රටට අවශ්‍ය ටින්මාළු මෙරටදීම හදන ඉලක්කයත් සාර්ථකයි – දිනකට අවශ්‍ය ටින් 250,000න් 220,000ක් දැනටමත් නිපදවයි!

දේශීය ටින් මාළු නිෂ්පාදන සමාගම් සමග වෙළඳපොලේ පවතින ටින් මාළු අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම සහ සතොස අලෙවි සැල් මගින් සහන මිලකට ටින් මාළු ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන් හමුවක් ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යංශයේදී අද (10 ) දින පවත්වන ලදි. මේ වන විට රටේ දිනකට ටින් මාළු අවශ්‍යතාවය ටින් 250,000ක් වන අතර මීට මාස කිහිපයකට පෙර එම අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය වුයේ ටින් 60,000ක් පමණි . නමුත් පසුගිය මාස කීපය පුරා අදාල නිෂ්පාදකයන් දිරිගැන්වීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම නිසා මේ වන විට 220,000ක් දේශීය…

Read More

ගිනිගත් නැවේ තෙල් මුහුඳට කාන්දු වෙලාද? මාධ්‍ය වාර්තා අසත්‍ය බවට “NARA” ආයතනයෙන් නිවේදනයක්!

කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේදී ගිනිගත් X – Press Pearl නෞකාවෙන් මේ වනවිට ඉන්ධන කාන්දුවක් සිදුවී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් NARA ආයතනය පවසන්නේ සිරස මාධ්‍ය ජාලයේ නිවුස් ෆස්ට් ප්‍රවෘති විකාශය හා ඔවුන්ගේ වෙබ් හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නාරා ආයතනය නිවේදනය කල බවට දක්වන පුවත අසත්‍ය බවයි. නැවේ තෙල් විසිරීමක් සම්බන්ධව නාරා ආයතනය කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි ඔවුන් පවසන්නේ  නාරා ආයතනය නිකුත්කළ නිවේදනය පහතින්… 

Read More

මියගිය ව්‍යාපාරිකයෙකුගේ රත්තරන් හොයන්න මිනී වල හාරලා

වසර 10 කට පෙර මිය ගිය ව්‍යාපාරිකයා මිහිදන් කල ස්ථානයේ කැනීම් කොට රත්තරන් සෙවූ දෙදෙනෙකු යාපනය, වැල්වැටිතුරෙයි, උරිකාඩු හි සුසාන භූමියේදී අත්අඩංගුවට ගත් බවට වැල්වටිතුරෙයි පොලීසිය පවසයි. උරියකාඩු සුසාන භූමියෙහි වසර දහයකට පෙර වළදැමූ මිනී වළවලක් තුළ කැණීම් කොට රන්භාණ්ඩ ලබාගැනීමට උත්සහ කරන පුද්ගලයින් දෙදෙනකු සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය වෙතට යුදහමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මිනිවළ හාරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ධීවර රැකියාව කරන අතර  වසර ගණනක සිට උරිකාඩු හි සුසාන භූමියේ කුලීපදනම මත මිය ගිය අය වෙනුවෙන් මිනී වළවල් හැරීමද සිදුකරන…

Read More

නිරෝධායනයට පිරිස් රැගෙන යන බසයක ගැටී අයෙක් මරුට – ප්‍රදේශවාසීන් බසයට පහර දෙයි !

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මඩ්ඩුවිල් ප්‍රදේශයේදී නිරෝධායනය සඳහා විදේශිකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක ගැටී පාපැදිකරුවෙකු ඊයේ(09) සවස මිය යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් නොසන්සුන්කාරීව හැසිරෙමින් බස් රථයට හානි කොට ඇත. මෙරට පැමිණි විදේශිකයින් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථය ඒ-9 මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී මඩ්ඩුවිල් ප්‍රදේශයේදී මාර්ගය හරහා පාපැදියක් ගමන් කිරීමට ගත් උත්සහයකදී බස් රථයේ ගැටීමෙන් පාපැදිකරු මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත. අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ප්‍රකෝපකාරීව නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් බස් රථයට හානි කොට ඇති අතර එහිදී චාවකච්චේරී පොලීසිය මැදිහත්වී තත්වය පාලනය කරනු ලැබීය. එලෙස කලහකාරී…

Read More

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් දින 8ක බිළිඳෙක් මියයයි

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) තහවුරු කළ මරණ කොවිඩ් මරණ අතර එම බිළිදා ද අයත් වේ. පසුගිය මැයි 25 වන දින උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇත. නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ. ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. වෛද්‍යවරුන් සැකපළ කරන්නේ එම දරුවාගේ දෙමාපියන්ගෙන් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි. කෙසේ වෙතත්…

Read More

මෙරට දී තවත් ඉන්දීය ප්‍රභේදයක ආසාදිතයෙකු හමුවෙයි!

කොරෝනා ඉන්දීය වෛරස් ප‍්‍රභේදය ආසාදිත වූ තවත් අයෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ මෙම ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයකින් හදුනාගත් බවය. මේ අතර කොරෝනා මර්දනය සඳහා මෙරට දී කොවිෂීල්ඩ් ඇස්ටසෙනිකා එන්නත දෙවැනි මාත‍්‍රාව ගත් කිහිප දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවය කරන සේවකයන් පිරිසක් බව හෙළි වී ඇත. කෙසේ නමුත් මේ වන විට ඔවුන් සියලු දෙනාම සුවය ලබා ඇතැයිද ‍ජීවන්දර මහතා සඳහන් කළේය.

Read More

ඉන්දියාවට වඩා මෙරට ආසාදිත හා මරණ අනුපාතය ඉහළයි – තවත් දෙසතියක් රට වහන්න !

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන නිසා එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ප්‍රතිකාර ලබාදීමේදී සෞඛ්‍ය ඉතා දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා දැනට පනවා තිබෙන සීමා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය කටයුතු කල යුතු යයි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පැවසීය. දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවල බොහෝ අඩුපාඩු ඇතැයිද පවසන ඔහු එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඒවා යළි පැනවිය යුතු බවද පැවසීය. මෙම සීමා වල යම් ප්‍රගතියක් අත්කර ගැනීමට නම් සති දෙකකට වැඩි කාලයක් එය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව ද…

Read More

බුදුන්ගේ පාත්‍ර ධාතුව තිබෙන්නේ මහනුවර ද..? බ්‍රිතාන්‍යයේ ද..?

“රජ තෙමේ ථූපාරාමය කරවා එහි ඇතුලේ සක් දෙවිදුන් විසින් දෙන ලද බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කළේය. අනුරාධපුරයෙහි ගොඩනැංවූ පළමුවන දාගැබ මේ දාගැබ ය. ධර්මාශෝක රජු විසින් පරිත්‍යාග කරන ලද බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව ද රජ මාලිගයෙහිම තැන්පත් කොට තබන ලදී.” (සංක්ෂිප්ත ලංකා ඉතිහාසය – එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් 13 පිටුව ) “උපතිස්ස (ක්‍රි.ව. 365 – 406) වැනි රජුන්ගේ කාලවල නියං සාගත ඇති වූ විට භික්ෂුන් වහන්සේලා පාත්‍ර ධාතුව ජලයෙන් පුරවා පිරිත් කියමින් ඇතුළු නුවර පවුරු වටේ සංචාරය කළ බවත් එයින් පසු සියලු රෝග නිමා කරමින් වැසි වට බවත් වංශකතාව…

Read More

නැව කළ පාඩුව ගණනය කිරීම ඇරඹෙයි

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය. මෙම හානිය ගණනය කිරීමේ කටයුතු අංශ කිහිපයක් එක්ව සිදු කරන බව ද සභාපතිනිය කීවාය.  එහිදී සියලූ ක්ෂේත‍්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට ටික කාලයක් ගත වන බවත් නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Read More

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තානා මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව ,ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීමෙන් පසු තහවුරු වී තිබෙනවා ඒ අනුව මන්ත්‍රීවරයා පී සී ආර් පරීක්ෂාවකට යොමුවී ඇති බවත් එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නැති බවත් සඳහන්

Read More