චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 12ක් අත්අඩංගුවට

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයකට සහභාගි වූ 12 දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කරයි. සංචරණ සීමා පනවා තිබියදී නිරෝධායන නීතිය උල්ලංඝනය වන අයුරින් මෙම සාදය සංවිධානය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ප්‍රසිද්ධ නිරූපිකා පියුමි හංසමාලි මෙම සාදයට සහභාගී වීම හේතුවෙන් ඊයේ දිනයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හරිනු ලැබීය.

Read More

කොරෝනා ආසාදිතයෝ 8000ක් තවම නිවෙස්වල

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී නිවෙස්වලට කොටුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි. මීට අමතරව කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 330ක් ඉක්තු 31 වැනිදා වන විට රෝහල්ගතව සිටි බව ද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔක්සිජන් මත යැපෙන රෝගීන් 149ක් ඉකුත් 27 වැනි දින වන විට රෝහල්වල සිටි අතර දින හතරක් ඇතුළත එනම් ඉකුත් 31 වැනි දින වන විට එම රෝගීන් ගණන සියයට 120 කින් ඉහළ ගොස් රෝගීන් ගණන 330ක් බවට පත් වූ බව ද එම සංගමය කියයි. මේ අනුව ඉදිරි දින…

Read More

හොර ප්‍රාඩෝ රථයකින් ගිය නාගරික මන්ත්‍රී මාට්ටු !

ව්‍යාජ අංක තහඩු සවි කළ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කඩුවෙළ නගර සභා ශ්‍රිලනිප  මන්ත්‍රීවරයකු  කඩුවෙල වැලිවිට ප්‍රදේශයෙ ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. සැකකාර මන්ත්‍රීවරයා සන්තකේ තිබූ ආදායම් බලපත්‍රය ද ව්‍යාජ එකක් බව  ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාට ලද තොරතුරක් අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජි එස් සුසන්ත මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ. ලියා පදිංචි කර නොමැති මෙම වාහනය කොටස් එකලස් කර තනන…

Read More

ඕස්ට්‍රේලියා වෛද්‍ය උපකරණ 03 වැනි දා මෙරටට

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියා රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ  වෛද්‍ය උපකරණ  ලබන 03 වැනි දා මෙරටට ළගා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේදී අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වු අවස්ථාවේදීය. අගය එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදාකර ගැනීමෙන් ඉන්දියාව, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක් ඉලක්ක කරගත් අපනයන වෙළෙඳපොළක් මෙරට ස්ථාපිත කළ හැකි බවද මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී සිදුවූ…

Read More

පාර්ලිමේන්තුවේ කටයුතු 7වනදා තෙක් නවතී !

පාර්ලිමේන්තු සංකීර්ණයේ සියලුම කාර්යාල ලබන (7)වැනිදා දක්වා වසා දමා ඇතැයි එහි නිලධාරීහු පවසති . රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක වන හෙයින් එතෙක් සේවයට පැමිණීම අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සේවකයන්ට දැනුම් දී ඇත . මේ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ මේ දිනවල සේවයේ යෙදී සිටින්නේ එහි ආරක්ෂාවට සිටින පොලිස් හා හමුදා නිලධාරීන් පමණකි . මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය හා නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින් කොවිඩ් ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා එම කාර්යාලවල සේවක සේවිකාවෝ පිරිසක් පසුගිය දිනවල නිරෝධායනයට යොමු කෙරුණහ. පාර්ලිමේන්තුව ලබන…

Read More

කොරෝනා ආසාදනය වීමෙන් ජවිපෙ මන්ත්‍රීවරයෙක් මියයයි !

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ හබරාදූව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ. කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත්තේ ‍ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ජී. ලාල් මහතායි.

Read More

online ක්‍රමයට ණය දෙන හොර මගඩියක් !

සමාජ ජාලා හරහා ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවන් කිහිපයක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ලංකා බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ලංකා බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා ඇත. එමගින් ජනතාවට දන්වා ඇත්තේ ෆේස්බුක්, මැසෙන්ර් හා වට්ස්ඇප් ආදී සමාජ ජාලා හරහා මූල්‍ය වංචා කිහිපයක් පිළිබදව මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවයි. ඉක්මන් ණය පහසුකම් සැපයීමේ මුවාවෙන් ගනුදෙනුකරුවන්ගේ බැංකු ගිණුම්වල මුදල් ලබාගැනීම මෙමගින් සිදුවන බවත් ඒ් සඳහා පූර්ණ වශයෙන්ම දායක වන්නේ ගනුදෙනුකරුවා විසින් වංචනිකයන් වෙත ලබා දෙන තම ගිණුම් තොරතුරු බවත් එහි සදහන් වේ. මේ සම්බන්ධයෙන් ලංකා බැංකුව විසින් පළකර…

Read More

චීන දරුවන් වැඩි කිරීමට එරට රජයෙන් පෙළඹවීමක්!

චීනය එරට පවුලක සිටිය හැකි අවම දරුවන් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ ශීඝ්‍ර පහත වැටීමක් පෙන්නුම් කිරීම හේතුවෙන් එරට බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවය. මෙම නවතම පියවර ජනාධිපති ෂී ජින්පිං විසින් දේශපාලන මණ්ඩල රැස්වීමකදී අනුමත කළ බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි. චීනය, සිය දශක ගණනක් පැරණි එක් දරු ප්‍රතිපත්තියක් 2016 වසරේ දී අවලංගු කළ අතර එය දරුවන් දෙදෙනෙකු දක්වා ප්‍රතිස්ථාපනය කරනු ලැබූව ද ඉන් එරට උපත් අනුපාතය ඉහළ ගොස් නොතිබිණි. එරට නගරවල දරුවන් හදා වඩා ගැනීමට යන අධික පිරිවැය,…

Read More

මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා මොරටුව නගරාධිපති ලාල් ප්‍රනාන්දු මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ. එම ඉල්ලීම මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක් චෝදනාව මත මැයි 28 වනදා මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ලබන ජූනි 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Read More

හේරා බංග්ලාදේශයට එක්වීමට සූදානමක්?

හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි මීට පෙර බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස කටයුතු කළේය. කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බංග්ලාදෙශ කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු පුහුණුකරු ඩැනියෙල් විටෝරිට එම කණ්ඩායම සමගින් එක්වීමට නොහැකිවීම නිසා හේරත්ට මෙම තනතුරට ඉල්ලුමක් ලැබී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හේරත් පවසා ඇත්තේ තමන්ට බංග්ලාදේශ ක්‍රිකට් ආයතන‍යෙන් ඉල්ලීමක් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන…

Read More