හෝමාගම මළගෙදරකින් ආසාදිතයින් 25 ක්

හෝමාගම පිටිපන ප්‍රදේශයේ මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනකු හඳුනාගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රියන්ත විජේසුරිය මහතා පවසයි. නිවාස 14 ක තවත් පුද්ගලයන් 64 දෙනෙක් නිරෝධායනය කළ බවත් සෞඛ්‍ය නිලධාරීවරයා සදහන් කරයි. මිය ගිය කාන්තාවගේ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව ඒමට පෙර ඇයගේ ඥාතීන් විසින් නිවසේ ටකරන් මඩු ඉදිකර මළ ගෙදරට සූදානම් විම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත් වී ඇතැයි ඔහු සදහන් කරයි. එම කාන්තාව ඉකුත් 29 වන දා මියගොස් ඇති අතර මියයාමෙන් අනතුරුව සිදුකල පී සී ආර් පරීක්ෂණයකදී එම කාන්තාවට…

Read More

‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාවෙන් අපද්‍රව්‍ය කිලෝ ලක්ෂ 10 ක් ‍වෙරළේ

රී ලංකා මුදුහු සීමාවේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට පෙරළුණු බහලුවලින් වෙරළ ගොඩගැසූ අපද්‍රව්‍ය ටොන් 1000 (කිලෝ ලක්‍ෂ 10) පමණ මේ වන විට එකතු කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය. මෙම අපද්‍රව්‍යවලින් වැඩි තොගයක් කන්ටේනර් 41 ක් තුළ වත්තල ප්‍රදේශයේ බලපත්‍ර සහිත කන්ටේනර් අංගනයක තාවකාලිකව ගබඩා කර ඇති බවත් තවත් කොටසක් මළුවල අසුරා වෙරළ තීරයේ ඇති බවත් හේමන්ත ජයසිංහ මහතා පැවසීය. වෙරළ තීරයේ ගොඩගසා ඇති අපද්‍රව්‍ය තොගය හෙට (10) සිට කන්ටේනර් අංගනයට ගෙන ඒම ආරම්භ කරන බවත් ඉන් අනතුරුව අපද්‍රව්‍ය පමණක් වෙන්කරගත යුතු…

Read More

කොරෝනා නොතකා හෝටලයක උපන්දින සාදයක් !

හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු ඇතුලූ දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හෝටලයේ හිමිකරු වෙයි. පොලිසිය සඳහන් කරන්නේ මෙම පිරිස සතුව ගංජා, දුම්වැටි ආදියද තිබූ බවයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

විපක්ෂයේ මන්ත්‍රී බිරිඳක් පෝලිම කඩාගෙන ඇවිත් එන්නත විදගෙන යයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන්ගේ බිරිඳක් කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා පැමිණ එහි පැවති පෝලිම නොතකා එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ. තම සැමියාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයෙකු සමග පැමිණ ඇති ඇය පෝලිමේ පිරිසක් රැදී සිටියදී එය නොතකා එන්නත ලබාගෙන පිටු යන අයුරු සමාජජාලාවල පින්තූර හුවමාරු වෙයි. මෙසේ එන්නත ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳකි.

Read More

මුහුණුපොතේ අසත්‍ය තොරතුරු පැතිරූ තවත් අයෙක් අත්අඩංගුවට!

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ බවට චෝදනා එල්ල වන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ අංශය මගින් අත්අඩංගුවට තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් වන අතර ඔහු 2005 වසරේදී සේවයෙන් ඉවත් වූවෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා රජය අපහසුතාවයට පත්වන ලෙස සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවයි.

Read More

නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක් – මෙය ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියක්

කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තෙල් සංස්ථාවේ සභාපති වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් ඛනිජ තෙල් පිරිපහදුවෙත් ඒ වගේම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේත් සියලු සේවකයන්ගේ අභිප්‍රාය අලුත් පිරිපහදුවක්…

Read More

වත්තල හා ජා-ඇල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යයි

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කලේ පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී එලෙස සඳහන් කළේය. වත්තල හා ජා ඇල ප්‍රදේශයන් ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වගුරු බිම් ගොඩකරගෙන සිදු කර තිබෙන අනවසර පදිංචි වීම්. ඒ අනුව අපි තීන්දු කරලා තියෙනවා අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් වාර්තා ලබාගෙන…

Read More

අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලයෙන් ලිංගික කටයුතු වලට අලෙවි කරලා

වසය අවුරුදු15 මාස 9ක දැරිවියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ලැබුණ තොරතුරක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්සෙ පදිංචි අවුරුදු 35ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහල් නිවසක් කුලියට ගෙන මෙම දැරිවිය විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවට වාර්තා වී තිබේ. දෙල්ගෙඩ පදිංචි මෙම දැරිය මවගෙන් ලබාගෙන මෙම ක්‍රියාවේ යොදවා ඇති අතර සද්ධිය සම්බන්ධයෙන් මවගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ. සැකකරු පසුගිය මාස…

Read More

ඇමෙරිකාවේ බදු පැහැර හැරි සුපිරි ධනවතුන් හෙළි වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් සමහරක් ආදායම් බදු නොගෙවා ඇති බව පෙන්නුම් කළ මාධ්‍ය වාර්තාවකින් පසුව ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙස එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව අනාවරණය වෙයි. එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ප්‍රොපබ්ලිකා හෙළිකර තිබුණේ, වසර 15කට වැඩි කාලයක් ආවරණය වන පරිදි රටේ සුපිරි ධනවතුන් දහස් ගණනකගේ බදු ප්‍රතිලාභ පිළිබඳ අභ්‍යන්තර ආදායම් සේවා දත්ත විශාල ප්‍රමාණයක් අනාවරණය කරගත් බවයි. ඒ අනුව ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සහ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඇතුළු ප්‍රකෝටිපතියන් වසර ගණනාවක් ෆෙඩරල් ආදායම් බදු නොගෙවූ බව දත්ත පෙන්වා දෙන බව හෙළි…

Read More

ඊයේ දෛනික කොවිඩ් ආසාදිත මරණ 50 ඉක්මවයි

ඊයේ (08) දින තවත් කොරෝනා මරණ 54 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ දිනය තුළ කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා වී නොමැති අතර මැයි 10 සිට මැයි 31 දක්වා කොවිඩ් මරණ 15 ක් සහ ජුනි 02 සිට ජුනි 07 දක්වා මරණ 39 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 1,844 ක් දක්වා ඉහළ යනවා. අද තහවුරු වූ මරණ පිළිබඳ සවිස්තර වාර්තාව පහතින්,

Read More