අයි.ඩී.එච් රෝහලෙන් සුභ ආරංචියක්!

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය. රෝහලට ඇතුළත් කෙරුණු රෝගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය. එසේම කොවිඩ් මරණ සංඛ්‍යාවද පහත බැස ඇතැයි පැවසූ අත්තනායක මහතා ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද 30ත් 40ත් දක්වා පහත බැස ඇතැයි පැවසුවේය. ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව මෙයට පෙර පැවතුණේ 70ක් වශයෙනැයිද අධ්‍යක්ෂවරයා කීවේය. මේ අතර රෝහලේ සියලුම වාට්ටුවලට ප්‍රමාණවත් ඔක්සිජන් පහසුකම් සැපයීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹා…

Read More

වයස 12 ට වැඩි ආබාධ සහිත දරුවන්ට කොවිඩ් එන්නත 21 වැනිදා අරඹයි!

වයස 12 ට වැඩි විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබන 21 වැනිදා අරඹන බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම දරුවන්ට ලබාදීමට නියමිතව ඇත්තේ ෆයිසර් එන්නතය. මේ අනුව විවිධ සංකූලතාවලින් සහ සංජානනීය ආබාධවලින් පෙළෙන දරුවන්ට මෙලෙස එන්නත ලබා දෙනු ඇත . මේ අතර දරුවන්ට ලබාදීම සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන කමක් ලක්ෂ හතළිහක් ලබන ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයිද මහාචාර්ය ජයසුමන මහතා පැවසුවේය. පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා නිර්දේශ අදාළ විශේෂඥ කමිටුව විසින්…

Read More

කොරෝනා ජාන විශ්ලේෂණ පරීක්ෂණ තවත් විශ්ව විද්‍යාල තුනකට!

පේරාදෙණිය, රුහුණ ඇතුළු විශ්ව විද්‍යාල තවත් තුනක කොවිඩ් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. මේ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ දැනට සිදු කෙරෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේද ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු පුළුල්ව ගෙවීමට බලාපොරොත්තු වන බවත් හම්දානි මහතා පැවැසුවේය. සැර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීම වේගවත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙරට ව්‍යාප්තව ඇති ඩෙල්ටා ඇතුළු…

Read More

සිසුන් 200ට අඩු පාසල් ඔක්තෝබරයේදී ඇරේ!

සිසුන් දෙසීයකට අඩු පාසල්, අධ්‍යයන කටයුතු සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී විවෘත කිරීමට හැකි බවට, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති තාක්‍ෂණික කමිටුව විසින් නිර්දේශ ලබාදී ඇති බව වාර්තාවේ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය මඟින් පිහිටුවා ඇති තාක්‍ෂණික කමිටුව සිය නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලබාදීමට නියමිතව ඇත. සිසුන් 200කට අඩු පාසල් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ගම්බද ප්‍රදේශවල ඇති බැවින්, එම පාසල් සෞඛ්‍ය නිර්දේශවලට අනුව මුලින්ම අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…

Read More

මවුලවිවරුන් ඇතුළු පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසිපහකට සිතාසි!

කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත්  තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙදෙනකුට ලබන ඔක්තෝබර් 4 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද 13 සිතාසි නිකුත් කළේය. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුව සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍ර භාර දීම සඳහා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස…

Read More