෙන් පැවැති මිලටම සීනි දිගටම!
රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පැවසීය සීනි පැවැති මිලට තව දුරටත් අළෙවි කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බව කී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට අළෙවි කරන බව ද සඳහන් කළේය. වරායෙන් ලබාගත් සුදු සීනි මෙටි්රක්ටොන් දහසකට වැඩි තොගයක් ඉදිරි දින කීපයේදී සතොස වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් ආනන්ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.
Read Moreදේශගුණික සමුළුවේදී බයිඩන් නිදි කිරයි!
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ‘කොප්26’ (COP26) සමුළුව සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධිපති බයිඩන් නිදි කිරා වැටෙන අයුරු ද ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු ‘කොප්26’ සමුළුව ලබන නොවැම්බර් 14 වැනිදා තෙක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් වෙනුවෙන් සමුළුවේ පළමු දින දෙක වෙන් වී තිබුණි. ජනාධිපති බයිඩන් ‘කොප්26’ (COP26) සමුළුව ඇමැතුවේ ඊයේ (2) ය. සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන් දෙදෙනා සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ ‘කොප්26’ සමුළුව…
Read Moreප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්!
ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ වැඩි කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.
Read Moreෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට ශ්‍රී ලංකාව එක්වෙයි!
චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ච්‍යුයින්තාඕ, ජියාඕජොව් හි 2021 ඔක්තෝම්බර් 27-28 අතර කාලයේදී පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මූල්‍ය සහයෝගීතාවය සහ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සංසදයට සහභාගී විය ච්‍යුයින්තාඕ ප්‍රාන්ත මහජන රජය, චීන-ස්කෝ (China-SCO) දේශීය ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව සඳහා වන ප්‍රදර්ශන කලාපීය කළමනාකරණ කමිටුව, චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යයනය සඳහා වන චොංයැං ආයතනය සහ ජියාඕජොව් නාගරික මහජන රජය විසින් සම-සංවිධානය කෙරුණු මෙම සංසදය සඳහා සත්කාරකත්වය සපයනු ලැබුවේ ච්‍යුයින්තාඕ නාගරික මහජන රජය විසිනි. ස්කෝ රටවල කාර්මික දාමයේ සහ මූල්‍ය වෙලඳපල සහ ප්‍රාග්ධන වෙලඳපොලවල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සහ ච්‍යුයින්තාඕ, ෂන්දොන්ග් පළාත්වල සහ ස්කෝ රටවල් අතර පුළුල් ගනුදෙනු සහ සහයෝගිතාව පුළුල්…
Read Moreඉන්දියා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක තරගය අද!
අයි.සී.සී ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ ඉන්දීයාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර තරගය අබුඩාබි හිදී අද (03) පැවැත්වෙයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා අද පැවැත්වෙන තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වෙයි. ඉන්දීය කණ්ඩායම පාකිස්ථාන සහ නවසීලන්ත කණ්ඩායම් හමුවේ දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙන් ඔවුන් මේ වන විට ලකුණු සටහනේ 05 වන ස්ථානයේ පසුවෙයි. ස්කොට්ලන්ත සහ නැමීබියානු කණ්ඩායම් සමග ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී තරග වැදීමට නියමිතය. ඇෆ්ගනීස්තාන කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගනිමින් ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.
Read More