NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අල්ලන්න පරීක්‍ෂණ!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාවේ දත්ත විශාල තොගයක් මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.  මෙම තොරතුරු මකා දැමීම මෙරට ක‍්‍රියාත්මක වන ඖෂධ මාෆියාවේ කුමන්ත‍්‍රණයක කොටසක් විය හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වනු ලැබ තිබේ.  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව කළමනාකරණය කරන්නේ එපික් ලංකා නමැති පරිගණක ආයතනයයි. මෙම දත්ත ගබඩාවට ප‍්‍රවේශවීමේ මුරපද එපික් ලංකා සමාගම සතුව ඇති අතර ඒවා මකා දැමීමේ හැකියාව ද එම සමාගමට ඇත.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දන්වා ඇති පරිදි දත්ත මකා…

Read More

ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ හෙට විරෝධතාවේ!

සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා හෙට (22 දා) දහවල් 12.00 ට දිවයිනේ සියලූ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෝ පැවසූහ. මෙම ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ ද මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද උන්වහන්සේ කීහ. නතර කරන ලද රුපියල් 7500 ක කොවිඞ් අවදානම් දීමනාව ලබාදීම, අග‍්‍රහාර රක්‍ෂණය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව විසඳීම, රෝහල් තුළ පවතින සේවක හිඟයට විසඳුමක් ලෙස නවක බඳවා ගැනීම් කඩිනම් කිරීම, දින 180 සම්පූර්ණ කළ සේවකයන් ස්ථිර කිරීම, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවය කරන දින 6…

Read More

අවුරුදු 3 -17 දරුවන්ට සිනෝෆාම් වෙතින් ආරක්ෂාව!

කොවිඩ් 19 වෙනුවෙන් චීනයේ සිනෝෆාම් සමූහය විසින් නිපදවූ සිනෝෆාම් එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබේ. මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ  පළවී ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතික්ශක්තියක් ඇති කරන බවයි. එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම සිනෝෆාම් එන්නත චීනයේ වැඩියෙන්ම භාවිත කරන එන්නත වෙයි. මේ වන විටත් අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කර තිබේ. සිනෝෆාම් එන්නත දරුවන් සඳහා භාවිත කිරීම පරීක්ෂා කිරීම වෙනුවෙන් පළම පරීක්ෂණයට දරුවන් 288ක් හා…

Read More

ජනපති, කුවේට් අගමැතිගෙන් කළ ඉල්ලීම!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ. දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපළ එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙහිදී සඳහන් කර තිබුණි.  ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘතකර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහවගොස්…

Read More

රට යළි ගොඩ ගන්න 2025 තෙක් ආයෝජන වැඩි කරයි!

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ශක්තිමත්ව නඟාසිටුවීමට මේ වසරේ පටන් වසර 2025 දක්වා රජය සිදු කරන ආයෝජන වියදම් වැඩිකිරීමට තීරණය කොට ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මින් ඉදිරියට සෑම වසරකම රාජ්‍ය ආයෝජන වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 06 දක්වා සාමාන්‍ය අගයක පවත්වාගෙන යෑමට මුදල් අමාත්‍යාංශය සූදානම් බවද ලේකම්වරයා කීය. බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැගීමට මුදල් අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග හා වැඩපිළිවෙළ කුමනාකාරයේ එකක් දැයි පැහැදිළි කරමින් ලේකම්වරයා මේ බව කියා සිටියේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදු වූ දේශීය…

Read More