මිනිස්සු මාලු ගන්නේ නැතැයි වෙළෙන්දෝ කියති

පසුගිය දිනක සාගරයේදී අනපේක්ෂිත ලෙස ගිනිගැනීමකට ලක්වූ පර්ල් එක්ස්ප්‍රස් නෞකාව පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් ජනතාව මාළු මිලදී ගැනීමේ යම් අඩුවක් ඇති බව බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වෙළඳුන්ද සඳහන් කරයි. අද දින (08) දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන විවෘත ව පැවතුන අතර ඒ අනුව අද මෙන්ම හෙට දිනයේදීත් (09) පිළියන්දල බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තොග වෙලඳාම සඳහා විවෘත ව පවතී. අද දින බෝකුන්දර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘතවීමෙන් අනතුරුව පොල්, එළවළු, හාල්, කරවල, මාළු, කුකුල් මස්, බිත්තර තොග නිසි පරිදි එම ස්ථානයට ලැබී තිබු අතරම එහි වෙළෙඳාමේ නියුතු වෙළඳුන් සඳහන් කලේ රජයේ…

Read More

තවත් සති හතරක් රට වසා තැබිය යුතුයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි !

සංචරණ සීමා පැනවීමෙන් නිසි ප්‍රතිඵල ලැබීමට නම් තවත් සති තුනක් හෝ හතරක් රට අගුළු දැමිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින සංචරණ සීමා කාල සීමාවේ වුවද ජනතාවගේ හැසිරීම ගැන සතුටු වීමට නොහැකි බවයි. දැනට රෝගීන් වාර්තා වීම දෛනිකව 3000 පමණ වුවද රෝගීන් දස දහසක් පමණ සමාජයේ සිටිය හැකි බව එයින් පෙනී යන්නේ යැයි ද ඇය සඳහන් කළාය. මේ ආකාරයෙන් බැලූ විට තවත් සති තුන හතරකින් මෙරට රෝගීන් අධිකව වාර්තා වීමේ හැකියාවක් ඇතැයි ද ඇය පැවසුවාය. රට වසා…

Read More

මෙල්බර්න් නුවරට අඟුළු දැමීමට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරක් නිර්මාණයවීමට හේතු වූ පළමු ආසාදිතයා ශ්‍රී ලාංකිකයෙකු බවට එරට සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ. එම පුද්ගලයා මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංචාරය කර ඇත. 40 හැවිරිදි මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මැයි 14 වැනිදා රෝහල් ගත කර ඇති අතර, අනතුරුව මැයි 23 වැනිදා රෝහලින් පිටව ගොස් තිබේ. කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ ඔස්ට්‍රේලියාවට මෙවර මෙල්බර්න් නුවර කොවිඩ් පොකුර දැඩි බලපෑමක් එල්ල කර තිබේ. කොවිඩ් ව්‍යාප්තියත් සමග සති දෙකකට ආසන්න කාලයක් මෙල්බර්න් නුවර වසා දමා ඇත. ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න්…

Read More

ගොවීන්ගේ අතිරික්ත එළවළු හා පලතුරු රජයෙන් මිල දී ගනී

පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංචරණ සීමා පවතින කාලසීමා තුළ ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග වශයෙන් රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව සංචරණ සීමා පනවා ඇති අවස්ථාවන්හි දී අලෙවි කර ගත නොහැකි එළවළු පලතුරු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් මඟින් මිලදී ගැනීමට නියමිතයි. අනතුරුව එම එළවළු පලතුරු තොග කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට කටයුතු සැලසුම්…

Read More

රේගුව රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොසට

වරායෙන් නිදහස් කරගනු නොලබන හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. එවැනි ආහාර ද්‍රව්‍ය රාජසන්තක කිරීමෙන් පසුව නරක් වී යන බැවින් නීතිමය ප්‍රතිපාදන තුළ එම ද්‍රව්‍ය සතොස සමාගමට ලබා දී කොවිඩ් -19 වසංගතයට මුහුණ දී සිටින ජනතාවට යම් සහනයක් ලබා දීමට මේ තුළින් හැකි වන බව අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. ඒ අනුව එම ආහාර ද්‍රව්‍ය සහන මිලට ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. වෙළෙඳ අමාත්‍ය…

Read More

අද ලෝක සාගර දිනයයි

ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක සාගර දිනයේ තේමාව වන්නේ “ජීවිතය හා ජීවනෝපාය සාගරයි” යන්නයි. ඉන්දිය සාගරයට මැදිව පිහිටි රටක් ලෙස අප සමුද්‍රිය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා. අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Read More

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද (08) පාර්ලිමේන්තුවරැස් වීමට නියමිතව තිබේ. මෙම සතිය තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ඇත්තේ අද දිනට පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පැවැති පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රකාශ කළේය. ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.  අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභාවාරය සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර තිබේ.

Read More

රටේ තත්ත්වය ගැන අද පැය 4ක විවාදයක්

පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය නිසා පාර්ලිමේන්තුව අද (08 වැනිදා) දිනයේ පමණක් රැස්වීමට තීරණය කර ඇත. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දින දෙකක විවාදයක් ඉල්ලා ඇතත් ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සඳහා අද (08 වැනිදා) දිනයේ පැය හතරක් ලබා දීමට එකඟ වී ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (07 වැනිදා) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනූව අද (08 වැනිදා) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන්⁣ ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොපවත්වා…

Read More

චමුදිතගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා පොලිස්පතිට ලිපියක්!

මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව සිටින ප්‍රවීණ මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතාට ජීවිත තර්ජන ඇති බව පවසමින් පසුගිය දිනක යූටියුබ් මාධ්‍ය නාලිකාවක් හරහා ප්‍රකාශයක් සිදු කර සිටියා. මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මගින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පොලිස්පති තුමා වෙත ලිපියක් බාර දී තිබේ. එහි සඳහන් වන්නේ මෙවැන්නක් … 07.06.2021.පොලිස්පතිතුමා,පොලිස් මූලිස්ථානය,කොළඹ. පොලිස්පතිතුමනි, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කොට ඔහුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලීම. හිරු රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියකු හා  යූටියුබ් නාලිකාවක ප්‍රධානියා ලෙස සේවය කරන, ප්‍රකට මාධ්‍ය‌වේදියෙකු  වන චමුදිත සමරවික්‍රම මහතා තමන්ට එල්ල…

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 1,670 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 1,670 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 176,045 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read More