ලොව විශාලතම බහලුම් නෞකාව හෙට කොළඹට!

ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව හෙට (ඔක්. 5) කොළඹ වරායට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ, කොළඹ වරාය ඇතුළු ලෝකයේ ම වරායවල් 24කට පමණක් ඇතුළු විය හැකි මෙම නෞකාව කොළඹ වරායට ඇතුළු වීම ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවය. EVER ACE නෞකාව, කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමන ද මෙය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේය. ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාවේ දිගට මීටර් 400ක් වන අතර එහි පළල මීටර් 61.5කි. එය බහාලුම් 23,992ක ධාරිතාවකින් සමන්විතය.

Read More

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” විවෘත වෙයි!

ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නව මානයකින් ඉදිරියට ගෙනයමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ස්ථාපිත කරන ලද “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” හෙට (29) විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා. ගෝඨාභය ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කල ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම තුලින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හා තීරණ ජනතාවට දැනුම්දීම සඳහා අවශ්‍ය අවකාශය සකස් කිරීම පිණිස ගත් ඉදිරි පියවරක් ලෙසයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදහස් පලකරනු ලැබුවේ. දේශපාලකයින්ට අවශ්‍ය ලෙස ජනමාධ්‍යවේදීන් හැසිරවීම හෝ ජනමාධ්‍යවේදීන් හා දේශපාලකයින් එක්ව ජනතාව රවටන අතේරෝල් මාධ්‍යකරණය වෙනුවට මෙරට ජනමාධ්‍ය කලාව…

Read More

වාහන මිලදී ගන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්!

වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නියැලුණු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 32 හැවිරිදි වියේ පසුවන  ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ නම් මහනුවර, කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහනයක් සති දෙකක කාලයක් සඳහා ලබාගෙන ඇති අතර  එලෙස ලබාගෙන ඔහු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු විසින් වාහන කුලියට ලබාදෙන ආයතනය වෙත ලබාදී ඇති ලේඛන ද ව්‍යාජ ඒවා බවටයි අනාවරණය ඇත්තේ. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු…

Read More

හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව – යහපාලන පලිගැනීම් වලට සාධාරණය!

කොළඹ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා අද දිනයේ ජනාධිපති සමාව යටතේ නිදහස් කල බවට වාර්තා වනවා. 2016 වසරේ යහපාලන රජය සමයේ දුමින්ස සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජයේ දේශපාලකයින් සිය දේශපාලන බලපෑම් මත ඔහු සිරගත කල බවටයි එවක වාර්තා පළවුයේ. කෙසේ වෙතත් භාරත ලක්ෂ්ම න් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට මරණ දඩුවම නියම වූ අතර එවක රජය නියෝජනය කල හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන බලපෑම් මත දුමින්ද සිල්වා මහතාට නීතිය ක්‍රියාත්මක වූ බව එම නඩුවට සම්බන්ධ විනිසුරුවන් මෙන්ම එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…

Read More

බිලියන 97 අලාභය බිලියන 56ට බැස්සු විදුලි සේවකයින්ගේ වැටුප් 25%කින් ඉහළට!

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් සඳහා 25% ක වැටුප් වැඩිවීමක් ලබා දීමට පියවර ගෙන ඇති බව එම අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. 2021-2023 යන කාල පරිච්ජේදය තුල වසරකට සීයයට 12 බැගින් මෙම වැටුප් වැඩි කිරීම සිදුකෙරනු ඇත. 2019 වර්ෂය වන විට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 97ක් ව පැවති ශුද්ධ අලාභය රුපියල් බිලියන 56ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කළ බවත්, විදුලිබල මණ්ඩලයේ සේවාකයින් කොවිඩ් වසංගතය හමුවේ ඊට දැක්වූ දායකත්වය ඇගයීම උදෙසා මෙලෙස වැටුප් වැඩි කිරීම සිදුකරනු ලබන බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

Read More

බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත්…

Read More

කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි ! (PHOTOS)

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී  ආරම්භ කළේය. යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම මෙම කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණ ව්‍යාපෘතියේ අරමුණයි. මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මගින් ඉවත් කළ බස් රථ හතරක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කළේය. මෙම ව්‍යාපෘතිය…

Read More

ගිනිගත් නැවේ තෙල් මුහුඳට කාන්දු වෙලාද? මාධ්‍ය වාර්තා අසත්‍ය බවට “NARA” ආයතනයෙන් නිවේදනයක්!

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනිගත් X – Press Pearl නෞකාවෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවක් සිදුවී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් NARA ආයතනය පවසන්නේ සිරස මාධ්‍ය ජාලයේ නිවුස් ෆස්ට් ප්‍රවෘති විකාශය හා ඔවුන්ගේ වෙබ් හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නාරා ආයතනය නිවේදනය කල බවට දක්වන පුවත අසත්‍ය බවයි. නැවේ තෙල් විසිරීමක් සම්බන්ධව නාරා ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි ඔවුන් පවසන්නේ  නාරා ආයතනය නිකුත්කළ නිවේදනය පහතින්… 

Read More

සයිනොෆාම් එන්නතෙන් නිසි ප‍්‍රතිශක්තිය ලැබෙන්නේ දෙවැනි මාත‍්‍රාව ගත් පසුවයි- රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

සයිනොෆාම් එන්නතින් කොවිඩ් මර්දනය සඳහා සිරුරට නිසි ප‍්‍රතිශක්තියක් ලැබෙන්නේ එහි දෙවැනි මාත‍්‍රාව ලබාගත් පසු බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එබැවින් එම එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් අය දෙවැනි මාත‍්‍රාවද අනිවාර්යයෙන්ම ලබාගත යුතු යැයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. මෙම එන්නතෙහි ඇත්තේ මර්දනය කළ කොවිඞ් වෛරසයකි. එනිසා මින් සිරුරට නිසි ප‍්‍රතිශක්තියක් ලබාගැනීමට නම් දෙවැනි එන්නත් මාත‍්‍රාවත් ලබාගත යුතු යැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Read More

කුරුණෑගල, ගාල්ල, මාතර එන්නත්කරණය ඇරඹෙයි

කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහන අද(27) දිනයේ කුරුණෑගල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවලට  ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.  වසංගත රෝග විද්‍යා අංශය විසින් සිදුකර ඇති නිර්දේශ මත මෙම කටයුතු සිදු කරනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කඩිනමින් අදාල දිස්ත්‍රික්කවලට එන්නත්කරණ වැඩසටහන ව්‍යාප්ත කරන්නැයි ද උපදෙස් ලබා දී තිබිණි. මෙම එන්නත්කරණ කටයුතු සඳහා යුද හමුදාවේ කණ්ඩායම් සෞඛ්‍ය අංශවලට සහාය වනු ඇතැයි යුද හමුදාපතිවරයා සදහන් කළේය.  ජනාධිපතිතුමාගේ විශේෂ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදුන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් ඊයේ(26) ශ්‍රී ලංකාවට ලැබුනි.  

Read More