නාමල් රාජපක්ෂ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි !

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී තිබේ. ඒ ඔහුගේ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධුරයට අමතරවයි.

Read More

ගම්පහ සහ කළුතරට ගංවතුර තත්වයක් !

ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, මිල්ලනිය, කළුතර, හොරණ, ඉංගිරිය සහ මතුගම ප්‍රදේශයන්හි පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. පවතින වර්ෂා තත්ත්වය මත කැලණි කළු සහ අත්තනගළු ඔයේ ජය මට්ටම් ඉහළ යමින් පවතින නිසා මෙම තත්ත්වය ඇති වනු ඇතැයි ඒ දෙපාර්තමේන්තුව කියා සිටී. මේ අතර රත්නපුර, කළුතර, ගාල්ල, කොළඹ, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ඉදිරි පැය 24 සඳහා නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ ඉදිරියේදී තද වර්ෂාපතනයන් ඇතිවනු ඇතැයි අනාවැකි පල කර තිබේ.

Read More

පුළුවන් නම් ඔප්පු කරන්න – චන්දිමාල්ගේ පාටියට මම ගියේ නැහැ : පුෂ්පිකා යලිත් කරලියට

ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද සාදයට තමන් සහභාගී නොවූ බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළාය. තමන් ඊට සහභාගි වූ බවට ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පළ කරන බව ද එසේ ප්‍රචාර කරන්නේ කුමන පදමින් කියූ දේ නොදන්නා බව ඇය පවසයි. එසේ අසත්‍ය ප්‍රචාර කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තමන් එකී සාදයට සහභාගී වූයේ හැකිනම් සාක්ෂි සහිතව ඔප්පු කරන්නැයි අභියෝග කරන බවද ඇය කියා සිටියි.

Read More

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආපු මාධවී කෝ? නිරෝධායනයට යැවු පිරිස ප්‍රශ්න කරයි (VIDEO)

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මේ වන විට සමාජ මාධ්‍ය තුල මෙන්ම රටේ දැඩි කතා බහකට ලක්වී අවසන්. ඒ නිරෝධායන රීති උල්ලංගණය කිරීමේ චෝදනාවට එම උපන්දින සාදයට එක්වූ පුද්ගලයින් අතරින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවීමට ඉදිරිපත් කිරීමෙන්.නිරෝධායන රීති උල්ලංගණය කිරීමේ චෝදනාවට ඇප ලැබූ මෙම පිරිස කොටුව පොලිසිය විසින් අද දිනයේදී පස්සර ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා.මෙම සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අද සවස් කාලයේදී පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුලත්වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මෙම සාදයට සහභාගිවූ බව කියන ජැක්සන් ඇන්තනි ගේ…

Read More

2021 ජූනි මස 03 වන බ්‍රහස්පතින්දා – අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය අධ්‍යාපන කටයුත්තක නිරත වන මේෂ ලග්න හිමියන්ට අද දිනය තුල තරමක් බාධා ඇති වන්නට පුළුවන්. කායික ශක්තිය යහපත් වන දිනයකි. යම් කාර්යබහුලතාවයක් අද දවස පුරාම ඇති වන්නට පුළුවන්. ඔබගේ කටයුතු සාර්ථක ලීලාවෙන් අවසන් කරන්නට අද දිනයේදී හැකියාව උදාපත් වේවි. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ගෙවල් දොරවල් ආශ්‍රිත කාරණාවලදී යම් කාර්යබහුල ස්වභාවයක් ඇති වන්නට හැකියාවක් පවතින දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. අනවශ්‍ය කටයුතු වලට මැදිහත් වී අත්‍යවශ්‍ය කටයුතු රැසක් මගහැරෙන ආකාරයක් දක්නට ලැබෙනවා. සැලසුම්සහගත වීම වැදගත්. මිථුන ලග්නය ඔබගේ පෞරුෂත්වය විදහා දක්වන්නට හැකියාව ලැබෙන දවසක් ලෙසින් අද දිනය හඳුන්වන්නට…

Read More

එකම බසයෙන් වැඩට ගිය 18දෙනෙකුට කොවිඩ්

හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පිටරත්මලේ, තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි. බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇත. ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මෙම බස්රථයේ ගමන්කළ ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 වෛරසය අසාදිත බව තහවුරු වී තිබේ. මේ අනුව සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණට ලක් කර ඇති අතර ඉන් 18 දෙනෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…

Read More

රට රකිනා සුව විරුවෝ

වසංගතයක් යනු සාමාන්‍ය තත්ත්වයක් නොවේ. සාමාන්‍ය රෝග ව්‍යාප්තියකදී එම රෝගය පාලනය කිරීමට උපරිම බලය එක තැනකට යොමු කළ හැකිය. එසේ එක තැනකට බලය යොමු කිරීම තුළින් ප්‍රාදේශීය ලෙස පැතිර ඇති රෝග ව්‍යාප්තියක් පහසුවෙන් පාලනය කළ හැකිය. පසුගිය දශක කිහිපයේ මතුව ආ ඩෙංගු රෝගී ව්‍යාප්තිය අප පාලනය කළේ ඒ ආකාරයටය. මෙහිදි සුව සේවා කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙය අතිමහත්ය. යුද්ධ භූමියක ඉදිරිපස පෙරමුණේ සිටින්නේ පාබල හමුදාවය. ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් සහ පුහුණුවක් තිබේ. යුද්ධය ජය ගැනීමට ඔවුන් කරන කැපකිරීම අතිමහත්ය. වසංගත තත්ත්වයකදී එම කාර්ය ඉටු කරනු ලබන්නේ සුව සේවකයන්ය. වෛද්‍යවරුන්…

Read More

චන්දිමාල් නිරෝධායනයෙන් පැන තලවතුගොඩ රෝහලක නවතී !

නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කිරීමෙන් පසු නිරෝධායනය සදහා යොමු කරන ලද පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ඇතුලත්ව නැතැයි වාර්තා වේ. මේ වන විට ඔහු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක නැවතී සිටින බවද සඳහන්ය. ඊයේ දිනයේ බණ්ඩාරෙවල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට පහළොස් දෙනකුගේ පමණ පිරිසක් යොමු කළ නමුත් චන්දිමාල් ජයසිංහ එහි සිටියේ නැත. ඔහු සොයා ඔහුගේ කෝට්ටේ පිහිටි නිවසට ගිය ද එම නිවස නිවසේ ද ඔහු නො සිටි බව පොලිසිය සඳහන් කර තිබිණි.

Read More

නුවරඑළියේ කොවිඩ් එන්නත්කරණය කඩිනම් කරයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  කොවිඩ් 19 වැලැක්වීම සඳහා වු  එන්නත් කරනය සඳහා  සංවිධාන කටයුතු සහ ජනතාව සුදානම් කිරීමට අදාලව වැඩපිළිවලක් කඩිනමින් සකසන ලෙස දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා අදාල අංශවෙත උපදෙස් ලබාදී ඇත.   පසුගියදා (01)  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලීය ආශ්චර්ය ශාලාවේදී පැවැති කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ ඉදිරියේදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එන්නත් ලැබිමට නියමිත බවත්, එම එන්නත් ලබාදීම සඳහා ප්‍රදේශ තොරාගැනීම සඳහා  රජය විසින් ලබාදි ඇති නිර්ණායකයන්ට අනුව ප්‍රමුඛතා ලයිස්තුවක් සැකසිම කළ යුතු බවත්ය. දිස්ත්‍රික් ලේකම් වරයා තවදුරටත් සඳහන් කලේ මෙවැනි වැඩපිළිවලක් සැකසීම…

Read More

නිරෝධායන නීති කඩ කිරිම් 947 ක්

පොලිසිය ප්‍රකාශ කරන පරිදි ඊයේ (02) දිනය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21,087කි.  ඊයේ දිනයේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිසපති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි.   මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පිරිස සංඛ්‍යාව 163කි.   මීට අමතරව කුලියාපිටියෙන් 88ක් සහ නිකවැරටිය ප්‍රදේශයෙන් 73ක් අත්අඩංගුවට ගෙන තිබේ.  

Read More