“සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවයි” දුම්රිය, බස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි!

රට තුළ පවතින ලොක්ඩවුන් සීමා ඔක්තොබර් මස පළවැනිදා ඉවත්කිරීමෙන් අනතුරුව සියලු ම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළයුතු වේ. ඒ අනුව රාජ්‍ය සේවකයන් කැඳවීමට අදාළ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී මේ පිළිබඳ තීරණ ගෙන තිබේ. එම තීරණ අනුව ලබන මාර්තු මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට ආයතනවලට කැඳවීමට තීරණය කර ඇති බව…

Read More

ශ්‍රී ලංකාව එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට!

කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව our world in data වෙබ් අඩවිය සඳහන් කරනවා. එම වෙබ් අඩවියේ ප්‍රධානි එඩ්වඩ් මැතිව් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව 5.4ක ප්‍රතිශතයක් වාර්තා කර ඇති බවයි.

Read More

ඩොලර්වලින් බදු ගෙව්වොත් වාහන ගෙන්වන්න අවසර!

මෙරට රේගුවට ගෙවිය යුතු බදු මුදල් එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීමට එකඟවන පුද්ගලයන්ට වාහන ආයනයනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි. මෙම කොන්දේසියට යටත්ව මෙරටට වාහන ආනයනය කිරීම සඳහා සැලකිය යුතු කාලයක සිට විවිධ පාර්ශ්ව වෙතින් ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයිද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදයට අනුව විදේශිකයන් වාහනයක් මිලදී ගත හැකිවන්නේ විදේශගතව සිටින පුද්ගලයකුට පමණි. එවැනි පුද්ගලයකු මිලට ගන්නා වාහනයක් මෙරටට ගෙන්වීමේදී එය රේගුවෙන් නිදහස් කරගන්නා පුද්ගලයාද එක්සත් ජනපද ඩොලර්වලින් රේගු බදු ගෙවිය යුතුය. මෙම යෝජනාව මේ වසරේ දෙසැම්බර්…

Read More

රට විවෘත කිරීම ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්!

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ, රට විවෘත කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරි දින දෙක තුළ අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවය. ශ්‍රි ලංකා යුද හමුදාවේ 72වන සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රි දළදා මාළිඟයේ පැවැති ධජ පුජා වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ…

Read More

යාළුවාගේ බිරියට නිල් දසුනක් යැවූ පො.කොගේ වැඩ තහනම්!

මිතුරු පොලිස් කොස්තාපල්වරයාගේ බිරියගේ ජංගම දුරකතනයට වැට්ස්ඇප් හරහා අසැබි දසුනක් යැවූ බව කියන අධිවේගි මාර්ගයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් උසස් නිලධාරයෙක් පැවැසීය. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මර්ග සංචාරක කොට්ඨාසයට අනුබද්ධ බද්දේගම අන්තර් හුවමාරුවේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකි. කොස්තාපල්ගේ බිරිය තම සැමියාට මේ සම්බන්ධයෙන් දැනුම් දිමෙන් පසු ඔහු කළ පැමිණිල්ලක් කර ඇත. ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ රාජකාරී කරන සහකාර පොලිස් අධිකාරිවරයකු මේ සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව වැඩ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදා ඇත.

Read More