කල්පිටියට Water Villas 50 ක සුඛෝපභෝගී සංචාරක නිකේතනයක්!

ගෝලීය සංචාරක කර්මාන්ත‍යේ ඉහළ පෙලේ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තයේ නිරත ඇතැම් රටවල් විසින් ජල බංගලා සංකල්පය (Water Villas) හඳුන්වා දී ඇත. කල්පිටිය සහ අනෙකුත් වෙරළබඩ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජල සංචාරක නිවාස සහ ජල බංගලා සංකල්පය භාවිත කළ හැකි බව පෙනී ගොස් තිබේ. දූපත් නිකේතන සංකල්පය ප්‍රවර්ධනය කරමින් කල්පිටිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි දූපත් 12ක් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත දැනටමත් පවරා දී ඇත. ඒ අනුව, කල්පිටිය ප්‍රදේශයේ වෙල්ලෙයි I, II සහ III යන දූපත් දිගුකාලීන බද්දට ලබා ගෙන ඇති…

Read More

මොඩර්නා එන්නත ගැන අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා විමර්ශන!

මොඩර්නා එන්නත පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින් සොයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ඇතිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ, මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පැමිණිල්ලක් මත එම විමර්ශන ආරම්භ කළ බවය. මොඩර්නා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය අඩංගු බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු සංසරණය වන බව ද අදාළ වෛද්‍යවරයා විසින් පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මොඩර්නා එන්නත මේ දිනවල මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ජනතාවට ලබාදෙන බවත් එවන්…

Read More

දැරිය මිය යාමේ සිදිධිය සම්බන්ධයෙන් ඉක්මනින් පියවර ගන්නවා!

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම 16 හැවිරිදි දැරිය නොකඩවා ලිංගික අතවරයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන බවත් පොලීසිය ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. පොලිසිය දැන් ඒ දැරියගේ නිවසවලටද ගොස් ඇති බව පැවසූ ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින්…

Read More

විවාහ මංගල උත්සව පැවැත්වීමට දුන් අවසරය ඇතැමුන් අවභාවිත කරනවා!

සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව  විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරිසේ සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ. මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කර සිටියේ.  ” ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1604 දෙනෙකු වාර්තා වුණා. ඉන් 486 දෙනෙක්…

Read More

ක්‍රීඩකයන් දිරිගන්වන්න නාමල් ඔලිම්පික් යයි!

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා ජනාපය බලා පිටත්ව ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා තිබුණේ මෙවැන්නකි. ‘ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට වගේම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සදහා ජපානය බලා පිටත්ව යාමට සූදානමින්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට බලාපොරොත්තු වනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අපි රටක් ලෙස එකතු වෙමු !’

Read More

රජයට තවත් ජයක් – ප්‍රතිලාභ ජනතාවටයි!

රජය විසින් නියම කරනු ලැබූ සහතික මිලට පමණක් වී මිලදී ගැනීමට වී මෝල් හිමියන් එකඟතාවය පළ කර ඇත. කෘෂිකර්ම අැමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් සමඟ අද (21) පැවති සාකච්ඡාවකදී ඔවුන් එම එකඟතාවය පළ කර තිබේ. සම්බා වී තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 52 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 44 බැගින්ද පසුගිය දා රජය විසින් සහතික මිලක් පනවනු ලැබීය. එමෙන්ම ප්‍රමිතිගත නාඩු වී තෙතමනය සියයට 14ක් සහිත කිලෝවක් රුපියල් 50 බැගින්ද, තෙතමනය සියයට 14ත් සියයට 22ත් අතර කිලෝවක් රුපියල් 46 බැගින් ද…

Read More