කාබනික පොහොර රටින් ගෙන්වීමට අවශ්‍ය නැ… JVP ය බොරු බිල්ලෙක් මවන්න හදනවා

එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙනවා. කාබනික පොහොර ගෙන්වන්න අවශ්‍ය වන එකක් නැහැ . JVP බොරු බිල්ලෝ මවනවා. ලබන සඳුදා සිට කාබනික පොහොර ලියාපදිංචිය අරභනවා කාබනික පොහොර හදාගන්න ගොවින්ට මුදල් ගෙවනවා. නිශ්පාදනය කරන කාබනික පොහොර රාජ්‍ය පොහොර සමාගම් මිල දී ගන්නවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පරිසර හිතකාමි කාබනික භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා පවසනවා. අද කාෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා…

Read More

රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (04) ඉවත් වී ඇත. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් තමන් ඉවත් වන බවයි. අනතුරුව පෙත්සම සලකා බැලීම මේ මස 11 වනදා දක්වා කල් තැබුණි. මින් පෙරද මෙම…

Read More

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති යැයි පවසමින් බොරු වැපිරූ තැනැත්තා මාට්ටු

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර සිදුකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති යැයි කියාගන්නා රජිව් යසිරු කුරුවිටගේ මැතිව් යන අයෙක් ශ්‍රී ලංකා පොලිසිය පරිගණක අපරාධ ඒකකය විසින් කැඳවා තිබේ. මීට සුළු මොහොතකට පෙර” ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් අදාළ තැනැත්තා පවසා තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කීපයකටම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි .

Read More

රටම කතා කළ මාධවී අත්අඩංගුවට!

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ සූපවේදියකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි . අම්මා හෝටලය පැවැති උපන්දින සාදයට සහභාගි වූ චන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන නිරෝධායන සඳහා යොමුකර තිබෙනවා . මීට අමතරව එම උපන්දින සාදයට සහභාගි වූ තවත් 6 දෙනෙකු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ . ඒ අතර ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනි මහතාගේ දියණිය ද ඇතුළත් වන බව වාර්තා වේ. මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විසි එක් දෙනෙකු අත්අඩංගුවට…

Read More

වාහන වලින් ගමන් කරන පුද්ගලයින්ගේ පී.සී.ආර්. කරන්න

සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාව තුළ රථ වාහන වලින් ගමන් කරන පුද්ගලයින් කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කර තිබේ. එම වැඩපිළිවෙල මගින් අනවශ්‍ය සංචරණ සීමා බොහෝ දුරට පාලනය වනු ඇති බව ඒ මහතා පැවසීය. එමෙන්ම එමගින් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමට ද ඉඩ අවස්ථාව සැලසෙන බව මහාචාර්යවරයා සදහන් කරයි. සංචාර සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී පී.සී.ආර් පරීක්ෂණ වැඩි කළ යුතු බවත්, ඉන් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගැනීමට ඉතා පහසු බවත් ඒ මහතා පැවසීය. සංචරණ සීමා ක්‍රියාත්මක කාලසීමාවේදී වැඩි ප්‍රයෝජන ගැනීමට නම් උපරිම…

Read More

චන්දිමාල්ගේ මව නැගණිය ඇතුළු පිරිසක් අත්අඩංගුවට !

ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියදුරා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ වන දූෂණ දූෂණ විමර්ශන ඒකකයේ සඳහන් කරන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී නිරෝධායන රෙගුලාසි කඩමින් පැවති උපන්දින සාදයට සහභාගී වූයේ යැයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගන්නා ලද 06 දෙනෙකු වන මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.

Read More

ලංකාවට එන්නත් සපයන බව අමෙරිකානු ජනපති පවසයි

ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල ට සපයන බවය. ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබේ.

Read More

පස් කන්දක් කඩාවැටිමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන්

රත්නපුර, ඇල්ල දේවාලය අසලදී පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි පුද්ගලයෙකු සහ ඒ අසල මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ සිද්ධියෙන් අතුරුදහන් වූ පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

Read More

කොරෝනා දෙවැනි රැල්ලට ඉන්දියානු වෛද්‍යවරු 594ක් බිලි

ඉන්දියාවේ දැනට පැතිර යන දෙවැනි කොරෝනා වසංගත රැල්ලෙන් මේ වන විට එරට වෛද්‍යවරුන් 594දෙනකු මිය ගොස් ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය නිවේදනය කර තිබේ. මෙසේ මිය ගොස් ඇති වෛද්‍යවරුන්ගෙන් බහුතරය එනම් 107 දෙනෙකු දිල්ලි නගරයේ සේවය කළ වෛද්‍යවරුන් වන අතර දෙවැනි කොරෝනා වසංගත රැල්ලෙන් මිය ගොස් ඇති ඉන්දීය වෛද්‍යවරුන්ගෙන් සියයට 45ක්ම දිල්ලි, බිහාර් හා උත්තර් ප‍්‍රදේශ් යන ප‍්‍රාන්ත තුනෙහි සේවය කළ වෛද්‍යවරුන් බව සංගමය කියයි. පසුගිය වසරේ හටගත් පළමු වැනි කොරෝනා වසංගත රැල්ලේ සිට මේ දක්වා මිය ගොස් ඇති කොරෝනා මර්දන සටනට දායක වූ ඉන්දීය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 1300කට ආසන්න බව…

Read More

පොලිසියට බැනලා වැඩක් නෑ අපි කරන්නේ රාජකාරියක් – මෙහෙම නොකළොත් ලංකාවත් ඉන්දියාවක් වේවි

සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නේ කොරෝනා රෝගය ව්‍යාප්ත වෙන එක වළක්වන්නයි. පොලිසිය මේ විදිහට හරි ක‍්‍රියානොකළා නම් මේ රට ඉන්දියාවේ තත්ත්වයට යන්න තිබුණා’ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ පුවත්පතට ඊයේ (03) පවසා තිබේ .  සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ නිරත සමහර පොලිස් නිලධාරීන් තමාව පීඩාවට පත්කරන බවට රියැදුරන් නගන චෝදනාව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා එසේ කියා තිබේ.  මෙහිදී තවදුරටත් කතාකළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙසේද පවසයි.  සංචරණ සීමා කඩකරමින් ධාවනය කරන වාහන පරීක්ෂාවට ලක්නොකළොත් කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම කොරෝනා පොකුරු වගේම…

Read More