ලොව විශාලතම හමර් වාහනය මෑතක දී එළිදක්වා තිබේ. එහි දිග අඩි 46කි. පළල අඩි 20ක් උස අඩි 21ක් වේ. මේ සුපිරි වාහනයේ හිමිකරු හමාද් බින් අල් නායන් නැමැති කෝටිපතියෙකි. තරප්පු පෙළක් සහ වැසිකිළියක් ඇති මෙය එක්ස් – 3 නමින් හඳුනවනු ලබයි. ඩීසල් එන්ජින් 4කින් සමන්විත මේ වාහනයේ වේගය පැයට සැතපුම් 83කි. මෙම වාහනය භාවිත කරන කෝටිපතියා එමීර් රජ පවුලේ පුද්ගලයෙකි.
Read MoreAuthor: DawaseAdminM
තරුණ විරෝධතා ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්!
තරුණ තරුණියන් අවි ආයුධ අතට නොගෙන සාමකාමීව විරෝධතා පවත්වමින් පවසනදේ පිළිබඳව ආණ්ඩුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂත් අවධානය යොමු කළ යුතුව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔවුන් ඉල්ලා සිටින ව්‍යවස්ථාමය වෙනස සිදු කිරීමට වහාම පියවර ගතයුතු බවත් එය එම තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකළ යුතු බවත් කීවේය
Read Moreවිපක්ෂයෙන් අසුන් ගත්තත් විපක්ෂ නායකගේ කණ්ඩායමට නෑ – මෛත්‍රී
40ක් පැමිණ විපක්ෂයේ වාඩි වුණේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවේ යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.. “දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා. තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා. ඒ සටන සාධාරණ බව අප කියනවා. ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි. ඊට සුදුසු වැඩපිළිවෙලකට අප යා යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනවවන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා “යනුවෙන් ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreරාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති!
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුපෙළ අසුන්වල සිටිනු අද (19) දැකගත හැකිවිය. චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ එම හිටපු ඇමතිවරුන් තිදෙනාය. හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ අවසාන පේළියේ ආසනයකය. මෙයට අමතරව හිටපු ඇමතිවරුන්වූ මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන බන්දුල ගුණවර්ධන සහ සරත් වීරසේකර යන මහත්වරුන්ද ආණ්ඩුවේ පසුපෙළ ආසනවල සිටිනු දක්නට ලැබිණි.
Read Moreආර්ථිකය පාලනයට මුදල් අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග ගැන IMF කියන කතාව!
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයිය හැකියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ. මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළු දූත පිරිස සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවේ අතර සාකච්ඡාවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්යස්ථානයේ දී අද (19) පැවැත්විණි. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එමින් තිරසර විසඳුමක් කරා ශ්‍රී ලංකාව ගමන් කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදි විශ්වාසය පළ කර තිබේ. මෙම සාකච්ඡාවලදී විස්තීරණ ණය පහසුකමක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreමේක බොර දියේ මාළු බාන වෙලාවක් නෙමෙයි – අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය!
පැය 24න් විසඳුමක් නොලැබුනත් තව බොහෝ කලක් ජනතාව පෝලිම් වල නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබේ. පාර්ලිමේන්තුව ඇරඹුමේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.. ‘අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා සියලුදෙනා එක්විය යුතුයි. දේශපාලන වශයෙන් මෙය බොර දියේ මාළු බෑ යුතු අවස්ථාවක් නොවේ.රජයක් ලෙස අපට තිබෙන වග කීමෙන් මිදෙන්න බැහැ.රට ගොඩනගන්න එකතු වෙන්න යැයි විපක්ෂයට කළ ආරාධනය අදටත් වලංගුයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතන සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. එමෙන්ම…
Read Moreගෝල්ෆේස් අරගල භූමිය සැණකෙළි භුමියක් වෙමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි!
ගෝල්ෆේස් විරෝධතා භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වෙමින් පවතින බව අතැම් මාධ්‍ය වාර්තා කර තිබේ. එම ආයතනවල මාධ්යෙවදීන් සඳහන් කර තිබුණේ මේ වනවිට තැන තැන ප්‍රසිද්ධියේ ගංජා පානය කරන තත්වයට පත්වී ඇතිබවත් ඔවුන් සමග කතා කළ බීමත් තරුණයන් කිහිප දෙනෙකු සිටි බවත්ය. එමෙන්ම සඳහන් කර සිටියේ ගෝල්ෆේස් භුමියේ ඕනෑම මත්ද්‍රව්‍යයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද ඔවුන් වාර්තා කර තිබේ. පොලිසිය මේ සඳහා කිසිදු මැදිහත්වීමකින් තොරව කටයුතු කරන ආකාරයක්ද මෙහිදී නිරීක්ෂණය වන බව වාර්තා වෙයි. මත්ද්‍රව්‍ය ලබා ගෙන අරගල භූමිය සැණකෙළි භූමියක් බවට පරිවර්තනය කර ගැනීම හේතුවෙන් සැබෑ අරමුණින් එහි…
Read Moreප්‍රියන්තගේ ඝාතකයන්ට ඉතිහාස ගතවන දඬුවම්..! 7ක් එල්ලා මරයි!
පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය එම චෝදනාවන්ටම වරදකරුවන් වු තවත් පාකිස්තානු ජාතිකයින් 07 දෙනකුට ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවට නඩු විභාගයේදී අනාවරණය වු තවත් පාකිස්තානු ජාතිකයින් 76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් ලාහෝර් නුවර ත්‍රස්ත විමර්ශන අධිකරණය නියම කර ඇත. විත්තිකරුවන්…
Read Moreපොහොර මාරුවේදී මට වැරදුණා..! ජනතාවගේ කෝපය ඉතාමත් සාධාරණයි!
ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ඔහු පවසයි . ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඒ අමාත්‍යවරුන් අමතමිනි. රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන්…
Read Moreඅමතර වරප්‍රසාද ලබා නොගෙන ජනතාව ඉල්ලන අලුත් සිස්ටම් චේන්ජ් එකට වැඩ කරන්න !
අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන්ගෙන් අද ඉල්ලීමක් කළේය. ඔහු මෙම ඉල්ලීම කළේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එම අමාත්‍යවරුන් අමතා ප්‍රකාශයක් කරමිනි. අවංක කාර්යක්ෂම පිරිසුදු පාලනයකට කැපවන ලෙසටද ජනාධිපතිවරයා නව අමාත්‍යවරුන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය. බොහෝ ආයතන අද පවතින්නේ දැඩි මූල්‍ය අර්බුදයක බව පැවසූ රාජපක්ෂ මහතා එය නිවැරදි කරන්නැයිද ඉල්ලීමක් කළේය. ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකටත් නව ඇමතිවරුන්ට අවස්ථාව තිබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
Read More