සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පූර්වභාග 02.33ට උදා වුණි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අලුත් අවුරුද්ද උදාවීම සිදුවෙයි. ඊයේ රාත්‍රී 08.09ට පුණ්‍ය කාලය ආරම්භ වූ අතර ඊට ප්‍රථම සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ. ආහාර පිසීමේ නැකත පූර්වභාග 06.17ට යෙදී තිබූ අතර ළාකොළ පැහැති වස්ත්‍රාභරයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා එළකිරි මිශ්‍ර බතක් ද, මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ…

Read More

කොවිඩ් – 19 වෛරසය මුළුමණින්ම තුරන්වීමට බොහෝ කාලයක් ගත වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි

අද(13)වන විට සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන දහතුන් කෝටි හැත්තෑදෙලක්‍ෂය ඉක්මවා ගොස් ඇත.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් සදමන් කර ඇත්තේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් වෛරසය මාස කිහිපයක් තුළ පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවය. එමෙන්ම ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හත්වැනි සතියටත් ශීග්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බව සදහන්වේ.  එසේම ගෝලීය වශයෙන් සති 04ක් තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ද අඛණ්ඩව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.  

Read More

ධීවර සංස්ථාවට වාර්තාගත අලෙවියක්

ශ්‍රී ලංකා ධීවර සංස්ථවේ ඉතිහාසයේ වැඩිම එක් දිනක අලෙවිය වාර්තා කල දිනය බවට අප්‍රේල් මස 12වන දින පත්ව ඇතැවි එම සංස්ථාව සදහන් කරයි.  දෛනිකව මත්ස්‍ය කිලෝ 14,000-15,000ක් අතර සාමාන්‍යයයකින් අලෙවි කරන ධීවර සංස්ථාව ඊයේ(12) මත්ස්‍ය කිලෝ 27,600කට අධික එක් දිනක වාර්තාගත අලෙවියක් සිදු කර ඇත.  ධීවර සංස්ථාවේ ඉතිහාසයේ කිසි දිනක කිලෝ 20,000 සීමාව මෙයට පෙර ඉක්මවා නොමැත.   පසුගිය කාලය පුරාම අධික අලාභ ලබමින් පවත ධීවර සංස්ථාව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ නව අලෙවි ජාලයක් ඇති කිරීම සහ නව ක්‍රමවේදයක් තුල කළමණාකරණය සිදු කරමින් පවතී.

Read More

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සංවිධායක අසේල සම්පත් අත්අඩංගුවට

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වොක්ෂෝලි විදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළවය. එම වරෙන්තුව විවෘත වරෙන්තුවක් ලෙස නිකුත් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අත්අඩංගුවට පත් අසේල සම්පත් මහතා කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ දී

රාජ්‍ය වෙසක් උත්සවය යාපනය අර්ධද්වීපයේ පැවැත්වීමට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ, රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව සෙසු පළාත්වල ද වෙසක් උත්සව පවත්වන බවය. කෙසේවෙතත් ඒ සඳහා තවත් කාලය ඇති බවත් අලුත් අවුරුදු සමය ගත කළ කාලයේ ප්‍රතිඵල මැයි මස මුල් කාලයේ දී ලැබෙනු ඇතැයි ද යුද හමුදාපතිවරයා මෙහිදී කියාසිටියේය. “කෙසේවෙතත් අලුත් අවුරුදු සමයේ දී මේක කළමනාකරණය කර ගත හැකි නම් වෙසක් සමරන්න…

Read More

බස් රථ හා දුම්රිය සේවා අනිද්දා සිට සාමාන්‍ය පරිදි – අමාත්‍ය දිලුම් අමුණුගම

දුම්රිය හා බස් රථ සේවාවන් අනිද්දා (15) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි

Read More

සමස්ත ජනතාව කිසිදු භේදයකින්, වෙනසකින් තොරව අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම මගේ අපේක්ෂාවයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවැති අයහපත් සෞඛ්‍ය පසුබිම ඊට බාධා කළ ද, පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්ති විඳීමට පසුබිම මේ වසරේ අප සියලු දෙනා එක්ව සකසා ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටී. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පිළිගැනීම අපේ සංස්කෘතියෙහි අගනා සම්ප්‍රදායක් බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ. ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩදුරටත් මෙසේ සඳහන් වේ. අලුත් අවුරුදු උදාව දෙස…

Read More

අද සිට එළඹෙන 18 දක්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැසේ

අද(13) දහවල් සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තැබෙන බව දඹුල්ල වෙළෙඳ සංගමය පවසයි. දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේ, එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු සඳහා යළි විවෘත කරන බවය. ඊයේ (12)දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට එළවළු කිලෝග්‍රැම් ලක්ෂ 60 ඉක්මවා ලැබී තිබේ.

Read More

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5.00 සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇත. ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජුලි 13 වන දින සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂිල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස්…

Read More

කොවිඩ් – 19 වෛරසය තුරන්වීමට බොහෝ කාලයක් ගත වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි

අද(13)වන විට සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන දහතුන් කෝටි හැත්තෑදෙලක්‍ෂය ඉක්මවා ගොස් ඇත.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් සදමන් කර ඇත්තේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් වෛරසය මාස කිහිපයක් තුළ පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවය. එමෙන්ම ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හත්වැනි සතියටත් සීග්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බව සදහන්වේ.  එසේම ගෝලීය වශයෙන් සති 04ක් තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ද අඛණ්ඩව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Read More