නිරෝධායන රීති කඩකළ පුද්ගලයෙක්ව නිදහස් කිරීමට අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගේ සේවය අත්හිටුවයි

නිරෝධායන රීති කඩකළ පුද්ගලයෙක් ව නිදහස් කිරීමට රුපියක් 2,000ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගේ සේවය අත්හිටුවීමට බලධාරීන් ක්‍රියාකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ එම පොලිස් නිලධාරීන් දෙදෙනා නොරොච්චෝලේ පොලිස් මුරපොළ ට අනුයුක්තව සේවය කරන බවය

Read More

IPL තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ

2021 IPL තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ. එම තරඟ සැප්තැම්බර් සහ ඔක්තේබර් මාසවල අතර පැවැත්වේ. 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පසුගිය අප්‍රේල් මස 09 වනදා ඉන්දියාවේදී ආරම්භ වූ අතර ක්‍රීඩකයින් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමත් සමඟ මේ මස 04 වනදා සිට තරඟාවලිය තාවකාලිකව අත්හිටුවිමට පියවර ගැනුණි.  ඒ වන විට තරගාවලියේ තරග 29ක් පවත්වා තිබුණි.

Read More

‘Sputnik V එක් මාත‍්‍රාවක් වුවත් ඇති’..- ජනතාවගෙන් අත්සන් ගනී…

කොරෝනා වෛරසය පාලනය සඳහා මෙරට එන්නත්කරණය සිදු කරමින් ඇති Sputnik V එන්නත එක මාත්‍රාවක් ලබා ගැනීමට කැමති යයි එම එනනත ලබා ගන්නා ජනතාවගෙන් කැමැත්ත කල කිරීමේ ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සඳහා මෙම එන්න භාවිතා කරන අතර එම එන්නත එක මාත්‍රාවක් ලබා ගැනීමට එහිදී ජනතාවගෙන් ප්‍රකාශ යන්න ලබා ගනිමින් සිටින බවද සදහන්ය.

Read More

නව නීතිපති සංජය රාජරත්නම් හා අගමැති හමුවක්

මෙරට 48 වැනි නීතිපති  ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. නීතිපති ධුරයේ වැඩ භාර ගත් බව සැල කිරීමට පැමිණි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සුබ පැතුම් එක් කළේය. කොළඹ වරායට නුදුරු මුහුදේ  ගිනි ගැනීමට ලක් වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධානය යොමු කළේය. අදාළ  නීතිමය පියවර කඩිනමින් ඉටුවනු ඇති බව කී නව නීතිපතිතුමා, පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයේ…

Read More

ධීවර කටයුතු වෙනුවෙන් අද සවස සිට අවසර දෙන ප්‍රදේශ

කළුතර සහ මීගමුව මුහුදු ප්‍රදේශ අතර ධීවර කටයුතු සදහා තහනම් කලාපයක් හදුන්වාදී ඇති අතර අදාල ප්‍රදේශය හැර අනෙකුත් ප්‍රදේශ වල අද(31) සවස සිට නැවත ධීවර කටයුතු සදහා අවසර ලබා ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද උදෑසන මීගමුව නගර සභාවේදී මීගමුව ප්‍රදේශය නියෝජනය කරන ධීවර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග ගිනිගත් නෞකාව නිසා ධීවර කර්මාන්තයට ඇති වී ඇති ගැටළු සහ එය නිරාකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. මේ අවස්ථාවට මීගමුව නගරාධිපති දයාන් ලන්සා , ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන්  හා ධීවර…

Read More

ඇමති ජොන්ස්ටන් දොස්තරලාට, හෙදියකට කුඩේ උස්සයි…

ලෝකයේ මේ වන විට කොවිඩ් වසංගතය සඳහා එන්නත් ලබා ගැනීමට තරඟයක් ඇති වෙලා තිබෙනවා .ලෝකයේ සියළු රටවල වාගේ මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙලා තිබෙනවා .ඉහල ප්‍රමිතියෙන් උසස් එන්නත් තමයි අපි ජනතාවට ලබාදිය යුත්තේ . එමෙන්ම මේ වන කොට කිසිම එන්නතක් තමන්ගේ රටට ලබා ගැනීමට නොහැකි වූ රටවල් පනහකට අධික සංඛ්‍යාවක් තිබෙනවා . ඒ අතින් අපේ රට වාසනාවන්තයි . අතිගරු ජනාධිපතිතුමා විදේශ රටවල් සමඟ සාකච්ඡා කරලා මේ වෙද්දි අපේ රටට වර්ග තුනක එන්නත් මාත්‍රා ලබාගෙන ලබා ගෙන තිබෙනවා .මිනිස්සු මැරිල හරි තමන්ගේ දේශපාලන සිහින ළඟා කරගන්නට සිතාගෙන සිටින විපක්ෂ කල්ලියට නම්…

Read More

වියට්නාමයේ සිට මෙරටට ඇතුළුවීම තහනම් ! – රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක

වියට්නාමයේ පසුගිය සති දෙකක කාලය තුළ සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය. ගුවන්තොටුපල හෙට (01) දින සිට විවෘත කළත්, වියට්නාමයේ සිට පැමි‌නෙණ අයට මෙම තහනම බලපැවැත්වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වියට්නාමය තුල මේ දිනවල කොවිඩ් වසංගතයේ නව දෙමුහුන් ප්‍රභේදයක් පැතිර යන බැවින් රජය  මෙම තීරණයට එළඹි බවද ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වැඩිදුරටත් කියා සිටියේය.

Read More

සුව විරුවන්ගේ සුවදුක් විමසන්න ඇමති සුදර්ශිනී කුරුණෑගල රෝහල් වෙත

කොවිඩ් වෛරසය සමග සටන් කරන සුව විරුවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම, ඔවුන්ගේ සේවය ඇගයීම සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබදව සොයා බැලීමේ අරමුණින් කොවිඩ් රෝගය සදහා ප්‍රතිකාර කිරීමට කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කළාය. ඒ අනුව අමාත්‍යවරිය විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය රෝහල, දඹදෙණිය ශාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ගිරිඋල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇතුළු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන ලදි. එම…

Read More

සීමා මායිම් නැති සංචරණ සීමා

සංචරණ සීමා පනවා තිබියදී අද  දින විශාල පිරිසක් කොළඹ නගරයට පැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොළඹ නගරයට අද  උදෑසන 6.30 – 9.30 දක්වා වු කාලයේ සිට ඇතුළු වූ වාහන සම්බන්ධයෙන් සංගනනයක් කළ බවත්, මහරගම, ගල්කිස්ස, වත්තල, කැලණිය හා පෑලියගොඩ නගර ආශ‍්‍රිතව එම සංගනයනය සිදුකළ බවත් ඔහු සඳහන් කරයි. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පුද්ගලයන් සඳහා ආයතන ප‍්‍රධානීන් විසින් නිකුත් කර ඇති ලිපි කිසිදු විධිමත්භාවයක් නොමැති බවට එම සංගනනයේ දී අනාවරණය වී ඇතැයි ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. අදාළ…

Read More

යාපනයට පළමු අදියරේදී එන්නත් පනස් දහසක්

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනයට රට පුරා ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනේ ඊයේ (30)  යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. පළමු අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කය තුළ 50,000ක පිරිසක් මෙසේ එන්නත්කරණයට ලක් කෙරෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය. සංචරණ සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක මෙම එන්නත්කරණ වැඩසටහන ඉදිරි දින කිහිපය තුළත් යාපනයේ ස්ථාන කිහිපයක දී පැවැත්වෙයි. නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. “ඉදිරි කාලසීමාව තුළ අතිගරු ජනාධිපතිතුමත් කොවිඩ් කාර්ය සාධන බලකායත් සමඟ එක්ව ඔවුන්ගේ නිර්දේශවලට අනුකූලව වැඩි අවධානමක් තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ…

Read More