සිනොෆාම් එන්නත ලබාගත් ඇඟලුම් සේවිකාවෝ 40කට ආසාත්මිකතා

සිනොෆාම්’ එන්නත ලබාදීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් පිරිසක් ඊයේ දිනයේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ. අනුරාධපුර පණ්ඩුලගම ප‍්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක එන්නත්කරණ සිදු කරන අවස්ථාවේ මෙම ආසාත්මිකතා ඇති වී තිබේ. දහසකට ආසන්න පිරිසකට මෙසේ එන්නත්කරණය කරන වැඩසටහන දී 40 ක පමණ පිරිසකට ආසාත්මිකතා ඇති ව තිබේ. කෙසේ වෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටින්නේ එන්නත ලබා ගත් පසු පැය කිහිපයක් විවේකීව සිටිය යුතු වුවත් ඔවුන් දිගින් දිගටම සේවය කිරීම නිසා සහ ආයතන පරිශ්‍රය වායුසමනය කර නොතිබීම නිසා ඇතැම් පිරිසකට වමනය හා ක්ලාන්තය හටගෙන තිබූ බවයි. ඒ…

Read More

ගෑස් මිල ඉහළ දමන ලෙස ඉල්ලයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහ්න් කරයි. ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු තීරණයක් ගෙන නොමැති අතර මිල ගණන් අධ්‍යයනය කිරීම සඳහා පංච පුද්ගල අනුකමිටුවක් පත් කර තිබෙන අතර එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි. මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙලඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව ලාෆ් සමාගමේ…

Read More

කංජිපානිගේ ගෝලයෙක් අත්අඩංගුවට !

අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ පුද්ගලයෙක්ව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි. ඊයේ (11) සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර 30 හැවිරිදි එම පුද්ගලයා “ක්ලෙමන්“ නැමති නාමයෙන් හඳුන්වනු ලබන බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබේ.

Read More

වැඩට උනන්දුවක් නොදක්වන ලේකම්වරුන් අතිරේක ලේකම්වරුන් ඇතුළු ප්‍රධානින් වහාම ඉවතට!

අමාත්‍යාංශ වල සංවර්ධන කාර්යාලවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇතැයි සති අග ලංකාදීප පුවත්පත වාර්තා කරයි. මෙම ප්‍රධානීන් වැඩි පිරිසක් සංචරණ සීමා හේතුව පෙන්වමින් නිවසේම රැඳී සිටින බවත් කිසිදු රාජකාරි කටයුත්තක් නොකරන නමුත් සියලු දීමනා නොඅඩුව ලබා ගන්නා බවටත් ඇමතිවරුන් ගණනාවක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. අදාල පත්වීම් කරනු ලැබුවේ තමන් විසින් වුවද රටේ හා අමාත්‍යාංශයේ දියුනුවට සංවර්ධනයට ක්‍රියා නොකරන සියලුම නිලධාරීන්ගේ තොරතුරු තමන්ට ලබා…

Read More

පාසල් විවෘත කිරීමට හැකි ක්‍රමය GMOA පෙන්වා දෙයි

අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම එන්නත් ලබාදීම කළ යුතු බවත් ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිවනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. එසේම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ මෙරට 60ට වැඩි පිරිසට ද එන්නත්කරණය සිදුකිරීම ඉතා වැදගත් බවය. මෙතුලින් ඉහළ යමින් පවතින කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කරගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, “අපි 60ට වැඩි අයට එන්නත්කරණය කරොත් දැනට මැරෙන සංඛ්‍යාව සියයට 90කින් අඩු ක ගන්න පුළුවන්.…

Read More

අපට කොරෝනා ආසාදනය වුණේ එන්නත ප්‍රතික්ෂේප කළ නිසා – සජිත් කියන කතාව

තමන්ට සහ තම බිරිඳට කොවිඩ් ආසාදනය වීමට ප්‍රධාන හේතුව කොවිඩ් මර්ධන එන්නත ලබා නොගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. අපි එන්නත ප්‍රතික්ෂේප කරේ එක දෙයක් නිසයි. ඒ අපි එන්නත ලබා ගන්නට පෙර රටේ ජනතාවට කොවිඩ් එන්නත ලබාදිය යුතුයි කියන පැහැදිලි ප්‍රතිපත්තියේ ඉදලයි. මම නැවතත් කියන්න කැමති මේ රටේ සියලු ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව එන්නත්කරණය සිදුකරන තෙක් මම එන්නත ලබා ගන්නේ නැහැ.  රටේ ජනතාව ගේ සෞඛ්‍ය වැදගත් වෙනවා අපගේ පුද්ගලික සුඛවිවරණය බලා ගන්න එක නෙමෙයි. මම මේ කතා කරන මොහොතේත් රටේ ගර්භණී කාන්තාවන් ඇතුළු බොහෝ පාර්ශ්ව සිටිනවා කොවිඩ් එන්නත මෙතෙක්…

Read More

නිරෝධායන නීති කැඩූ 1027ක් අල්ලයි

ගත වූ පැය 24 තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1027 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෘතිම පරීසර පද්ධතියක් නිර්මාණයට බස් රථ මුහුදේ ගිල්වයි ! (PHOTOS)

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන උතුරු මුහුදේ කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී  ආරම්භ කළේය. යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම මෙම කෘත්‍රීම පරිසර පද්ධති නිර්මාණ ව්‍යාපෘතියේ අරමුණයි. මුහුදු ප්‍රදේශයේ කෘත්‍රීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස් රථ 20 ක් මුහුදේ ගිල්වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මගින් ඉවත් කළ බස් රථ හතරක් ‘ඩෙල්ෆ්’ දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්ෂිතව දියයට ස්ථානගත කළේය. මෙම ව්‍යාපෘතිය…

Read More

පාස්කු ප‍්‍රහාරය ගැන පාකිස්තානය කලින්ම තොරතුරු දීලා – පකිස්තාන් මහකොමසාරිස් සියල්ල හෙළි කරයි!

පාස්කු ප‍්‍රහාරය එල්ල වීමට පෙර පාකිස්තාන් අ බුද්ධි සේවාව අයිසීස් ත‍්‍රස්ත සංවිධානයේ සන්නිවේදන ජාලයට සවන් දීමේදී ශී‍්‍ර ලංකාව ගැන කතාබහ සිදුවීම ගැන ශී‍්‍ර ලංකාවේ බලධාරීන්ට අනතුරු අඟවා ඇත.  මේ බව පාකිස්තාන් මහකොමසාරිස් මේජර් ජනරාල් මොහමඩ් සාද් අනාවරණය කර තිබේ.  මෙතෙක් හෙළිවූයේ ඉන්දීය බුද්ධි සේවාව විසින් පාස්කු ප‍්‍රහාරය ගැන අනතුරු ඇඟවීම් කළ බවයි. එහෙත් පාකිස්තාන් අයි .එස්. අයි බුද්ධි සේවාව ශී‍්‍ර ලංකා බුද්ධි සේවාවට බුද්ධි තොරතුරු ලබාදුන් බව ද පාකිස්තාන් මහකොමසාරිස්වරයා අනාවරණය කර ඇත.

Read More

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වඩා වැඩි වැසි ඇතිවිය හැකියි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී 30 – 40 වන අතර, විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩි විය හැකියි.

Read More