කැලණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට

කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය. ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගං වතුර තවත් වර්ධනය වනු ඇතැයි ඔහු කීවේය. කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇතිවීම මෙයට හේතුව බවද සුගීෂ්වර මහතා පැවසීය.

Read More

සංචරණ සීමා 14න් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ තියෙනවා – ඇමැති කෙහෙළිය කියන කතාව

දැනට පනවා ඇති සංචරණ සීමා ඇතැම්විට ජුනි 14 වැනි දැන් පසුවත් දීර්ඝ කිරීමට ඉඩ ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. කෙසේවෙතත් ඉදිරියේදී ගන්නා තීරණ ගැන දැන්ම නිශ්චිතව සඳහන් කළ නොහැකි බවද පැවසූ ඔහු සංචරණ සීමා දීර්ඝ කළහොත් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමට අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම රජය ගන්නා බවත් පැවසීය. වසංගතය හමුවේ ලොව කිසිම රටක් නිශ්චිත වැඩපිළිවෙළක් අනුගමනය නොකරන බවත් එළඹෙන තත්ත්වයන් අනුව තීරණ ගන්නා බවත් ඇමැතිවරයා කීය. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවර දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි

Read More

ජුනි 29 වනදා යළි පාසල් විවෘත කරනවාද?

අදියර 04ක් යටතේ ලබන 29 වනදා යළි පාසල් විවෘත කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි. යළි පාසල් ආරම්භ කිරීමේ සැලසුමක් පාසල් විවෘත කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්නතවමත් ගෙන නොමැති බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහ්න් කරයි.

Read More

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වුණු බවයි. කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කර ඇති මහ කොමසාරිස්වරිය එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහය පිළිබඳව අදහස් පළ කර ඇත. වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු වී තිබේ. වසර 2030 වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය…

Read More

මවක් සහ දියණියක් ළිඳක වැටී මරුට

මිල්ලනිය පරගස්තොට මානාන ප්‍රදේශයේ නිවෙසක 35 හැවිරිද මවක සහ ඇගේ පස් හැරිදි දියණිය  නිවෙස අසල ළිඳට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙය සියදිවි හානි කරගැනිමක් ද නැතිනම් වැටුණාදැයි දැන ගැනීමට පොලිසිය පරික්ෂණ සිදු කරයි.

Read More

රට විවෘත කිරීම ගැන පොලිසියෙන් පුංචි ඉඟියක්!

සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහතා පවසයි . රට විවෘත කිරීමේ තීරණය පවතින්නේ ජනතාව අතේ බවත් ජනතාව මේ අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි පිළිපදිමින් සෞඛ්‍ය අංශවලට උපරිම සහාය ලබාදිය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි . අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට නිවසෙන් පිටව නොයෙන්නයිද ඔහු ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි .

Read More

නුදුරේදීම දිනකට රෝගීන් 25000ක් පමණ වාර්තා වේවී – සෞඛ්‍ය අංශ රජයට දන්වයි !

දැනට රෝගීන් වාර්තා වීමේ තත්ත්වය මත ඉදිරි සති කිහිපය ද මේ ආකාරයෙන්ම පැවතුණහොත් රට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වා දී තිබේ. ඉදිරි සති කිහිපය තුළ දැනට වාර්තාවන ආකාරයට ආසාදිතයන් වාර්තා වූවොත් දිනකට රෝගීන් 25,000-30,000 රෝගීන් පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවල සිදුවනු ඇතැයි ද  ඔවුන් දැඩිව අවධාරණය කර ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ. මෙසේ පැතිරි යන ප්‍රභේදය ඉතා ඉක්මනින් බෝවන ප්‍රභේදයක් බවත් එනිසා බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත් වී ඔක්සිජන් මත රඳා පවතින තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත. මේ…

Read More

රට ගොඩනගන ලෝකය පිළිගත් නායකයා ඉන්නේ එජාපයේ – රංගේ බණ්ඩාර කියයි

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ ජනතාවගේ ජීවිත රැක ගැනීම අත්‍යවශ්‍ය සේවයක් බව හොඳින්ම දැන කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් බිය වැද්දීම සඳහා “ගැසට්” ගැසී⁣ම වැනි බොළඳ ක්‍රියා නොකර වසංගතය පාලනය කරන්නට බැරි නම් ඉල්ලා අස් වෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. අනුරාධපුර යුගයේ ගෝඨාභය රජ කාලය මෙන්ම වර්තමාන පාලනය ද ජනතාව පීඩා වට පත් කරමින් සිටින බව කී ඒ මහතා  මෙි අවස්ථාවේ රට ගොඩනගන්නට ලෝකය පිළිගත් පළපුරුදු නායකයා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බවද සඳහන්…

Read More

මනාලිය හෘදයාබාධයකින් මරුට – ඇගේ සොහොයුරිය ඒ මොහොතේම මනාලයා සමඟ විවාහ වෙයි

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලිය හදිසි හෘදයාබාධයකට ලක් වී මියයෑමත් සමගම ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ජයිමාලා උත්සවයකදී මෙම යුවළ මල්මාලා හුවමාරු කර ගැනීමට සූදානම්ව සිටියදී “හදිසියේම මනාලිය හදිස්සියේම ඇදවැටී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබුනා. සුර්බි නමින් හඳුන්වන මෙම මනාලිය මිය යෑමත් සමඟම දෙපාර්ශ්වයේම ඥාතීහු විවාහ මංගල්‍යය කල් නොදමා එම අවස්ථාවේම මියගිය තැනැත්තියගේ සොහොයුරිය මඟුල් ඇඳුමකින් සරසා විවාහයට සූදානම් කර තිබෙනවා. මියගිය මනාලියගේ මාමා වූ අරාබ් සිං පැවසුවේ මනාලිය මිය යෑමෙන් පසු ඥාතීන්ට විවාහය මංගල්‍යය පවත්වනවාද නැද්ද යන්න ගැන කනගාටුදායක තීරණයක්…

Read More

සනත්ට ඔස්ට්‍රේලියා පුහුනුකරු තනතුරක්

ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කර ඇතැයි වාර්තා වේ. වසර 2021-22 තරග වාරය වෙනුවෙන් මේ පත් කිරීමට සිදු කර ඇතැයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය පවසයි. මේ ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරන අතර, මෑතකදී ජගත් පිටියෙන් විශ්‍රාම ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග ද එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි. 2011 වසරේ ජගත් පිටියට සමු දුන් 51 හැවිරිදි සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 110ක්, එක්දින තරග 445ක් සහ විස්සයි20 තරග…

Read More