නිරෝධායන නීති කඩා නවගිරියාව වැව් ඉස්මත්තේ පාටි දාලා

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විනෝද චාරිකාවක පැමිණ උහන බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරපුරදී සාදයක් පැවැත්වූ කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උහන පොලීසිය පවසයි. උහන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදු කර ඇත. ඔවුන් ත්‍රීරෝද රථ දෙකකින් සහ යතුරුපැදි කීපයකින් පැමිණ සිට ඇති අතර පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය පිසීමට සූදානම් වෙමින් සිටි බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පිරිසට අමතරව වයස අවුරුදු 08-10-සහ 12 වයස්වල ළමයින් දස දෙනෙකු ද එහි සිට ඇත. අත් අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත මුදා ඇර…

Read More

වෛද්‍ය හේමන්ත හේරත්ට සමාව ගන්නැයි දන්වයි !

මාධ්‍ය සංවිධාන එකතුව විසින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙත සියළු මාධ්‍ය වෙත පිටපත්ද සහිතව යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. 2021. 06. 07විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,මාධ්‍ය ප්‍රකාශක,සෞඛ්‍ය අමාත්‍යාංශය,සුවසිරිපාය,අංක 385, පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,කොළඹ 10. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ’ මාධ්‍යවේදීන් යැයි කළ අපහාසය සම්බන්ධයෙනි. වෛද්‍ය හේමන්ත හේරත් මහතාණෙනි, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වැඩි දෙනා ‘තර්ඩ් ක්ලාස් වැඩ කළ මාධ්‍යවේදීන්’ බව හඳුන්වමින් ඔබ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව වශයෙන් අපි අපගේ බලවත් අප්‍රසාදය පළ කරන අතර, ජනතාවට මෙන්ම රටට සිදුවන අයහපත සම්බන්ධයෙන්…

Read More

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට(8) දිනයට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේ උදෑසන 10 සිට සවස 4.30 දක්වා එලෙස පාර්ලිමේන්තුව රැස්වන බවයි. කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් එහි කැඳවීමද බරපතළ ගැටලුවක් වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂ බදු පනත් කිහිපයක් හෙට දින විවාදයට ගැනීමට නියමිතයි.

Read More

කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අවසර

පළමු සහ දෙවැනි මාත්‍රා සඳහා කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය හිමිව තිබේ. ස්පාඤ්ඤයේ සහ එක්සත් රාජධානියේ සිදු කළ පර්යේෂණ කිහිපයක් පදනම් කර ගනිමින් කැනඩා රජය එම අනුමැතිය ලබා දී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත්කරණය පළමු හා දෙවැනි මාත්‍රාව වශයෙන් මිශ්‍ර කිරීමට අනුමැතිය ලබා දී තිබුණි. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කැනඩාවේ යම්කිසි පුද්ගලයකුට කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ඇස්ට්‍රාසෙනෙකා භාවිත කළ ද, දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා හෝ ෆයිසර් එන්නත්කරණය කිරීමට හැකියාව පවතී.

Read More

අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් විශාල පිරිසක් මිය යයි!

අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් පාකිස්තානයේ දකුණු ප්‍රදේශයේ ධාරක් නගරයේදී අනතුරක් සිදුව තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම අනතුර හේතුවෙන් 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ය. කරච්චියේ සිට ගමන් ගමේ තිබූ දුම්රිය පීලි පැනීමට ලක්ව අනෙක් මාර්ගයේ පැමිණි දුම්රිය සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Read More

වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කරන්න තීරණයක්

කොවිඩ් වසංගත කාලසීමාවේ දී සියලු ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනා මාස හතරක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මැයි මස පළමු වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා වෛද්‍ය පරිපාලන, විශේෂඥ වෛද්‍ය ඇතුළු සියලු ශ්‍රේණිවල වෛද්‍ය නිලධාරීන් සඳහා අමතර රාජකාරි දීමනා සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇත. ඒ අනුව ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශය මත වෛද්‍ය නිලධාරීන්ගෙන් කොටසක් පමණක් සේවයට වාර්තා කළ යුතු ඒකක, අංශ හා රෝහල් සඳහා දැනට පවතින දිනකට උපරිම අමතර රාජකාරි දීමනාව පැය හතරේ සිට පැය අට…

Read More

සැකකරුවෙක් මිය යෑම නිසා පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

පානදුර උතුර පොලීසිය කළ ජංගම මුර සංචාරයකදී සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වත්තපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවුරුදු 48ක් පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සැකකරු ජීප් රථයෙන් පොලිස් ස්ථානයට වෙත රැගෙන ඒමේදී ඇතිවූ සිද්ධියකදි තුවාල ලබාපානදුර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ සවස් කාලයේදී ඔහුට ඇප ලබාදීමක් සිදුකර තිබුණත් ඇප ලබා සිටියදීම ඔහු මියගොස් තිබේ. මේ පිළිබඳව උප පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කර ඇත්තේ ධාවනය වෙමින් පැවැති රථයෙන් සැකකරු බිමට පැනීම…

Read More

ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින්

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාදියන් 2976ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 805ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 589ක් හා කලුතර දිස්ත්‍රික්කයේන ආසාදිතයන් 300ක් ලෙස වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 589ක් හා කලුතර දිස්ත්‍රික්කයේන ආසාදිතයන් 300ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

රිෂාඩ් බදියුදින් අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිතය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කලේ මේ සඳහා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද සහභාගී වනු ඇති බවයි.

Read More

බංග්ලාදේශය හේරත්ට බෑ කියයි

බංග්ලාදේශ මාධ්‍ය ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක් කර ගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක බවයි. මේ පත්වීම සම්බන්ධයෙන් හේරත් සහ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර, අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම ඊට හේතු වී තිබේ. මේ තනතුර සඳහා හේරත් විසින් දිනකට අමෙරිකානු ඩොලර් 1500ක් ඉල්ලා ඇති අතර, දින 120ක් පමණක් සේවය කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, එම කරුණු සමඟින් පුහුණුකරුවකු ලෙස ඔහුගේ අත්දැකීම් ප්‍රමාණත් නොවීමත් මීට බලපා ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් බංග්ලාදේශ කිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන්…

Read More