”මෛත්‍රීගේ බළළා මල්ලෙන් එලියට පැන්නා” රොෂාන් රණසිංහ කියයි!

පොලොන්රුවේ පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඉදිකරන්නට සැලසුම් කර ඇති ඇවිදින මං තීරුව ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළක් බව තමන්ට ප්‍රකාශ කරන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවට ගොස් ඊට හාත්පසින් ම වෙනස් දෙයක් ප්‍රකාශ කරන බවත් එතුමාගේ මෙම දෙබිඩි ප්‍රතිපත්තිය තේරුම් ගැනීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. මහනුවරදී මාධ්‍ය හමුවේ සැප්. 20 පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසුවේය.        “පොලොන්නරුවේ සංවර්ධන සංරක්ෂණ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න උත්සහ කරන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ජාතිවාදී ගැටලුවක් ඇති කරන්න උත්සහ පිරිසයි. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන…

Read More

“රු 17,735 එන්නත 55,000 ට අරන්, රු 12 පෙත්ත 165 ට අරන්” දත්ත මකපු ඖෂධ මාෆියාවේ ඇත්ත එලියට! [VIDEO]

පසුගිය කාලයේ අධික මිලට ලබාගෙන තිබූ ඖෂධ 35ක ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.  ඔහු පැවසුවේ එසේ අධික මිලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන බවය. එම ඖෂධ මාෆියාව ට තිත තැබීම මගින් රුපියල් මිලියන 128ක් ඉතිරිකර ගැනීමට රජයට හැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ “හදිසි මිලදී ගැනීම්” යනුවෙන් සඳහන් කර සමහර ඖෂධ අධික මිල ගණන් යටතේ පසුගිය රජය යටතේ මිලදී ගෙන ඇති බවය. හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදයෙන් මිදී, සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ ඖෂධ මිලදී ගැනීමෙන්…

Read More

“කොවිඩ් එන්නත් මිලදී ගැනීම නවතයි” තුන්වන මාත්‍රාවකට යොමුවෙයි!

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මෙම එන්නත තොග සදහා අත්තිකාරම් මුදල් ගෙවා අවසන් බවය. ලෝක බැංකුව මගින් මෙම එන්නත් සඳහා අවශ්‍ය සියලු ම මුදල් ඔක්තෝබර් 1 වන දා වන විට ගෙවන බව ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඒ මහතා සඳහන්  කළේ, එන්නත්කරණය සහ වසංගත රෝග සම්බන්ධ විශේෂඥ කමිටුව මැයි මාසයේදී කළ ඉල්ලීමකට අනුව මෙය ඇණවුම් කර ඇති බවය.  කෙසේ වෙතත්, එම එන්නත්…

Read More

ජනපති අද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිය අමතයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අද (22) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව ඇ​ත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙන් නිව්යෝක් නුවරදී සමුළුව ඊයේ ආරම්භ විය. හෙට පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වැනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අදහස් දැක්වීමට නියමිතව ඇත.

Read More

ජිනිවා කොමිසම රටවල් පාලනය කිරිමට පිහිටුවාගත් සංවිධානයක්!

ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි. මේ පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංසදයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ. යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රටට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීමේ දී ජාත්‍යන්තර විශේෂඥ වාර්තා පසුගිය කාලය තුළ ප්‍ර යෝජනයට නොගැනීම සම්බන්ධයෙන් ද ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිලි කළා.

Read More