එන්නත නොලැබුණොත් රට පුරා ෆාමසි වසා දැමීමට තීරණයක් ?

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු කරයි. එහිදී නිරෝධායන නිවෙස්වලට මෙන්ම රෝගීන් සිටින නිවාසවලට ඖෂධ බෙදා හැරීමේදී අනාරක්ෂිත බවක් මතුව ඇති බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරයි. එම නිසා කඩිනමින් එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…

Read More

ජල බිල්පත් ගෙවීමට සහනයක්

මහජන තාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවය. ඒ අනුව මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. “සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා.”

Read More

ජීවිත ආරක්ෂාව නොසලකා වාසය කරන පිරිස් ඉවත් කිරීමට විශේෂ චක්‍රලේඛයක් !

නායයෑම් අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් එම ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් ඉවත් කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊයේ (05) දිනයේදී අදාළ චක්‍රලේඛය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකවරුන් වෙත යොමු කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යෂක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි. විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා, “ජීවිත ආරක්ෂාව ලබාදීම සඳහා රතු සලකුණු දක්වා තිබෙන නිවාසවලින් ඉවත් නොවී සිටින අයව මේ වගේ අවස්ථාවකදී පොලීසිය සමග සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ආපදාවට ලක්වූවන්ට පිසුණු ආහාර ලබාදීමත් ඒ සඳහා සහන සැපයීමත් සිදුකෙරෙනවා”

Read More

මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 29ක් නාවික හමුදා අත්අඩංගුවට

යාපනය , මුහුදු තීරයේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනකු  අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. ධීවර බෝට්ටු 11 කින් පැමිණි ධීවරයන් පිරිසක් කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටින බවට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාර ධීවරයන් අත්අඩංගුවටගත් බව නාවික හමුදාව කියයි. සැකකාර ධීවරයින් භාවිතා කළ කිමිදුම් උපකරණ , ඔක්සිජන් ටැංකි හා ධීවර යාත්‍රා එන්ජින්ද නාවික හමුදා භාරයට ගත් බව සඳහන් කළේය. අත්අඩංගුවටගත් පිරිස මන්නාරම හා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 25 ත් 55 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

Read More

රට විවෘත කරන තෙක් ගෙදරට වෙලා ඉන්න – දිනකට ආසාදිතයන් 3000ක් වාර්තා වීම සැලකිය යුතු තත්වයක්

පවතින සංචාරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳව විවිධ නිර්දේශ පැමිණ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය. නමුත් ඒ ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය. දිනකට කොරෝනා ආසාදිතයන් තුන්දාහකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් වාර්තා වීම සැලකිය යුතු තත්ත්වයක් බවත් පවසන ඒ මහතා ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අදාළ තීන්දු නිසි වෙලාවට ගනු ඇති බවද කියා සිටියේය. කෙසේ වෙතත් නැවත කවදා හෝ රට විවෘත කරන තෙක් ජනතාව නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිතව සිටීම වසංගතය පාලනයට ඉතා වැදගත් බවද ඔහු පැවසීය. එළැඹෙන 21 වෙනිදා දක්වා සංචරන සීමා දීර්ඝ කරන…

Read More

11 වැනිදා ජනාධිපතිවරයා තීරණාත්මක තීන්දුවක් ගන්න යයි

කොවිඩ් රෝගීන් හමුවීම දෛනිකව වැඩිවීම හේතුවෙන් රෝගය පාලනය කිරීම සඳහා සංචරණ සීමා තවත් සතියක් දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබේ. සංචරණ සීමා පැනවීම තුළින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති බවත්, දැනට පවතින තත්ත්වය තුළ රට විවෘත කළහොත් දැඩි අවදානමක් මතුවිය හැකි බව එම සංගමය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. එසේ වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ තර්ජනයක් පවතින බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ප්‍රකාශ කරයි. එම නිසා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින්වත් දීර්ඝ කරන ලෙස සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. දැනට පනවා ඇති සංචරණ…

Read More

බලපත්‍රයක් නොමැතිව ප්‍රතිශක්තිකරණ ඖෂධයක් අලෙවි කරලා

ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස හැඳින්වෙන නිෂ්පාදනයක් බලපත්‍ර නොනතිව අලෙවි කිරීමේ නිරත පුද්ගලයෙකු බටපොල ඉලුක්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවට ළද පැමිණිල්ලකට අනුව එහි නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. බටපොල එගොඩාන ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අදාළ පුද්ගලයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

Read More

රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 7ට පමණ පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබේ. තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු රත්ගම පන්විල නව ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. එම පුද්ගලයා යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි අයෙකු වෙඩි තැබීම සිදුකර ඇත. වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයාට එරෙහිව ගාල්ල අධිකරණයේ මිනීමැරීමේ චෝදනා නඩු 3ක් විභාග වෙමින් ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

Read More

ආසාදිතයින් වැඩි වීමට හේතුව පහදයි

මේ දිනවල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. එබැවින් එම කර්මාන්තශාලා හිමිකරුවන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උපදෙස් ලබා‍දී ඇති බව ද විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. මේ අතර එම කර්මාන්ත ශාලා වලින් වැඩි වශයෙන් ආසාදිතයින් හමුවේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තු වන බවද වැඩි දුරටත් සඳහන් කරයි. සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, “මේ දවස්වල කර්මාන්තශාලාවල රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. ඒ ආකාරයෙන්…

Read More

කොළඹට ගසක් ඉතිරි කරමු

ලෝක පරිසර දිනය මූලික කර ගෙන කොළඹ මහා නගර සභාව ක්‍රමානුකූලව විවිධ පරිසර පද්ධති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පරිසර දිනය හා සැබැඳි ආයුර්වේදය අප ජීවත්වන පරිසරයට කොතරම් දුරට බද්ධ වී පවතී ද යන්නත්, එහි අඩංගු කාරණා පිළිබඳ විමර්ශනයක් ඉදිරිපත් කිරීමටත් මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය රෝගීන්ගේ රෝග සුවපත් කිරීම පමණක් නොව ධාර්මිකවුත්, සදාචාර සම්පන්නවූත්, ජීවිතයක් ගත කිරීමට උගන්වන ආචාර ධර්ම හා උපදෙස්වලින් යුක්ත වූ ජීවිත දර්ශනයක් ලෙස හැඳින්විය හැකිය. මෙම ජිවන දර්ශනයක් වු ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හුදෙක් මිනිස්සුන්ගේ රෝග නිවාරණයට මෙන්ම රෝග වැළක්වීමට පමණක් සීමා වූවක් නොවේ. එය…

Read More