“දැයක් නඟන සියක් නඟර” – සංවර්ධනය සඳහා තෝරාගත් රට වටේම නඟර 100 මෙන්න!

දිවයිනම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් රජය ආරම්භ කර තිබේ..මේ යටතේ,  අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම  අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම / අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම  මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම / අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම  දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම  අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම  රුක් රෝපණය කිරීම  පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම  මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම  කුණු කසල එකතු කරන ස්ථාන ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම  අවිධිමත්…

Read More

“මුදල් ගෙවා මිලදීගත් විශාලම එන්නත් තොගය මෙරටට” – අගෝස්තු මුල සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 40ක් ලැබෙයි!

කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන හතරක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ එම මාත්‍රා මිලියන 4 අගෝස්තු 7 සහ 8 යන දිනයන් අතරතුරදී මෙරටට ලැබෙනු ඇති බවයි. ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා වෙන් කරවාගෙන ඇති එම එන්නත් තොගය වරකදී මෙරටට ලැබෙන වැඩිම එන්නත් මාත්‍රා තොගයයි.

Read More

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” විවෘත වෙයි!

ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නව මානයකින් ඉදිරියට ගෙනයමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ස්ථාපිත කරන ලද “ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය” හෙට (29) විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා. ගෝඨාභය ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කල ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම තුලින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති හා තීරණ ජනතාවට දැනුම්දීම සඳහා අවශ්‍ය අවකාශය සකස් කිරීම පිණිස ගත් ඉදිරි පියවරක් ලෙසයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදහස් පලකරනු ලැබුවේ. දේශපාලකයින්ට අවශ්‍ය ලෙස ජනමාධ්‍යවේදීන් හැසිරවීම හෝ ජනමාධ්‍යවේදීන් හා දේශපාලකයින් එක්ව ජනතාව රවටන අතේරෝල් මාධ්‍යකරණය වෙනුවට මෙරට ජනමාධ්‍ය කලාව…

Read More

වාහන මිලදී ගන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්!

වාහන කුලියට ලබාදෙන ආයතනවලින් වාහන ලබාගෙන ඒවා විකිණීමේ ජාවාරමක නියැලුණු පුද්ගලයෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 32 හැවිරිදි වියේ පසුවන  ප්‍රමුදිත අරලිය වික්‍රමසිංහ නම් මහනුවර, කොටුගොඩැල්ල වීදිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වාහනයක් සති දෙකක කාලයක් සඳහා ලබාගෙන ඇති අතර  එලෙස ලබාගෙන ඔහු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු විසින් වාහන කුලියට ලබාදෙන ආයතනය වෙත ලබාදී ඇති ලේඛන ද ව්‍යාජ ඒවා බවටයි අනාවරණය ඇත්තේ. ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු…

Read More

ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර ශ්‍රී ලංකාවෙන් හමුවෙයි!

කොරන්ඩම් හෙවත් කුරුවින්ද කුළයේ ලොව විශාලතම නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් මෙරටින් සොයාගෙන තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ළිඳක් හෑරීමේදී එම මැණික් පොකුර හමුවී ඇති බවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පැවසුවේ. එම අධිකාරියේ සභාපති සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ සභාපති තිලක් වීරසිංහ පැවසුවේ කිලෝග්‍රෑම් 510 ක බරකින් යුක්ත එම මැණික් පොකුරේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 200 කට අධිකවන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

Read More