ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීමට SMS හා අන්තර්ජාලයෙන් වෙලාවක් වෙන්කරගැනීමේ පහසුකම්!

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා  දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට  මාර්ගගත හා කෙටි පණිවුඩ SMS මගින් සිදුකල හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එන්නත් ලබාදීම මේවනවිට ආරම්භ කර තිබේ. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නා තුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය  අවධාරණය කරයි. ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අය සදහා දෙවන මාත්‍රාව විධිමත් ලෙස ලබා දීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම තම අරමුණ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසයි. මේ…

Read More

කොරෝනාද කියලා දැන් ෆෝන් එකෙන්ම බලාගන්න!

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමක් කිරීමේ අරමුණීන් ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් හදුන්වා දී ඇති අතර, එය සෙල්ෆ් ෂීල්ඩ් (Self Shield) “කොවිඩ් 19 ට එරෙහි ස්මාර්ට් පලිහ” යනුවෙන් හදුන්වනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. මෙම ජංගම දුරකථන යෙදුම භාවිතයෙන් පරිශීලකයන්ට COVID-19 ට අදාළව තම සෞඛ්‍ය තත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර, පමා නොවී හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උපකාරී වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. විනාඩි කිහිපයකින් තමන්ගේ සෞඛ්‍යය…

Read More

ලෝක සෞඛ්‍ය ලොක්කා ලංකාව ගැන තියපු සතුටුදායක පණිවුඩය!

සැප්තැම්බර් ඉලක්කයට පෙර ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබාදිමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇති මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාගේ උත්සාහයට ස්තුතිවන්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

මාස 07ක් තුළ දී කොටස් ‌වෙළෙඳපොළේ සියයට 20 ක වර්ධනයක්!

2021 මුල් මාස 07 තුළ කොළඹ කොටස් ‌වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය, වසර ආරම්භයට සාපේක්ෂව 19.87% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම ඒකක 6,774.22 ක් ලෙසින් දැක්වුණු අතර ඒය පසුගිය ජූලි 30 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 8,120.48 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ තවත් ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 2021 වසරේ මුල් මාස 07 තුළ 16.07% ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් වී තිබීම ද විශේෂත්වයකි. 2021 වසර ආරම්භයේ දී ඒකක 2,638.10 ක්…

Read More