හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිලදී ගෙන තිබෙන බව සති අන්ත පුවත්පතක් වාර්තා කර සිටිනවා. මෑත කාලීනව මහා පරිමාණයෙන් සහල් ව්‍යාපාරයේ යෙදෙන එම ව්‍යාපාරිකයාගේ ගමන් අවශ්‍යතා සඳහා මිලදී ගෙන ඇති එම හෙළිකොප්ටරය කොළඹ පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි එකොළහකට මිලදී ගෙන ඇති බව වාර්තාවේ. හිඟුරක්ගොඩ ගුවන් හමුදා ධාවන පතයේ නතර කර ඇති එම යානය සඳහා ඉංජිනේරුවරයකු හා ගුවන් නියමුවෙකුද ඔහු විසින් සේවයට යොදවාගෙන ඇති බවද සඳහන්ය. මෙම හෙළිකොප්ටරය මගින් විවාහ උත්සව ප්‍රවාහන පහසුකම්. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමන් පහසුකම්, පුද්ගලික ගමන්. භාණ්ඩ ප්‍රවාහන හා විනෝද චාරිකාද සපයනු ලබයි.

Read More

බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත්…

Read More

සංචරණ සීමා 30 දක්වා දිග්වෙන ලකුණු

ලබන සඳුදා (21 වැනිදා) වන විට කොවිඩ් මරණ අඩු නොවුණහොත් ලබන 30 දක්වාම සංචරණ සීමා දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය ද යොමුව තිබේ. සංචරණ සීමා ලබන සඳුදා (14 වැනිදා) අලුයම 4.00 ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (10 වැනිදා) ප්‍රකාශ කළත් ලබන 21 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මෙම සංචරණ සීමා මැයි මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි.

Read More

මිල පාලනයට පොන්නි සම්බා ගෙන්වන යෝජනාවට ජනපති විරුද්ධ වුණා – අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස දැනුම් දුන්නා!

සහල් මිල පාලනය කිරීම සඳහා පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජීවන වියදම් කමිටුවේ දී කළ ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇත. වෙළෙඳ අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් කළ මෙම ඉල්ලීමද අමාත්‍ය මණ්ඩලයද ප්‍රතික්ෂේප කර තිබුණි. පොන්නි සම්බා ආනයනය කර ස.තො.ස. ශාඛා මගින් අලෙවි කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී තිබේ. නමුත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සහල් ආනයනය නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. කිරිපිටි, ගෑස්…

Read More

බන්ධනාගාර රැඳවියන්ටත් සූම් පහසුකම ලැබෙයි

අඟුණකොළපැලැස්ස, වැලිකඩ යන බන්ධනාගාර ඇතුළුව බන්ධනාගාර 06ක සූම් තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ට තම ඥාතීන් සමඟ කතා බහ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කර තිබේ. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන පරිදි වෙබ් අඩවියට සිරකරුවගේ නම සහ අංකය ඇතුලත් කළ පසු ලැබෙන අංකයට දන්වන වෙලාවට සූම් පහසුකම ඔස්සේ සම්බන්ධ විය හැකිය. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, “පවතින තත්ත්වයත් සමග අපි සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන්ට සිය ඥාතීන් සමග සම්බන්ධවීමේ අවස්ථාව සකස්කරලා දීලා තියෙනවා. ඒ වගේම අපගේ වෙබ් අඩවියට ගිහින් සිරකරුවගේ නමයි අංකයයි ඇතුළත් කළාම අපි…

Read More

ආරක්‍ෂක ලේකම්ට සහ හමුදාපතිට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවටත් පැමිණිල්ලක්

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්‍ද්‍ර සිල්වාට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු වී ඇත.  මේ පැමිණිල්ලේ දක්වා ඇත්තේ එක්සත් ජාතීන් විසින් විවිධ යුද අපරාධ චෝදනා එල්ල කළ එම දෙදෙනා රජයේ ඉහළ ධුරවලට පත්කර ඇති බවය.  මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන කීපයකි.  යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 28 ක් ද රජයේ උසස් ධුරවලට පත්කර ඇති බවට එම පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා තිබේ

Read More

ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙක් රහසේ ලංකාවට ඇවිත්!

ඇමෙරිකානු හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඒ. සංවිධානයට සම්බන්ධ සංවිධානයක් ඔස්සේ ශ‍්‍රී ලංකාවට පැමිණ සිදුකරන රහස් කටයුතු ගැන වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස රජය අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.  ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ආරක්‍ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේ බුද්ධි අංශ ප‍්‍රධානියකු විසින් එම ඇමරිකානු හිටපු හමුදා නිලධාරීන් ගැන දැනුම් දී තිබුණි.  මින් එක් හමුදා නිලධාරියෙකුට ගමන් බලපත් දෙකක් ඇති අතර ඔහු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරක වීසා බලපත‍්‍රයකින් බව හෙළි වී ඇත.  ඔහු සම්බන්ධව ආගමන විගමන බලධාරීන් සතුව කිසිදු ලියවිල්ලක් නැතැයි ද හෙළි වී තිබේ.  මෙම හමුදා නිලධාරීන් දෙදෙනාගේ පැමිණීම මෙරට රජයට ද වාර්තා වී…

Read More

විපක්ෂයේ බල අරගලයක් – මීළඟ විපක්ෂ නායක රනිල්ද?

 ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.  ආණ්ඩුව තුළ සිටින කලකිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව පිළිබඳව නොසෑහීමකට පත්ව ඇති මන්ත‍්‍රීවරු එක් කරගනිමින් මෙම සැලසුම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් මේ වන විටත් එහි සාකච්ඡා අවස්ථා කිහිපයක්ම සිදු කර ඇති බවද සඳහන්ය.  සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කර සමගි ජන බලවේගය තුළ යෝජනාවක් සම්මත කර ගැනීම මෙම සාකච්ඡාවන්‍යහී අභ්‍යන්තරික තොරතුරු හෙළිවීමත් සමඟ සිදුවූවක් බව ද වාර්තා වේ.  දැනට විපක්ෂ…

Read More

විපක්ෂය කියන්නේ පහුගිය වසර 5 තිස්සේම රට ගිල්ලපු අය – නාලක ගොඩහේවා

සෑම විටම සුන්දර මුහුදු තීරයේ පවිත්‍රත්වය වෙනුවෙන් සිදුකළ හැකි සෑම පියවරක්ම ගැනීමට අප කටයුතු කරනවා. ඒ අනුව අප විසින් ආරම්භ කළ ‘සයුර රකින රැල්ල’ තේමාව යටතේ දිවයින වටා මුහුදු තීරය පිරිසිදු කටයුතු අප ආරම්භ කළා. සයුර රැක ගැනීමේ නව රැල්ලක් සමග සමාජය තුළ උනන්දුවක්, උද්යෝගයක් වෙරළ පිරිසිදුව තබා ගැනීම කෙරෙහි ඇති වුණා. එනමුත් අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇති වූ MV X – Press Pearl නෞකාවේ ගින්නත් සමග වෙරළට ගසාගෙන එන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. සමුද්‍රී පරිසර…

Read More

කෝටි 200ක මත්කුඩු සමග නව දෙනෙක් අත්අඩංගුවට !

නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී මෙසේ අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන දෙකකට වැඩි බවයි. ගෑස් සිලින්ඩර හා ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින ධීවර යාත්‍රාවක් මගින් මෙරටට ගෙනවිත් තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More