විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ​ට

විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ අනුව විවාහ රෙජිස්ට්‍රාර් ගාස්තුව වූ රුපියල් 750ක මුදල ජුනි 01දා සිට රුපියල් 900 දක්වා ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ලියාපදිංචි කිරීමේ පනත යටතේ කිසියම් විවාහයක් රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් කාර්යාලයකදී විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම සඳහා මෙතෙක් පැවති රුපියල් 100 ක මුදල 120 දක්වා ඉහළ දමා ඇත. විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීමේදී පැවති රුපියල් 100 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇත.

Read More

දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ!

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මීට පෙර සඳහන් කර තිබුණේ පනවා ඇති සංචරණ සීමා ජූනි මස 7 වන දින තෙක් පමණක් ක්‍රියාත්මක වන බවය. කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇත.

Read More

ගිණි ගත් නැවේ ප්ලාස්ටික් ටොන් 584ක් ඉවත් කෙරේ

ලංකාවට ආසන්න මුහුදේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් පමණ මේ වන විට වෙරළින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව එම පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරයි. ඒ අනුව ප්ලාස්ටික් වර්ග සහ පොලිතින් වර්ග සෑදීමට යොදාගන්නා මෙම කුඩා ප්ලාස්ටික් ඇට ආරක්ෂිතව බෑග්වල අසුරා ආරක්ෂිත ස්ථානයක කන්ටේනර් තුළ ගබඩා කර තැබීමට මේ වන විට පියවර ගෙන ඇත.

Read More

නාවින්න කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය හෙට සිට ක්‍රියාත්මකයි

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා තීරණය කරන ලදි. ඒ අනුව මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල අතරමැදි කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමත් සමග අද දින (02) කටයුතු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය.  මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එක්ව සිටියහ. මෙහි ප්‍රතිකාර සේවාවන් හෙට දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මහරගම අපෙක්ෂා රෝහලට සම්බන්ධ කොට අධීක්ෂණ කටයුතු…

Read More

ඉදිරි දින 06 තුළදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක්

ඉදිරි දින 6 තුළදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 ක් මෙරටට ගෙන්වන බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ සදහන් කළේය. කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් මේ වන විට කළු වෙළදපොළක් නිර්මාණය වී ඇති බව  රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී පැවසීය.  රජය සෑම විටම මෙරටට ගෙන එන්නේ නියමිත ප්‍රමිතිය පිළිබද තහවුරු කිරීමක් කළ එන්නත් පමණක් බවද ඔහු කියා සිටියේය. 

Read More

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 13ක් අත්අඩංගුවට.. ඇප මත නිදහස්…

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති උපන් දින සාදයකට සහභාගී වූ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැර තිබේ. ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ ප්‍රසිද්ධ නිරූපිකා පියුමි හන්සමාලි මීට පෙර මෙම සාදය සංවිධානය කළේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හරින ලදී. ඉන්පසුව එම සාදයට සහභාගි වූ පිරිස් සොයා මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. නිරෝධායන නීති පනවා තිබේ දී එලෙස සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් නිරෝධායන රෙගුලාසි අනුව පොලිසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Read More

සීමිත රාජකාරි සඳහා තැපැල් කාර්යාල හෙට සිට විවෘත කෙරේ

හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ජුනි මාසයට අදාළ මහජන ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා තැපැල් කාර්යාල එලෙස විවෘත කෙරෙන බවය. එම ගෙවීම් ලබාගැනීමට පැමිණීමේදී අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කර ගෙවීම්ලාභීන්ට තැපැල්/උප තැපැල් කාර්යාල වෙත පැමිණීමේ හැකියාව ලැබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ජනාධිපති කාර්ය සාධක බළකායේ ඉල්ලීම පරිදි නිවෙස්වල සිටින රෝගීන් සඳහා රජයේ රෝහල්වල සායන වෙතින් නිකුත්කරන ඖෂධ බෙදාහැරීමේ කටයුතු ද පසුගිය…

Read More

සංචරණ සීමා මගහැර කොළඹට ඇතුළුවන වාහන පාලනයට නව ක්‍රමවේදයක්

සංචරණ සීමා පනවා තිබියදීත් කොළඹට රථවාහන විශාල සංඛ්‍යාවක් පැමිණීම පාලනය කිරීම සහ එම රථවාහන විධිමත්ව පරික්ෂාවට ලක්කිරීම සඳහා පොලිසිය අද (02) නව ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව කොළඹට අතුළුවන ප්‍රධාන පිවිසුම් ස්ථාන 56 කදි අද පෙරවරු 6.30 සිට රථවාහන වෙන්කර දැඩි පරික්ෂාවකට ලක්කිරීම සිදුකළ අතර පරික්ෂාවට ලක්කෙරුණු රථවාහන හඳුනාගැනීමට ස්ටිකරයක් ඇලවීමද සිදුකළේය. කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ඉකුත් මැයි මස 29 වන සෙනසුරාදා දැඩි කරනු ලැබීය. එසේ සංචරණ සීමා දැඩි කරනු ලැබුවද ගෙවී ගිය දින දෙක තුළ කොළඹට පැමිණෙන රථවාහනවල විශාල වශයෙන් වැඩිවීමක්…

Read More

ගිනිගත් නැව මුහුදු පත්ලට ගිලා බසී… ඇදගෙන යාම අතහැර දමයි..

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශ වී ගිය නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත තර කර දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ එම නෞකාවේ පසුපස කොටස මීටර විසි දෙකක් පමණ ගැඹුරු මුහුදට ගිලා බැසීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත් මෙතෙක් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් නාවුක හමුදාව අවධානයෙන් සිටින බවත් නාවුක හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය. මේ අතර ධීවර අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත්තේ පානදුර සිට කොච්චිකඩේ දක්වා මුහුදු කලාපයේ සියලූ ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා දමන ලෙසයි.…

Read More

පානදුර සිට කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතු එපා

පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධීවර යාත්‍රාවලට ධීවර කටයුතුවලින් ඉවත් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අද දිනය තුළ මුහුදේ ගිලියාමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට අදාළ අංශ විසින් තහවුරු කිරීම හේතුවෙන් එම දැනුම්දීම සිදුකර ඇත. යාත්‍රාවේ ඇති ඉන්ධන ඇතුළු අපද්‍රව්‍ය මෙන්ම දැවී ගිය කන්ටේනර්වල යකඩ කොටස් මුහුදේ පාවී යාත්‍රාවල ගැටීමේ අවදානමක් මතුව ඇති බැවින් පානදුර සිට කොළ‍ඹ හරහා කොච්චිකඩේ දක්වා වෙරළාසන්න මුහුදේ සියලු ධීවර යාත්‍රා ඉවත් කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස සෙසු…

Read More