කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට!

රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි. මෙම පොහොර තොගය අද රාත්‍රියේම අම්පාර ,මඩකලපුව ,අනුරාධපුර, පොළොන්නරුව ,කුරුණෑගල ,පුත්තලම, ත්‍රිකුණාමලය ,හම්බන්තොට යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික්වල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යැවිමට කටයුතු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර මේ මස 15 වැනිදා වන විට ලබාදෙන බවත් ඊට පෙර පොහොර ලැබෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණි. 

Read More

බවර් – කාබනික විප්ලවයට කෙටි කාලීන විසඳුම් දෙයි!

ශ්‍රී ලංකාවට සිය හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථක පරිවර්තනයක් අත් කර ගැනීමට අවශ්‍ය මූලික දැනුම හා විසඳුම් හඳුන්වා දීමට මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයකු ලෙස ප්‍රකට බවර් සමාගම පසුගියදා පියවර ගත්තේය. ඒ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම වෘත්තීය හා ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වූ දැනුම උපයෝගි කර ගනිමිනි. එහිදී විශේෂයෙන්ම, බවර් සමාගම සිය ගිවිසුම්ගත පාර්ශ්වකරුවන් වන ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරමින් පසුගියදා මෙරට සංචාරයක නිරත වූ විශේෂඥ…

Read More

“ලෝක මිල ශීඝ්‍රයෙන් ඉහළට” – තෙල් සංස්ථාවේ මේ මාසයේ පාඩුව කෝටි 1,000 පනී!

* දෙසැම්බරයට පෙර බොරතෙල් බැරලය ඩොලර් 100ට යයි* සංස්ථාව රාජ්‍ය බැංකුවලට කෝටි 3,600ක් ණයයි මිල වැඩි වීමක් ඕනෑ– සභාපති සුමිත් කියයි ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මේ මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව කෝටි 1,000 ඉක්මවා යනු ඇතැයි සංස්ථාව ගණන් බලා තිබේ. නමුත් ලෝකයේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නොදමා ජනතාවට තවදුරටටත් ඉන්ධන මිල සහනය දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී. කොවිඩ් වසංගතය නිසා මේ වසර අවසන් වන්නට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවා යනු ඇතැයි…

Read More

ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි!

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. රාජ්‍ය බැංකුවක කාඩ්පත් අංශයේ ප්‍රධාන කළමනාකරුවකුගේ පැමිණිල්ලක් මත කළ දීර්ඝ විමර්ශනයකින් මේ බව අනාවරණය වී තිබේ. මෙම ජාවාරම සම්බන්ධව කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ කොහු මෝලක අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක සහයෙන් දින තුනකදී බැංකු ගිණුම් 29කට අයත් අනුන්ගේ කාඩ්පත්වලින් 114 වතාවක් අන්තර්ජාලයෙන් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද අනාවරණය වේ. රුපියල් අටලක්ෂ හතළිස් එක්දහසක්…

Read More

“2026 සත්කාරය අපි ඉල්ලූවේ නෑ” – පලවන මාධ්‍ය වාර්තා අසත්‍යයි!

වසර 2026 දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව ඉදිරිපත් වී ඇතැයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මෙන්ම ශී‍්‍ර ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනයේ ලේකම් මැස්ක්වෙල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී දැනගත හැකිවූයේ ශී‍්‍ර ලංකාවෙන් එවැනි කිසිම උත්සාහයක් ගෙන නැති බවයි. ”පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලකට සත්කාරය දරන්න නම් ස්ටර්ලින් පවුම් බිලියනයක විතර ආයෝජනයක් කරන්න  ඕනේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියන 300 ක් වගේ මුදලක්” ”ලංකාවේ අද තත්ත්වය අනුව මේ වගේ විශාල සල්ලි…

Read More

“මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව ඇරඹෙයි” – අතිරේක සොලිසිටර් ජනරාල් අධිකරණයෙන් කලඉල්ලීම!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය. 2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට විදේශ ගතව සිටින බව වාර්තා වේ. එම නඩුව අද චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා…

Read More

කාබනික ගොවිතැන නංවන්න රාජ්‍ය බැංකුවල සහාය!

මුළු රටම කාබනික වගාව වෙතට යොමු ව පවතින මෙවන් වකවානුවක රට තුළම කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සහ කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වහා කළ යුතු කාර්යයකි. එමෙන්ම වස විසෙන් තොර, ආහාර රටාවක් ඇති කිරීම සඳහා ද ප්‍රමුඛ අවධානයක් අප විසින් යොමු කළ යුතුව තිබේ. මේ සද් අරමුණු ජය ගන්නට කාබනික පොහොර නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කිරීමට රජය තීරණයක් ගෙන තිබීම අගය කළ යුතු වේ. රජය විසින් රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ඒවා ආනයනය කිරීම් සීමා කොට ඇත. මෙවැනි තත්ත්වයක් තුළ මෙරට ගොවිතැන ඉදිරියට රැගෙන යා හැකි ද?…

Read More

ඇවිදින මංතීරුවට පක්ෂ – විපක්ෂ ගුටි කෙළියක!

නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලිමට  ක්‍රිඩාංගණය වෙත පැමිණි විපක්ෂයේ සහ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය. නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ රුපියල් කෝටි දෙකක් වියදමින් ඉදිවන ඇවිදින මංතිරුව සම්බන්ධයෙන් සොයා බැලිමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති , ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව සහ නාවලපිටිය නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනකු සහ ආධාරකරුවන් පිරිසක් ක්‍රිඩාංගණයේ පිවිසුම වෙත පැමිණෙන අවස්තාවේ ක්‍රිඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව වසා දමා තිබුණි. සසංක සම්පත් සංජිව මහතා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිස ක්‍රිඩාංගණය අසල රැදි සිටියදි එම ස්ථානයට…

Read More

මියගිය පළාත් සභාවට යළි පණ දෙන්න එපා!

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමට සූදානම් නම් මියගිය පළාත් සභා නැවත ගෙන ඒම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. වර්තමාන ව්‍යවස්ථාව හදුන්වා දෙන අවස්ථාවේදීම එහි දුර්වලතා තිබූ නිසා ඒ සමඟ රටට ඉදිරියට නොහැකි යැයි එහිදී පැවසූ බවත් රට වර්තමානයේ පත්ව තිබෙන තත්වය අනුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෙය හොඳම අවස්ථාව බවත් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කියති. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ. “රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි…

Read More

වී ගොවීන් සඳහා කාබනික පොහොර බෙදාදීම හෙට සිට!

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල හෙට ​සිට (13) අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇති බවද එහි සඳහන් වේ.

Read More