අලුතින් ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකලා කරයි

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් අද අලුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව හුදෙකලා කරන ප්‍රදේශ පහතින්,

Read More

තැපැල් දෙපාර්තමේන්තුවට වාර්තාගත ඉහළ ආදායමක්

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය දෙදින (21,22) තුළ ශ්‍රී ලංකා තැපැල් ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ වැඩිම ආදායම උපයා ඇති බවයි. තැපැල් දෙපාර්තමේන්තුවේ දිනක සාමාන්‍ය ආදායම ලෙස සැලකෙන්නේ ආසන්න වශයෙන් මිලියන 150ක්. නමුත්, ඊයේ (21) දිනයේදී වාර්තා වූ දෛනික ආදායම රුපියල් මිලියන 221ක්. එය, එතෙක් තැපැල් ඉතිහාසයේ දිනෙක වාර්තා කළ වැඩිම ආදායම් ඉපැයීම ලෙස සටහන් වුණා. නමුත්, එම වාර්තාව පැය 24ක් යන්නටත් පෙර බිඳ වැටුනේ, ඊයේ (22) දවස තුළ රුපියල් මිලියන 320ක වාර්තාගත මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව රැස් කර ගැනීමත් සමඟයි. පසුගිය මාසයකට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන්,…

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපාධිධාරීන්ට නිවේදනයක්

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව 2021 ජූනි මස 18 දින සිට අගෝස්තු මස 13 දක්වා අයදුම්පත් යොමුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ, https://applications.doenets.lk/exams හෝhttps://applications.doenets.lk/exams වෙබ් අඩවියට පිවිස මේ සඳහා අයදුම් කළ හැකියි.

Read More

ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නත දීමේ ප්‍රමාදයක්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසන්නේ ගැබිනි මව්වරුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කළයුතු නමුත් එහි ප්‍රමාදයක් මේ වන විට නිරීක්ෂණය වන බවයි. රජය මේ සඳහා පහසුකම් සලසා ඇතත් සිදුවන ප්‍රමාදය සඳහා සෞඛ්‍ය අංශ නිලධාරීන් වගකිව යුතු බව ඔහු ප්‍රකාශ කළා. එම විද්‍යායතනය පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කර ඇති පරිදි එන්නත්කරණයට තෝරාගත් තත්ත්වයන් සහිත ගැබිනි මව්වරුන් සඳහා අගෝස්තු 14 වනදා වනවිට එන්නත්කරණය සිදුකර අවසන් කළ යුතුව ඇති බවයි. කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ගැබිනි කාන්තාවන් 10 දෙනෙකු මේ වනවිට මියගොස්…

Read More

අද පළාත් කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Read More

අද පාර්ලිමේන්තුව රැස්වේ

අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. මෙම සතියට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය අද සහ හෙට (23) යන දින දෙක තුළ දී පමණක් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය පක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම අද උදෑසන පාර්ලිමේන්තුව පිවිසීමේ දි සමගි ජනබලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මේ අතර රජයේ අත්‍යවශ්‍ය…

Read More

ලොව වේගවත්ම ධාවකයින් ලැයිස්තුවට යුපුන් ඇතුළත් වෙයි

යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ, ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වට එක්වීමට ක්‍රීඩකයින් 56 දෙනෙකුට අවස්ථාව හිමි වනවා. ඉන් ක්‍රීඩකයින් 52 දෙනෙකු තෝරා ගැනෙන්නේ පරිසාදන මට්ටම් අනුව සහ ලකුණු සටහනේ අනුපිළිවෙල අනුවයි. මෙවර ඔලිම්පික් පරිසාදන මට්ටම වන තත්පර 10.05 සීමාව පසු කිරීමට සමත්ව ඇත්තේ ක්‍රීඩකයින් 39 දෙනෙකු පමණයි. යුපුන් අබේකෝන් මීටර් සියය ඉසව්වෙන් දක්වා ඇති දක්‍ෂතාව තත්පර 10.09 ක්.

Read More

අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් සේවකයන් ගෙන්වා ගන්න – ආයතන ප්‍රධානීන්ට උපදෙස්

අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් සියලු රජයේ අමාත්‍යංශ, ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානීන්​ට අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් හා සේවකයන් සේවයට ගෙන්වා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ නිවේදනය පහතින්,

Read More

ඊයේ කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 52 ක්

ඊයේ (20) කොරෝනා ආසාදි​ත මරණ 52 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 41 දෙනෙකු අයත්. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 2,633 ක් දක්වා ඉහළ යනවා. නිල වාර්තාව පහතින්.

Read More

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් 100,000 ක් වහාම ආනයනය කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. දේශීය වෙළෙඳපොලේ අසාමාන්‍ය ලෙස සහල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Read More