මත් ජාවරමින් ඉපැයූ කෝටි 600ක් ගිණුම්වල තිබී අත්අඩංගුවට පත්වූ කාන්තාව!

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් මුදල් උපයා, බැංකු ගිණුම් 5ක් පවත්වා ගෙන ගිය බව කියන කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 41 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය වසර 4ක කාලය පුරා මෙම ගිණුම්වල රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවය. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනතේ ප්‍රතිපාදන යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික විමර්ශන ඒකකය මගින් ලබාදුන් තොරතුරකට අනුව සිදු කළ…

Read More

විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට!

විශාල ජල යෝජනා ක්‍රම වලින් ආවරණය කිරීමට නොහැකි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ප්‍රජා ජල යෝජනා ක්‍රම මගින් පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (28) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. “විසල් මාතලේ” ජල සම්පාදන ව්‍යාපෘතිය අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මාතලේ නගරය හා අවට ප්‍රදේශ සඳහා පැය 24 පුරාවටම ජලය සැපයීමට බලාපොරොත්තුවන අතර එමගින් සෘජුව පවුල් 90,000ක 354,000ක ප්‍රතිලාභීන් සඳහා සෙත සැලසෙයි. ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශයේ මූල්‍යාධාර යටතේ රුපියල් මිලියන 31000ක්…

Read More

රිෂාඩ් හා රියාජ් පාස්කු ප්‍රහාරකයන්ට සහන දුන් හැටි නීතිපති හෙළි කරයි!

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඇමැති බලතල භාවිත කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවකුට අයත් තඹ කර්මාන්ත ශාලාවකට විශේෂ සහන මිලකට රජයට අයත් තඹ තොග සපයාදී ඇති ආකාරය පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ඊයේ (28දා) ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ හෙළිකර සිටියේය. නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා ඒ බැව් ප්‍රකාශ කර සිටියේ බදියුදීන් සොහොයුරන් දෙදෙනා විසින් තමන් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට එරෙහිව නියෝගයක් ලබාදෙන ලෙසට ඉල්ලා…

Read More

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට!

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පවසා ඇති කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා  මෙලෙස මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

Read More

ආණ්ඩුව හැර යාමේ අදහසක් නෑ – මට ඇති ගැටලු ගැන සාකච්චා කලා!

ආණ්ඩුව හැර යාමේ අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (26) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පැයක් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වෙනුවෙන් පැය දෙකකට අධික කාලයක් ජනාධිපතිවරයා විසින් ලබාදුන් බවත් මෙහිදී ප්‍රාදේශීය සංවිධායකයන්ගේ ඉදලා  සියලු දෙනා හට ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ආණ්ඩුකරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්…

Read More

“හිඟ බදු ගන්න හැටි මසක් ඇතුළත කියන්න” – COPA කමිටුවෙන් අදායම් දෙපාර්තමේන්තුවට නියෝග!

හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත . මේ අතර කැසිනෝ ව්‍යාපාර හිඟ බදු වාරික වශයෙන් අයකර ගැනීම වෙනුවට සම්පූර්ණයෙන්ම කරගැනීමට ගන්නා ලද තීරණය හේතුවෙන් හිඟ බදු අය කර ගැනීමේ කාර්යය මන්දගාමී වී ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් එම කමිටුවට දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කලාකරුවන් රන්ජන් එලියට ගන්න එක්වෙද්දී හරීන්ගේ ආදරය ඒ වෙනුවෙන් හරස් වෙයිද?

ඊයේ දිනයේදී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ඉල්ලමින් කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කල අතර ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවට කලාකරුවන් පිරිස අදහස් පලකරන ලදී. මෙම කලාකරුවන්ගේ මාධ්‍ය හමුව සඳහා ජීවන් කුමාරණතුංග මහතාද සහභාගී වූ අතර ඔහුද රන්ජන් රාමනායක මහතා නිදහස් කරගැනීම පිණිස අදහස් පලකරන ලදී. කෙසේ නමුත් අපට අනාවරණය වූ පරිදි ජීවන් කුමාරණතුංග මහතා එසේ රන්ජන් වෙනුවෙන් අදහස් දැක්වුවද ඔහුගේ බිරිඳ වන ෂෙරීන් කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුනේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි…. මේ සම්බන්ධයෙන් NoizeTV කණ්ඩායම කල සොයාබැලීමකදී ෂෙරීන්…

Read More

රැල්ලට ගිය අය සරාගේ වාඩිය වනසති – නාඩගම්කාරයෝ රූගත කිරීම්වලට බාධා!

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය රූගත කරන ගම් ප්‍රදේශයට පැමිණ එම පරිසරය අපවිත‍්‍ර නොකරන ලෙස පේක්ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව නාඩගම් කාරයෝ නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පි සජිත අනුත්තර ඉල්ලා සිටි. විශාල වශයෙන් පේ‍්‍රක්‍ෂකයන් පැමිණ නාට්‍ය පසුතලයන්ට හානි කිරීම නාට්‍යට හානියක් මෙන්ම පරිසරය අපවිත‍්‍ර කිරීම එම ගම්වාසීන්ටද අපහසුතාවක් බවත් ඔහු පවසයි. පරිසරයට කිසිදු හානියක් නොකරන ලෙසත් නාට්‍යයේ කටයුතුවලට අවහිරයක් නොකරන ලෙසත් ඔහු සිය සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඉල්ලා ඇත. නාඩගම කාරයෝ ටෙලි නාට්‍ය මෙරට ජනප්‍රිය වීමත් සමගම එය රූගත කරන ගම් ප්‍රදේශය නැරඹීම සඳහා මෙරට තරුණ තරුණියන් විශාල වශයෙන් සංචාරණය…

Read More