ඊයේ දිනය තුල කොරෝනා මරණ 100ක් වාර්තා වී නෑ – සෞඛ්‍ය අංශ ගැසූ පට්ටපල් බොරුව එළියට!

ඊයේ දිනය තුල දෛනික කොරෝනා මරණ 101ක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ලේඛණයේ සඳහන් වුනා. මෙම වාර්තාව සකස් කර තිබුනේ ඊයේ දින පමණක් මරණ 101ක් වාර්තා වූ අන්දමටය. නමුත් මේ වනවිට හෙළිදරව් වී තිබෙන්නේ මීට මාස තුනකට පමණ පෙර මියගිය පුද්ගලයන් පවා මෙම ලයිස්තුවට එක්කර ඊයේ දින වාර්තාව සෞඛ්‍ය අංශ විසින් මාධ්‍යයට නිකුත් කර ඇති බවයි. මෙයට හේතුව වන්නේ යුධ හමුදාපතිවරයා රට විවෘත කිරීම සම්බන්ධයෙන් සුභදායක මතයක් මාධ්‍යයට ලබා දුන් නිසා හමුදාපතිවරයා සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දෛනික…

Read More

CID දෙවැනි පුටුවට පළමුවෙන් ආ කාන්තාව මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළමු නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය පත්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිට යටතේ එම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කරයි. 2007 වසරේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය අධ්‍යක්ෂධුරයට පත් ඇය දෙස් විදෙස් පාඨමාල රැසක් හදාරා තිබේ. ඉමේෂා මුතුමාල මහත්මිය නුගේගොඩ කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරී සිදුකර තිබේ.

Read More

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ජනතා අයිතියට

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි. වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ. දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ…

Read More

මොරටුව නගරාධිපති ඇප මත නිදහස් !

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් මර්ධන එන්නත්කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැන තර්ජනය කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැර තිබේ. ඒ අනුව රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගො මහතා නියම කර ඇත. සැප්තැම්බර් 3 වැනි දා නඩුව නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Read More

ණය සහනය නොලැබුණොත් දැනුම්දෙන්න දුරකථන අංකයක්

කොවිඩ් 19 තුන්වන රැල්ල සමඟ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත රජය ලබාදුන් නිර්දේශ අනුව අදාල ණය සහන පාරිභෝගිකයන් වෙත ලබා නොදෙන්නේ නම් එවන් පාරිභෝගිකයන් හට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 011-2477966 දුරකථන අංකයට ඇමතීමෙන් සිය පැමිණිලි සෘජුවම ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය වෙත දැනුම්දිය හැකියි

Read More

ඊයේ 101ක් කොරෝනාවට බිලි වෙයි – ලෝකයේ වැඩිම කොරෝනා මරණ සිදු වූ රටවල් අතරින් ලංකාවට 15 තැන

 ලංකාවේ ඊයේ දිනයේ කොරෝනා මරණ එකසිය එකක් තහවුරු කර තිබේ. එය මෙරට දී දිනකදි වාර්තා කරන ලද වැඩිම මරණ සංඛ්‍යාව වන අතර මෙරට මුළු මරණ ගණන 2011ක් වෙයි. ඊයේ දිනය තුළ ආසියානු කලාපයේ වැඩිම මරණ රට සිදු වූ 05 රට වන්නේ ශ්‍රී ලංකාවයි. එමෙන්ම ලෝකයේ වැඩිම මරණ අතර 15 සිටි තැනට එය වාර්තා වෙයි.

Read More

පළමු ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට මා විරුද්ධයි – තම මව් භාෂාවෙන් මූලික අධ්‍යාපනය ලබා දීම ලෝක සම්මුතියක් !

ප‍්‍රාථමික අංශයේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමට කිසිදු ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නැතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් මණ්ඩලය තුළ එවැනි සාකච්ජාවක් සිදුවී නැති බවත්, එවැනි තීන්දුවක් ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය වීමක් සිදුවනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කරයි. අධ්‍යාපන ලේකම්වරයා එවැන්නක් ප‍්‍රකාශ කරනවා නම් එය ඔවුන්ගේ පෞද්ගලික අදහසක් විය හැකි බව පැවැසූ ඇමැතිවරයා හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක් වශයෙන් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් තමන් පැහැදිලිවම විරුද්ධ බවත් පවසයි . ලෝකයේම දරුවන් වෙනුවෙන් පෙනී සිටින යුනෙස්කෝ සංවිධානය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගත් දේ රටක දරුවෙකුට තම මව් භාෂාවෙන්…

Read More

ලොක්ඩවුන් අස්සේ හංසමාලිගේ පහස ලබන්න ආ පොලිස් කොස්තාපල්වරයා

නයනජිත් කොළඹ උතුර කොට්ඨාසයේ එක්තරා පොලිසියක රාජකාරි කරපු කොස්තාපල්වරයෙක්. තරුණ වයසෙ හිටිය නයනජිත් විවාහකයෙක්. එයාගෙ බිරිඳයි දරුවොයි පදිංචිවෙලා හිටියෙ කොළඹින් බොහොම දුරබැහැර පළාතක. නයනජිත් රාජකාරි කළෙත් පොලිසියෙම එයාලට වෙන්වෙච්ච භට නිවාසයක නතරවෙලා ඉඳගෙන.  නයනජිත් රාජකාරි කරපු පොලිසියට අදාළ බල ප්‍රදේශයේ වතු නිවාස රාශියක් තියෙනවා. අපේ මේ කථාවේ කථානායකයා මේ වතු නිවාස ප්‍රදේශයක බුද්ධි තොරතුරු ලබා ගැනීමේ රාජකාරි සඳහා යොදවලා සිටිය. කාන්තා ඇසුරට බොහොම ලොල් බවක් දක්වපු නිසාම නයනජිත් තරුණ කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වන්නෙ බොහොම උනන්දුවෙන්.  නයනජිත්ට හංසමාලිව මුණගැහෙන්නෙ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න ගිය වෙලාවකදියි.  ‘‘ඔයා ඕනෙම ප්‍රශ්නයක් මට…

Read More

අවුරුදු 4ක දරුවෙකුට බියර් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

අවුරුදු 4ක් වන කුඩා දරුවෙකුට බියර් වැනි මත්පැන් ද්‍රව්‍යයක් ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවකට අදාළව කරනු ලැබූ පරික්ෂණවලින් අනතුරුව පෑලියගොඩ නුගේ පාරේ පදිංචි අවුරුදු 25ක පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ පොලීසිය විසින් පරීක්ෂණ පැවැත්වූ අතර සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නීතිය අනුව 18 පහළ දරුවෙකුට මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම මෙන්ම ලබාදීම වරදක් වෙයි.

Read More

කොල්ලුපිටියේ සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු 9ක් අත්අඩංගුවට

කොල්ලුපිටිය සුපිරි මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයේ පිහිනුම් තටාකයක් අසල නිරෝධායන සංචරණ සීමා උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ විදේශිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 9 දෙනකු පෙරේදා (9) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිරිස ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, එක් අයකු ලක්ෂ 10ක ශරිර ඇප මත මුදා හැරීමටත් ඔවුන් එම නිවාස සංකීර්ණයේදීම නිරෝධායනයට යොමු කරන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා නියෝග කළේය. පොලිසිය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ගත් ලිපියක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර සිටියේය. අනතුරුව එම ලිපිය සලකා බැලූ මහේස්‌ත්‍රාත්වරයා සියලු සැකකරුවන් එම කොල්ලුපිටිය ක්‍රෙස්කැට්…

Read More