මෙරටින් පැන්නූ පුස්කොළ පොත් 2,000ක් යුරෝපා කෞතුකාගාරවල!

ආක්‍රමණවලදී මෙරටින් පැහැරගෙන ගොස් තිබෙන ඉතා වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් 2,000ක් පමණ යළි ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් ඒ ගැන මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන, ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේය. මීට වසර 200කට 300කට පමණ ඉහතදී මෙසේ මෙරටින් පැහැරගෙන ගොස් තිබෙන්නේ වසර 700 සිට වසර 1000ත් අතර පැරණි ඉතා වටිනා පාරම්පරික බෙහෙත් වට්ටෝරු ඇතුළත් පුස්කොළ පොත් බවත් එම පුස්කොළ පොත්වලින් වැඩි ප්‍රමාණයක් එංගලන්තයේ…

Read More

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි!

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ සොහොයුරා, තැරැව්කරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී ඔවුන්ව ඊයේ (23) පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Read More

ලබන සතියේ සිට සහල් මිල රුපියල් සියයට අඩු කරන බව ඇමති බන්දුල කියයි!

වෙළඳපලේ සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති සහල් මිල ලබන සතියේ සිට පහත දමන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසර 03 ක් ගතවන තුරු ජනතාවට රුපියල් සියයකට වඩා අඩුවෙන් සහල් කිලෝවක් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ. ඊට අදාළ උපරිම මිලක් ද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read More